සිගරැට් බදු කැපීමෙන් රජයට කෝටි 920 කට වැඩි බදු ආදායමක් අහිමි වෙයි
සිගරැට් බදු කපා හැරීම හේතුවෙන් මෙම වසරේ පළමු දින 195 තුළදී පමණක් රුපියල් කෝටි 920 කට වැඩි බදු ආදායමක් රජයට අහිමි වී ඇති බව වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කර සිටියි.
එමෙන්ම, සිගරැට් බද්ද සියයට 67 දක්වා පහළ වැටුණු දින සිට මේ දක්වා කාලය තුළ රජයට අහිමි වී ඇති මුළු බදු ආදායම රුපියල් කෝටි 2,646 කට වඩා වැඩි බවද එම ආයතනය පෙන්වා දෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිර්දේශයන්ට අනුව සිගරට්ටුවක සිල්ලර මිලෙන් සියයට 75 ක ප්‍රතිශතයක් බදු ලෙස පැවතිය යුතුය.
ශ්‍රී ලංකාව මෙම නිර්ණායකයට ආසන්නයටම පැමිණ ඇත්තේ 2018 වසරේදී වන අතර, එහිදී බදු ප්‍රතිශතය සියයට 74 ක් ලෙස පැවතුණි. කෙසේ වෙතත්, 2025 වසරේ සිට සිගරැට් බදු ප්‍රතිශතය සියයට 67 දක්වා පහළ බැස ඇති අතර, මෙම ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශයන් අනුගමනය නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවට විශාල බදු ආදායමක් අහිමි වෙමින් පවතියි.
වෙරිටේ රිසර්ච් ආයතනයේ ගණනය කිරීම්වලට අනුව, මෙම බදු ප්‍රතිපත්තිය හේතුවෙන් ශ්‍රී ලංකාව සෑම තත්පරයකදීම රුපියල් 547 ක බදු මුදලක් සහ සෑම විනාඩියකදීම රුපියල් 32,842 ක බදු මුදලක් අහිමි කරගනියි.
ඒ අනුව රජයට මසකදී අහිමි වන බදු මුදල රුපියල් කෝටි 140 කි. මෙලෙස දිගින් දිගටම අහිමි වන විශාල බදු මුදල නැවත ලබා ගැනීම සඳහා රජය වහාම ක්‍රියාත්මක වන පරිදි බදු සංශෝධනයක් සිදු කළ යුතු බව එම ආයතනය වැඩිදුරටත් අවධාරණය කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
22 අනිවාර්යයෙන්ම සම්මත කරනවා.. - ජනපති කියයි
ඉන්දීය ආරක්ෂක ඇමති අනිද්දා දිවයිනට..
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර