

එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඩේවිඩ් ලැමී සැප්තැම්බර් 24 වැනි දින එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රැස්වීමේදී දේශනයක් පවත්වමින් රුසියාව සහ එහි නයකයන් සම්බන්ධයෙන් දරුණු විවේචනයක් එල්ල කළේය. ඔහුගේ එම විවේචනයට සමාගාමීව ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් මහ කොමසාරිස් ඇන්ඩෘ පැට්‍රික් මහතා ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදේශ ලේකම්ගේ අදහස ස්ම්පූර්ණයෙන් අනුමත කර ඇත. ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ. එම නිවේදනය මගින් යටත් විජිත රාජ්‍යයක නියෝජිතයින්ට අන් රටවල රාජ්‍යන්ට සහ රාජ්‍ය නායකයන්ට නින්දා කිරීමට සදාචාරාත්මක අයිතියක් නැති බව අවධාරණය කර තිබේ. එලෙසම එක්සත් රාජධානිය සිය ධනය ගොඩනඟා ගෙන ඇත්තේ තුන්වන ලෝකයේ රටවල් කොල්ලකෑම මගින් බව පවසන අතර එම ධනය හිමි ශ්‍රී ලංකාව හෝ ඉන්දියාව වැනි නීත්‍යානුකූල අයිතිකරුවන්ට එය නැවත ලබා දිය යුතු මොහොත දැන් පැමිණ තිබෙන බවද අවධාරණය කර තිබේ.
ප්‍රධාන පුවත්
ජනපති අනුරගේ ලිපියට ඇමරිකාවේ ප්‍රතිචාරය මෙන්න..
යුක්රේන හමුදා රුසියානු සිවිල් ජනයා ඉලක්ක කර රසායනික අවි ප්‍රහාර එල්ල කළ අවස්ථා 400ක සාක්ෂි අනාවරණය වේ
මාලිමාව ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා පකිස්තාන ඉන්දීය ගැටුමට ලංකාව මැදිහත් වීමේ අවදානමක්..
තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දෙවන දිනය අද..
රට වෙනස් කරන්නට පැමිණි ආණ්ඩුව JR යුගයටත් පෙර පැවති නරක තැනකට... පක්ෂයේ කාඩර්වරුන්ට රැකියා දෙන්න අමුතු වැඩක් - රවි කුමුදේශ්
කාශ්මීරයේ සංචාරකයින්ට එල්ල වූ ප්‍රහාරයෙන් පසු ඉන්දියාව ඉහළම පාකිස්තාන රාජ්‍ය තාන්ත්‍රිකයා කැඳවයි
එක්සත් ජනපදය පැනවූ අන්‍යෝන්‍ය තීරුබදු සංශෝධනය කිරීමට කරන සාකච්ඡා සම්බන්ධයෙන් අනුර කුමාරගේ ආණ්ඩුව බොරු කියනවාද? රනිල් ප්‍රශ්න කරයි
යුරෝප සංගමය තාක්ෂණික පරීක්ෂණ මත පිහිටා ඇපල් සහ මෙටා සමාගම් වලට දඩ නියම කරයි.
ඩෑන් ප්‍රියසාද් ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි
දළදා ප්‍රදර්ශනයට සහභාගි වීමට යොදවා තිබූ විශේෂ දුම්රිය සේවය අවලංගු කළා - දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි
