News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ගජබාහු නෞකාව රතු මුහුදේ ක්‍රියාත්මක වූ එක්සත් ජනපදය ප්‍රමුඛ ‘සෞභාග්‍යයේ ආරක්ෂකයා’ මෙහෙයුමේ කොටසක් වූ බව ශ්‍රී ලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා ප්‍රකාශ කළ බවට ‘නිව්ස් ෆස්ට්’ වාර්තා කරයි.

නඳුන් චින්තක නොහොත් 'හරක් කටා' යන සංවිධානාත්මක අපරාධකරු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් පැන යාමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ඉදිරි මැතිවරණවලදී සන්ධානගතවීම පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන චම්පික රණවක සහ අනුර ප්‍රියදර්ශන යන මහත්වරුන් පෙරේදා (05දා) රාත්‍රී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.

2022 වසරේදී තමන්ට මුහුණ දීමට සිදුවූ අභියෝග පිළිබඳව කරුණු දක්වමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රචිත ‘ජනපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” කෘතිය අද (07දා) නිල වශයෙන් එළිදැක්වීමට නියමිත බව වාර්තා වෙයි.

2022 වසරේ සේවක අර්ථ සාධක අරමුදලට 9%ක ප්‍රතිලාභ දෙද්දී මහ බැංකුව තමන්ගේ සේවකයන් සඳහා 29.27% ප්‍රතිලාභ ගෙවාගෙන ඇති බවත්, මහ බැංකු අධිපතිවරයා ලබාදුන් තොරතුරු අනුව 2022 වසරේ දී සේවක අර්ථ සාධක අරමුදල ආයෝජනය කර ලැබූ ආදායමෙන් සියලු වියදම් පියවා, රජයේ බදු ගෙවා, සේවක ප්‍රතිලාභය වූ 9% ගෙවා දැමූ පසු තවදුරටත් බිලියන 21ක් ඉතුරු වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය පහසුකමේ දෙවන වාරිකයට අදාළ සමාලෝචන කටයුතු අද (07) ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මහ බැංකුවේ නව වැටුප් වැඩිවීමට අනුව එහි කාර්යාල සහායකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ අසූඅට දහසක් දක්වා ඉහළ නංවා ඇති බව ඊයේ පාර්ලිමේන්තුවේදී අනාවරණ විය.

ජාතික ජන බලවේගය ඉදිරි මැතිවරණයෙන් රට භාරගත් පසුවද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන බව එම පක්ෂයේ ආර්ථික කවුන්සිලයේ සාමාජික මහාචාර්ය අනිල් ජයන්ත මහතා සඳහන් කරයි.

රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බවත්, ඒ අනුව ඉදිරියේ දී ජනතාවට තව තවත් සහන ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.