News Category
From Date
To Date
Maximum Number of Result

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද් රුසියාවේ සරණාගතභාවය ලබා ඇති අතර ඔහුගේ පවුලේ අය සමඟ මොස්කව් වෙත පැමිණ ඇති බව රුසියානු පුවත් ඒජන්සි RIA Novosti සහ TASS ඊයේ(08) වාර්තා කළේය. 24 වසරක අසාද්ගේ පාලනය අවසන් කරමින් සිරියානු සටන්කාමීන් දමස්කස්හි පාලනය අත්පත් කර ගැනීමත් සමඟ අසාද් මෙලෙස සිරියාවෙන් පලා ගොස් තිබේ.

මෙරට ලුණු නිෂ්පාදනය අඩු වීම සම්බන්ධයෙන් සොයාබැලීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ පසුගිය වසරේ සහ මේ වසරේ මෙරට ලුණු නිෂ්පාදනය අඩු වී ඇති බවට ලුණු නිෂ්පාදන සමාගම් විසින් වාර්තාවක් ලබාදී ඇති බවය. ඒ සම්බන්ධයෙන් වහාම සොයාබලා ඊට පිළියම් යෙදීමට පියවර ගන්නා බව වෙළෙඳ අමාත්‍යංශය සඳහන් කළේය. පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මෙරට ලුණු නිෂ්පාදනය පසුගිය වසරේ සහ මේ වසරේ සියයට 40කින් පමණ පහළ ගොස් ඇති බව වාර්තා වෙයි. ඒ අනුව මේ වනවිට රටතුළ නිෂ්පාදනයේ අඩු වීමක් පවතින අතර ඊට පිළියමක් ලෙස ලුණු ආනයනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ලුණු සමාගම් අමාත්‍යංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

පොළොන්නරුව ප්‍රදේශයේ සහල් මෝල් අද (08) දිනයේ විශේෂ පරික්ෂාවට ලක්කරන බව පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ සහල් මෝල්වල දෛනිකව නිෂ්පාදනය කරන සහල් ප්‍රමාණය, දැනට පවතින තොග ප්‍රමාණය සහ වෙළෙදපොළට නිකුත් කරන සහල් ප්‍රමාණය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාගැනීම මෙහිදී සිදුකරන බවය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි සියලුම සහල් මෝල්වල තොරතුරු ලබාගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සදහන් කළේය. ඊයේ (07) දිනයේදී සහල් මෝල් හිමියන් සහ ජනපති අතර පැවැති සාකච්ඡාවකදි ජනාධිපතිවරයා පැවසුවේ අද දිනයේ සිට සියලුම සහල් මෝල් සඳහා පාරිභෝගික කටයුකු අධිකාරියේ නිලධාරීන් යොදවන බවය.

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දුන්නේය.

පසුගිය රජය විසින් අල්ලස් වශයෙන් මත්පැන් බලපත් නිකුත් කර ඇති බවට පලවන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිට්පු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ අදාල බලපත් කිසිවක් හොර රහසේ ලබා දුන් ඒවා නොවන බවත් එම ලයිස්තුව තමාට ලබා දීමට හැකියාව තිබූ බවයි.

විදුලි සේවක සංගමය විසින් ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් අවධාරණය කර ඇත්තේ එම සේවක සංගමය දෙසැම්බර් මස 10 වන දිනට පෙර නත්තල් ප්‍රසාද දීමනා ලබා දීමට කටයුතු කළ යුතු බව මීට පෙර දැනුම් දී ඇති බවයි.

දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර ලේකම් ඩොනල්ඩ් ලූ ප්‍රමුඛ නියෝජිත පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී තිබේ. මෙම නියෝජිත පිරිසට භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් රොබට් කප්‍රෝත් සහ ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනී ජුලී චුන්ග් ද ඇතුළත් වුහ. ශ්‍රී ලංකාව දැනට මුහුණදී සිටින සමාජ, ආර්ථික සහ දේශපාලනික ගැටලු රාශියක් මෙම සාකච්ඡාවට ඇතුළත් විය. ඩොනල්ඩ් ලූගේ මාණ්ඩලික ප්‍රධානී වර්සා පර්කින්ස්, ආසියානු කලාපයේ නියෝජ්‍ය සහකාර පරිපාලක අංජලී කෞර්, USAID ශ්‍රී ලංකා දූත මණ්ඩල අධ්‍යක්ෂ නස්රීන් මරිකාර්, එක්සත් ජනපද තානාපති කාර්යාලයේ දේශපාලන විශේෂඥ Gabriel Grau සහ දකුණු ආසියාවේ භාණ්ඩාගාර අධ්‍යක්ෂ ජෙරොඩ් මේසන් ඇතුළු USAID හි නියෝජිතයන් මෙම රැස්වීමට තවදුරටත් සහභාගී වී තිබේ. සමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රමුඛ පෙළේ මන්ත්‍රීවරුන් වන කබීර් හෂීම්, රිෂාඩ් බදියුදීන්, පලනි දිගම්බරම්, අජිත් පී පෙරේරා, මුජිබර් රහුමාන්, කාවින්ද ජයවර්ධන, සහ එස්.එම්. මරික්කාර් ද මෙම සාකච්ඡාවට එක්ව තිබිණි.

අධික වැස්සෙන් හා ජල ගැල්මෙන් අලිමංකඩ, මන්නාරම හම්බන්තොට ප්‍රධාන ලේවායන්හි ලුණු නිෂ්පාදනයෙන් අඩකට වඩා හානි සිදුවී ඇති බවත් පුත්තලම ලේවායේ අස්වැන්න සියයට 80කට පමණ හානි සිදුවී ඇති බවත් පැවසේ.

පසුගියදා පාර්ලිමේන්තුව අමතමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා රත්න සහල් අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල සම්බන්ධයෙන් කළ ප්‍රකාශයකට ප‍්‍රතිචාර දක්වමින් තමන් සහල් සඟවා ගෙන ඇති බවට එල්ල කරන චෝදනා අසත්‍ය බව රත්න සහල් අධිපති ලංකේෂ්වරගේ මිත්‍රපාල මහතා පවසයි.


ප්‍රධාන පුවත්

සමාජ මාධ්‍ය හුළංගමුවගේ හුළං බස්සයි. ජනාධිපති උපදේශකම අභියෝගයට ලක් කරයි

පරිපාලන සේවයේ හෝ වෙනත් රජයේ තාක්ෂණික සේවාවක අත්දැකීම් නොමැති පුද්ගලයෙකු භාණ්ඩාගාර ලේකම් ධූරයට පත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීම සහ අදාළ පුද්ගලයා තමාගේ රස්සාව අතහැරීමට නොහැකි බව පවසමින් නව තනතුර ප්‍රතික්ෂේප කිරීම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය ජාලා අතර සංවාදයක් දැකගත හැක.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි

2019 පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ එක්සත් ජනපදයේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය (FBI) ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව පැහැදිලිව සඳහන් කර ඇත.

ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි

ආණ්ඩුව කාදිනල්තුමාට පොරොන්දු වූ ආකාරයට හා පාස්කු ඉරිදාට පෙර මහමොලකරු හෙළිදරව් කිරීමට නොහැකිවීම පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහසයි.

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.