ක්‍රිප්ටෝ ප්‍රවර්ධනයට උඩගෙඩි දුන් ට්‍රම්ප් තමන්ගේ ඔහුගේ පෞද්ගලික ධනය සාම්ප්‍රදායික කොටස්වල ආයෝජනය කරලා.. - රොයිටර් අනාවරණය කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ප්‍රසිද්ධියේ ඩිජිටල් වත්කම් (Cryptocurrency) ප්‍රවර්ධනය කළ ද, ඔහුගේ පෞද්ගලික ධන කළමනාකරුවන් විසින් එමඟින් උපයන ලාභ විශාල වශයෙන් වඩාත් සුරක්ෂිත සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කරවල ආයෝජනය කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
නවතම නිල මූල්‍ය අනාවරණ දත්ත විශ්ලේෂණයකට අනුව හෙළි වී ඇත්තේ, පසුගිය වසරේදී ‘World Liberty Financial’ සහ ‘Trump meme coin’ වැනි පවුලේ ක්‍රිප්ටෝ ව්‍යාපෘති හරහා ට්‍රම්ප් ඇමරිකානු ඩොලර් බිලියන 1.4කට අධික ආදායමක් උපයා ඇති බවයි. මෙම ක්‍රිප්ටෝ ආදායම් ගලා ඒමත් සමඟ, 2024 වසරේ අගභාගයේ පැවති ඔහුගේ සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කර කළඹ (Portfolio) 2025 වසරේ අග වන විට සිව්ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.
ට්‍රම්ප් සහ ඔහුගේ පුතුන් වන එරික් ට්‍රම්ප් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් විසින් බිට්කොයින් වැනි ඩිජිටල් වත්කම්වල අනාගතය ඉතා ඉහළ අගයක් ගනු ඇති බව පවසමින් මහජනතාව ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කළ ද, 2026 අප්‍රේල් වන විට මීට ආයෝජනය කළ සාමාන්‍ය සිල්ලර ආයෝජකයින්ට (Retail investors) ඩොලර් බිලියන 2.3ක අතිදැවැන්ත පාඩුවකට මුහුණ දීමට සිදුවූ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් හාවඩ් විශ්වවිද්‍යාලයේ දත්ත ප්‍රතිපත්ති ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ තිමොති මැසාඩ් පෙන්වා දෙන්නේ, ට්‍රම්ප් දේශපාලනිකව ඇමරිකාව ක්‍රිප්ටෝ අගනගරය කරන බව පැවසුවත්, පෞද්ගලිකව ක්‍රිප්ටෝ හරහා කඩිනම් ලාභ ලබාගෙන (quick buck) තම ස්ථාවර ධනය සුරක්ෂිත කරගැනීමට සාම්ප්‍රදායික මූල්‍ය ක්ෂේත්‍රය භාවිතා කර ඇති බවයි.
කෙසේ වුවත්, ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ වත්කම් ස්වාධීන තෙවන පාර්ශවීය මූල්‍ය ආයතන විසින් මෙහෙයවනු ලබන පූර්ණ අභිමත ගිණුම් (Fully discretionary accounts) හරහා පාලනය වන බැවින් ඔහු ඊට සෘජුව මැදිහත් නොවන බවයි. එමෙන්ම ට්‍රම්ප් සංවිධානය (Trump Org) ද ප්‍රකාශ කර ඇත්තේ තම සමාගම සතුව ඉතා ස්ථාවර මූල්‍ය තත්ත්වයක් සහ ශක්තිමත් වත්කම් පවතින බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..