ක්‍රිප්ටෝ ප්‍රවර්ධනයට උඩගෙඩි දුන් ට්‍රම්ප් තමන්ගේ ඔහුගේ පෞද්ගලික ධනය සාම්ප්‍රදායික කොටස්වල ආයෝජනය කරලා.. - රොයිටර් අනාවරණය කරයි
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ප්‍රසිද්ධියේ ඩිජිටල් වත්කම් (Cryptocurrency) ප්‍රවර්ධනය කළ ද, ඔහුගේ පෞද්ගලික ධන කළමනාකරුවන් විසින් එමඟින් උපයන ලාභ විශාල වශයෙන් වඩාත් සුරක්ෂිත සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කරවල ආයෝජනය කර ඇති බව රොයිටර් පුවත් සේවය පවසයි.
නවතම නිල මූල්‍ය අනාවරණ දත්ත විශ්ලේෂණයකට අනුව හෙළි වී ඇත්තේ, පසුගිය වසරේදී ‘World Liberty Financial’ සහ ‘Trump meme coin’ වැනි පවුලේ ක්‍රිප්ටෝ ව්‍යාපෘති හරහා ට්‍රම්ප් ඇමරිකානු ඩොලර් බිලියන 1.4කට අධික ආදායමක් උපයා ඇති බවයි. මෙම ක්‍රිප්ටෝ ආදායම් ගලා ඒමත් සමඟ, 2024 වසරේ අගභාගයේ පැවති ඔහුගේ සාම්ප්‍රදායික කොටස් සහ බැඳුම්කර කළඹ (Portfolio) 2025 වසරේ අග වන විට සිව්ගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ.
ට්‍රම්ප් සහ ඔහුගේ පුතුන් වන එරික් ට්‍රම්ප් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර් විසින් බිට්කොයින් වැනි ඩිජිටල් වත්කම්වල අනාගතය ඉතා ඉහළ අගයක් ගනු ඇති බව පවසමින් මහජනතාව ආකර්ෂණය කර ගැනීමට උත්සාහ කළ ද, 2026 අප්‍රේල් වන විට මීට ආයෝජනය කළ සාමාන්‍ය සිල්ලර ආයෝජකයින්ට (Retail investors) ඩොලර් බිලියන 2.3ක අතිදැවැන්ත පාඩුවකට මුහුණ දීමට සිදුවූ බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් හාවඩ් විශ්වවිද්‍යාලයේ දත්ත ප්‍රතිපත්ති ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ තිමොති මැසාඩ් පෙන්වා දෙන්නේ, ට්‍රම්ප් දේශපාලනිකව ඇමරිකාව ක්‍රිප්ටෝ අගනගරය කරන බව පැවසුවත්, පෞද්ගලිකව ක්‍රිප්ටෝ හරහා කඩිනම් ලාභ ලබාගෙන (quick buck) තම ස්ථාවර ධනය සුරක්ෂිත කරගැනීමට සාම්ප්‍රදායික මූල්‍ය ක්ෂේත්‍රය භාවිතා කර ඇති බවයි.
කෙසේ වුවත්, ධවල මන්දිරය ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපතිවරයාගේ වත්කම් ස්වාධීන තෙවන පාර්ශවීය මූල්‍ය ආයතන විසින් මෙහෙයවනු ලබන පූර්ණ අභිමත ගිණුම් (Fully discretionary accounts) හරහා පාලනය වන බැවින් ඔහු ඊට සෘජුව මැදිහත් නොවන බවයි. එමෙන්ම ට්‍රම්ප් සංවිධානය (Trump Org) ද ප්‍රකාශ කර ඇත්තේ තම සමාගම සතුව ඉතා ස්ථාවර මූල්‍ය තත්ත්වයක් සහ ශක්තිමත් වත්කම් පවතින බවයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන තෙල් නැව්වලට සහන දීම ගැන ශ්රී ලංකාව අර්බුදයක.. අවසන් තීරණයක් ගෙන නැති බව TIMES OF INDIA වාර්තා කරයි..
නව ත්රස්ත පනතෙන් මානව හිමිකම් දැඩි ලෙස උල්ලංඝනය වීමේ අවදානමක්.. - ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්
පොලිස්පතිවරයා අධිකරණයට අපහාස කළ බව ප්‍රකාශ කරමින් ගම්පහ මහේස්ත්‍රාත්වරයා අදාළ ලිපිගොනු අභියාචනාධිකරණයට ඉදිරිපත් කරයි..
ශ්රී ලංකන් ගුවන් සේවයේ පද්ධතිවලට අනවසරයෙන් රිංගූ හැකර්ලා ඩොලර් 50,000ක කප්පමක් ඉල්ලලා.. - දයාසිරිගෙන් හෙළිදරව්වක්..
ප්රංශය ඇතුළු යුරෝපා රටවල උග්රවන ආර්ථික අර්බුදය සහ ජනතා විරෝධය ගැන ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
බුද්ධ ශාසන ඇමති අනුරාධපුර පූජා නගරය පිළිබඳ අර්ධ සත්යය මගින් විනාශකාරී මහා සත්යය සඟවනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා
භික්ෂූන් වහන්සේලා පාගමන පැවැත්වූවේ ආණ්ඩුව පෙරළන්න නෙවෙයි.. බුදු දහම, බුද්ධ චීවරය සහ මෙරට ඓතිහාසික වටිනාකම රැකගැනීම වෙනුවෙන්.. - මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි
"විධායකයට විශාල බලයක් ලබාදීලා.. මහෙස්ත්රාත්වරයා රබර් මුද්රාවක් වෙලා": ත්රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනතට ශ්රේෂ්ඨාධිකරණයේදී පෙත්සම්කාර පාර්ශ්වයෙන් දැඩි විරෝධතා
අනුරාධපුර බුලන්කුලම වැව් රක්ෂිතයෙන් අක්කර 200ක් නිලධාරීන් අතර බෙදාදීමේ ක්‍රියාවලිය ප්‍රශ්න කරමින් දේශහිතෛෂී ජාතික ව්යාපාරයෙන් කෘෂිකර්ම ඇමති ලාල් කාන්තට ලිපියක්
ඉරානය නව වෙළෙඳ මාර්ගයේ ප්‍රධාන දුම්රිය සම්බන්ධතාවක් සම්පූර්ණ කරයි (වීඩියෝ)
කියුබාවේ හිටපු ජනාධිපති රාවුල් කස්ත්රෝ අත්අඩංගුවට ගැනීමට ඇමෙරිකානු ප්රාන්තයකින් වරෙන්තුවක්
ඇමරිකානු ජනපති ට්‍රම්ප් සහ රුසියානු ජනපති පුටින් අතර පැවති විනාඩි 90ක රහස් කතාබහේ ඇතුළාන්තය.. - ශ්රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම්ගෙන් විශේෂ අනාවරණයක්..
මහ සඟරුවනට නින්දා අපහාස කරන නිරාගමික යූටියුබ් කරුවන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක්..
මුහුද යට කේබල් සහ AI මධ්යස්ථාන ඉලක්ක කර ගනිමින් ඉරානයෙන් දැවැන්ත යුද සූදානමක්!..
ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා ආණ්ඩුව රටට දෙන පණිවිඩය ගැන ප්රවීන මාධ්‍යවේදී ධර්මශ්රී ගෙන් අනාවරණයක්..
බෝධිසත්ව ගුණ නොමැති පුද්ගලයන් රජ නොවිය යුතුයි.. රජකම ලැබෙන්නේ චීවරය රකින්නයි..- අස්ගිරියෙන් ප්‍රකාශයක්..