මාලිමාණ්ඩුව නිසා රටම සතුටින් කමින් බොමින් විනෝද වෙනවා.. දවසට මිලියන දෙකක් සත්තු වත්ත බලනවා.. තරුණ පිරිස් මිලියන ගණනින් පොත් අරගෙන යනවා.. – නි. ඇමති නලින්
ජාතික ජන බලවේග රජය යටතේ ජනතාව කමින් බොමින්, විනෝද ගමන් යමින් ඉතා නිදහසේ සහ සැනසිල්ලේ ජීවත් වන බව අධිවේගී මාර්ගවල ආදායම් වර්ධනය වීමෙන් පැහැදිලි වන බව නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ පවසයි.
පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ රජය භෞතික සංවර්ධනයට මෙන්ම ජනතාවගේ අධ්‍යාත්මික සංවර්ධනයටද එක හා සමානව අවධානය යොමු කර ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේද පැවසීය:
“අපේ රජය භෞතික සංවර්ධනයට දැවැන්ත ඉලක්කයක් තියලා ඒක හඹාගෙන යනවා වගේම මිනිස්සුන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය, අධ්‍යාත්මික ගුණ වගාවට ඒ හා සමානවම බරක් තියලා තමයි අද කටයුතු කරන්නේ. මම ඊයෙත් ඇත්තටම පැය හතරක් විතර හිටියේ BMICH එකේ පොත් ප්‍රදර්ශනයේ. කියන්නත් සතුටුයි, විශාල තරුණ පිරිසක් ඇවිල්ලා මිලියන ගණනින් පොත් අරගෙන යනවා.
මං හිතන්නෙ ඒක දැවැන්ත ප්‍රබෝධයක්. ඒ වගේම පහුගිය දවස්වල අපි දැක්කා මිනිස්සු, හයිවේ එකේ විතරක් දින හතරකට ආදායම තිබුණා කෝටි 30ක් විතර. මම දැක්කා සත්තු වත්තේ ලංකා ඉතිහාසයේ වාර්තාවක් තියලා තිබුණා, එක දවසට මිලියන දෙකයි දශම ගණනක ආදායමක්. ඒකෙන් සටහන් වෙන්නෙ මිනිස්සු කාලා බීලා වගේම ඇවිදලා කියලා ටිකක් නිදහසේ සැනසිල්ලේ ඉන්නවා. ඉතින් අපිට අවශ්‍ය ඒ වගේ මානවයෙක් නිර්මාණය කරන්න.”
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඉරාන නෞකා 19කට සැපයුම් දුන්නොත් සම්බාධක.. අමෙරිකාවෙන් ශ්‍රී ලංකාවට දන්වයි..
ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය තවමත් සුදුසු මට්ටමක නැහැ.. නායකයන්ගේ පරස්පර කතා නිසා ආයෝජකයන් දෙගිඩියාවෙන්.. – අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක්
ෆ්ලයි ඩුබායි ගුවන් යානයේ සිදුවීම වැරදුණ කුරුමානමක්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
SDIG රන්මල් ඇතුළු පොලිස් නිලධාරින් පිරිසකගේ ස්ථාන මාරුවීම් මහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොමිසමෙන් අවලංගු කරයි..
ගෝලීය AI තරගයේ බලතුලනය වෙනස් කිරීමට චීනයෙන් දැවැන්ත පියවරක්.. ජාත්‍යන්තර සහයෝගීතාව සහ ජාතික ආරක්ෂාව එකට ගෙන තීරණාත්මක උපායමාර්ගය එළිදක්වයි..
බ්‍රිතාන්‍යය නැවතත් යුරෝපා සංගමයට එක්වීමේ ඉඩක්.. – අග්‍රාමාත්‍ය ඇන්ඩි බර්න්හැම්ගෙන් පැහැදිලි සංඥාවක්..
"ආණ්ඩුවට 159ක බලයක් තියෙද්දී රාජ්‍ය බලය නෑ කියන්නේ විහිළුවක්" – වෛද්‍ය වසන්ත බණ්ඩාර
සුරේෂ් සලේ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් UN වෙතින් ශ්‍රී ලංකා රජයට දැඩි ප්‍රශ්නාවලියක්..
ශ්‍රී ලංකාවේ වෙළඳ හිඟය ඩොලර් බිලියන 6.5 පනී - 69%ක සීඝ්‍ර ඉහළ යාමක්!
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
සාර්ව ආර්ථික ස්ථාවරත්වය මත මීළඟ IMF වැඩසටහන තීරණය වේ
ට්‍රම්ප් තීරණයක් ගැනීමට නොහැකිව අර්බුදයකට හසුවෙලා-ඉරාන ශ්‍රේෂ්ඨ ජාතික ආරක්ෂක මණ්ඩලයේ ලේකම් මොහ්සෙන් රෙසායි
2027 අයවැය නොවැම්බර් 12 දා..
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ප්‍රංශය පුරා පැතිරෙන වැඩ වර්ජන හේතුවෙන් දෛනික කටයුතු අඩාල වෙයි
ඊශ්‍රායලයේ සහ ඇමෙරිකාවේ ක්‍රියාකලාපයට එරෙහිව ලෝකයේ ප්‍රබල විරෝධයක් ගොඩනැගෙමින් පවතිනවා.. - ජාත්‍යන්තර දේශපාලනය සහ එක්සත් ජාතීන්ගේ සැසිය ගැන උවිඳු විජේවීරගෙන් විශේෂ විග්‍රහයක්..