"දේශපාලන නෂ්ටකාමය තියෙන අයට නිවැරදි තීන්දු ගන්න බැහැ" - වෛද්‍ය වසන්ත බණ්ඩාර
දේශපාලන වශයෙන් බෙලහීනතාවයෙන් පෙළෙන, නිසි දැක්මක් හෝ ස්ථාවරත්වයක් නොමැති නායකයින්ට රටක් වෙනුවෙන් නිවැරදි සහ තීරණාත්මක තීන්දු තීරණ ගත නොහැකි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
යූටියුබ් නාලිකාවක් සමඟ පැවැත්වූ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ වත්මන් දේශපාලන ක්ෂේත්‍රය තුළ දැකිය හැකි ඇතැම් පාර්ශවයන්ගේ ක්‍රියාකලාපයන් සහ තීන්දු තීරණ දෙස බැලීමේදී ඔවුන් සතු දේශපාලන වගකීම් විරහිතභාවය මැනවින් පැහැදිලි වන බවයි. රටේ ජාතික ආරක්ෂාව, ආර්ථිකය සහ ස්වෛරීභාවය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී පෞද්ගලික හෝ පටු දේශපාලන වාසි තකා කටයුතු කිරීමෙන් රට තවදුරටත් අගාධයකට ඇද වැටෙන බවද ඔහු පෙන්වා දුන්නේය.
සත්‍යවාදී දේශපාලන සංවාදයන් රට තුළ ගොඩනැඟීමේ වැදගත්කම පෙන්වා දුන් ඒ මහතා, නාට්‍යමය ස්වරූපයෙන් සිදුකරන දේශපාලන ප්‍රකාශයන්ගෙන් ඔබ්බට ගොස් කරුණු සහ නිවැරදි දැක්ම මත පදනම්ව තීන්දු ගත හැකි නායකත්වයක අවශ්‍යතාවය වත්මන් සමාජයට දැඩිව පවතින බවද ප්‍රකාශ කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර