

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ රුසියානු තානාපති ලෙවාන් එස් දගාරියන් මහතා ශ්‍රී ලංකාවේ නව රජය පිළිගන්නා බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විසින් ජනාධිපති දිසානායක වෙත රුසියාවේ නිල සංචාරයක් සඳහා කළ ආරාධනාය ජනාධිපති දිසානායක මහතා වෙත භාර දුන් බවත් පවසයි. ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සබඳතා මේ වන විට මූලික වශයෙන් මානුෂීය වන නමුත් තවත් බොහෝ සහයෝගීතාවන් සඳහා ඉඩකඩ පවතින බවද ඔහු ප්‍රකාශ කළේය. “රුසියාව සහයෝගීතාවයට සූදානම්. පන්දුව තිබෙන්නේ ශ්‍රී ලංකා පිටියේ” තානාපතිවරයා අවධාරණය කළේය.

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් රෙදි! මහජන චීන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කරන ලද පාසල් නිල ඇඳුම් රෙදි කොළඹ වරායේ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී (CICT ) අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත සංකේතාත්මකව භාරදීම සිදු විය. ඒ අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු ක්වයි සෙන්හොන්ග්( Qi Zhenhong) මහතාද සහභාගි විය.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්ට පැවරී ඇති බලතල ක්‍රියාත්මක නොකොට පුරාවිද්‍යා ස්මාරක හා රක්ෂිත ගැසට් කිරීම ප්‍රථම කැබිනට් මණ්ඩලයට යොමු කරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා 2023 .01 11 දින නිකුත් කර ඇති ලිපිය අවලංගු කිරීම සඳහාත් දැනට හඳුනාගෙන ඇති මූලික ගවේෂණ සිදුකොට ඇති පුරාවිද්‍යා ස්ථානයන් ස්මාරක හා රක්ෂිත ලෙස ගැසට් කිරීමට කඩිනමින් කටයුතු කිරීම සඳහා රීට් ආඥාවක් නිකුත් කරන මෙන් මෙම පෙත්සමෙන් (CA writ 86/2023) ඉලලා ඇති අතර මෙහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පිරිසක් නම් කොට ඇත.
ප්‍රධාන පුවත්
පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු සහරාන් හෂීම් බව FBI විශේෂ නියෝජිතයා තහවුරු කරයි
ඉස්ලාම් අන්තවාදයට උඩ ගෙඩි දෙන අය, අද කාදිනල් උන්නාන්සේට ‘උම්මා‘ දීම ගැන අප පුදුම වන්නේ නැහැ - ජාතික සංවිධාන කියයි
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ
පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)
ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...
සිරි දළදා වන්දනාව සිව්වන දිනටත් අද ඇරඹේ
මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
පාස්කු ඉරුදිනය අදයි
