හිටපු බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඇතුළු 18 කට ගල් අඟුරු කොමිසමෙන් නොතීසි..
හිටපු බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි ඇතුළු 18 දෙනෙකුට, 2009 වසරේ සිට ගල් අඟුරු ආනයනයේදී සිදු වූ බව කියන අක්‍රමිකතා පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් නොතීසි නිකුත් කර තිබේ.
ඊයේ (29) හිටපු අමාත්‍යවරයා ඇතුළු පිරිස කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි අතර එහිදී අදාළ කරුණු පෙන්වා දීමෙන් අනතුරුව මෙලෙස නොතීසි නිකුත් කරනු ලැබීය.
ඒ අනුව, හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි ඇතුළු 18 දෙනාට ලබන මස 09 වනදාට පෙර ඔවුන්ට එරෙහිව ඉදිරිපත්ව ඇති චෝදනා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අවස්ථාව හිමි වේ.
නීතිඥවරු මාර්ගයෙන් ඔවුන්ට කොමිෂම හමුවේ සාක්ෂි ගොනු කිරීමේ හැකියාව පවතින අතර, කොමිෂන් සභාව මගින් මේ දක්වා විමසන ලද සාක්ෂිවල සටහන් ද ලබා ගැනීමේ හැකියාව පවතී.
ගල් අඟුරු කොමිසමට ඊයේ මෙලෙස කැඳවනු ලැබූ පිරිස අතරට අමාත්‍යාංශ ලේකම්වරුන් හා නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරයේ ප්‍රධානීන් ඇතුළු පිරිසක් ද අයත්.
එමෙන්ම, ලක්විජය බලාගාරයේ ගණකාධිකාරවරයා ද ඊයේ මෙලෙස කැඳවා තිබිණි.
මෙම කොමිෂන් සභාවේ කාලය ලබන මස 16 වනදායින් අවසන් වීමට නියමිතයි.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මෙම කොමිසමේ සභාපතිත්වය දරණ අතර අභියාචනාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ සහ මහාධිකරණ විනිසුරු සංජීව සෝමරත්න එහි සෙසු සාමාජිකයින් වේ.
පසුගිය මාස කිහිපය පුරා හිටපු අමාත්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු 204 දෙනෙකු මෙම කොමිසම හමුවට කැඳවා ඇති අතර ප්‍රකාශ 370 ක් සටහන් කරගෙන ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..
ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි
2027 අයවැය නොවැම්බර් 12 දා..
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..
අනුරගේ රතු හැට්ටයට යටින් ඉන්නේ වෙනිසියුලාවේ ඇමෙරිකානු පදයට නැටූ ඩෙල්සිලා.. උතුරේ කොටි සැමරුම් හා සිංහල බෞද්ධ උරුමයට එල්ල වන තර්ජන හමුවේ විපක්ෂයේත් අශුද්ධ එකඟතාවක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඕස්ට්‍රේලියානු සමාගමක කොටස් හිමිකම සම්බන්ධ නඩුවෙන් උදය ගම්මන්පිල නිදොස් කොට නිදහස්..
කියුබාව ‘වැටෙනු ඇතැයි’ ට්‍රම්ප් පැවසීමෙන් පසු චීනයේ සහාය කියුබාවට!
ඇමරිකාවේ පනස් වසරක ධර්ම දූත මෙහෙවර ඇගයේ: "ධර්ම විකෘතිය යනු කුමක්ද?" - මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්ගෙන් විශේෂ දේශනයක්..
එක්සත් ජාතීන්ගේ අර්ථවත් ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාව සහාය දක්වනවා.. - ඇමති විජිත UN මහ සමුළුව අමතමින් කියයි
ආක්ටික් කලාපීය බලපෑම් හමුවේ ඇමෙරිකාව සහ යුරෝපා සංගමය අතර මතභේදාත්මක තත්ත්වයක් වර්ධනය වෙයි..
“අනුර නමින් ඩෙල්සි ඇවිත්?”.. - විමල්ගේ විශේෂ දේශනය ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වෙයි..