‘අපිට අවශ්‍ය තීන්දු නොදුන්නාත් තමුනුයි පුතයි හිරේ තමයි’ කියා අගවිනිසුරුව බ්ලැක්මේල් කරලා.. - ප්‍රසාද් සිරිවර්ධනගෙන් බරපතළ අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අගවිනිසුරුවරයාගේ සේවා කාලය වසර දෙකකින් දීර්ඝ කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පිටුපස බරපතළ බ්ලැක්මේල් කිරීමක් පවතින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේය.
අගවිනිසුරුවරයාට සහ ඔහුගේ පුත්‍රයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා අවියක් කරගනිමින්, ආණ්ඩුවට අවශ්‍ය නඩු තීන්දු ලබාගැනීමට මෙලෙස පීඩනය එල්ල කරන බවත්, එමඟින් අධිකරණයේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙන බවත් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. අගවිනිසුරුවරයා මෙවැනි සේවා දිගුවක් ඉල්ලා නොමැති අතර විනිසුරුවරුන් 65 දෙනෙකු ද මෙයට අකමැත්ත පළ කර තිබියදී ආණ්ඩුව මෙය බලහත්කාරයෙන් සිදු කිරීමට සැරසෙන බව ද ඔහු වැඩිදුරටත් අනාවරණය කළේය.
මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන දැක්වූ අදහස්:
"වත්මන් අගවිනිසුරුවරයාට සහ ඔහුගේ පුත්‍රයාට එරෙහිව බරපතළ දූෂණ හා වංචා චෝදනා එල්ල වෙමින් තිබෙනවා. රජය සහ ජනාධිපතිවරයා මේ සූදානම් වන්නේ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මඟින් අගවිනිසුරුවරයාගේ සේවා කාලය තවත් වසර දෙකකින් දිගු කිරීමටයි. අගවිනිසුරුවරයාව තවත් වසර දෙකක් තනතුරේ රඳවාගෙන, 'අපිට අවශ්‍ය නඩු තීන්දු දුන්නේ නැත්නම් තමුන්ටයි, පුතාටයි හිරේ තමයි ඉන්න වෙන්නේ' කියමින් ඔහුව බිත්තියට හේත්තු කර බ්ලැක්මේල් කිරීමේ නින්දිත උත්සාහයක් මෙතන තිබෙන්නේ. තමන්ට අවශ්‍ය නඩු තීන්දු ලබාගෙන, තමන්ට ඕනෑ කරන කතාව රට තුළ ස්ථාපිත කිරීමට නීතිය අතට ගැනීමේ මෙම උත්සාහය නිසා අධිකරණයේ ස්වාධීනත්වය මුළුමනින්ම බිඳ වැටෙනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..
ආණ්ඩුවේ නායකයින් ගනුදෙනුකරුවන් සතුටු කිරීම සඳහා ඕනෑම දෙයක් කරන අසරණ වෛශ්‍යාවන් ලෙස කටයුතු කරනවා.. - ජාතික සංවිධානවලින් චෝදනා..
ලොවක් සුවපත් කරන කියුබාවේ වෛද්‍ය ජාත්‍යන්තරවාදය, අනතුරේ!
කළුතර ප්‍රා. සභාවේ පන්සිල්, ජාතික ගීය සහ රණවිරු සැමරුම් තහනම්.. - නියෝගය කොමසාරිස්ගෙන්..