News Category
From Date
To Date
Maximum Number of Result

වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය ඇමති ජනිත කොඩිතුවක්කු මහතා පවසන්නේ රේගු පරීක්ෂාවකින් තොරව වරායෙන් පිටතට යැවූ බහාළුම්වල යම් කිසි නීති විරෝධී ද්‍රව්‍යයක් රට තුළට ගෙනවිත් තිබුණහොත් එහි වගකීම රජය බාරගන්නා බවයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ දින තුනේ ඉන්දීය සංචාරය සහ දින හතරේ චීන සංචාරය රටට යහපත් ද අයහපත් ද යන්න සංසන්ධනය කිරීමේ දී යම් යහපත් තත්වයක් පෙන්නුම් කරන බව ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩො මහතා පවසයි.

හිටපු අගමැතිනි ෂෙයික් හසීනාගේ පාලන සමයේදී බංග්ලාදේශ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙමින් පැවතියේ දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සහ අනෙකුත් ප්‍රධාන ආර්ථික දර්ශක සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ කරට කර තරඟ කරමිනි.

නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන්ට සහ ප්‍රතිපත්ති ප්‍රසම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම් සනත් කුමානායක මහතාගේ අත්සනින් යුතුව අමාත්‍යංශ ලේකම්වරුන් වෙත උපදෙස් මාලාවක් නිකුත් කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය යෝජනාවක් ගෙන එමින් පවසා සිටින්නේ ශ්‍රී ලංකාවේ විවාහවන වයස් සීමාව පොදු වයස් සීමාවකට ගෙන ආ යුතු බවයි.

නීති-රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත් රටක සම්ප්‍රදාය ඉතාම වැදගත් අංගයක් බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

හිටපු අමාත්‍ය අනුර ප්‍රියර්දශන යාපා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්‌තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා පැවසීය.

කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සිය අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් කර්මාන්ත සඳහා පොල් මද සහ පොල් කිරි ආනයනය කළ යුතු බවට ඉල්ලීමක් ලැබී ඇති බව අනාවරණය කළේය.

ඩොනල්ඩ් ට්‍රම්ප්, එක්සත් ජනපද සෙනෙට් සභික මාර්කෝ රුබියෝව ඔහුගේ රාජ්‍ය ලේකම් ධුරයට තෝරා ගනු ලැබීය. එමඟින්, ෆ්ලොරිඩාවේ උපන් මාර්කෝ රුබියෝ නම් දේශපාලනඥයා,තේරී පත් වූ රිපබ්ලිකන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු ඇමරිකාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා ලෙස සේවය කරන පළමු ලතින් ජාතිකයා බවට පත්වී තිබේ.


ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරය ගැන මුජිබර්ගෙන් ආන්දෝලනාත්මක අනාවරණයක් (වීඩියෝ)

පාස්කු ප්‍රහාරය සඳහා පැමිණි සහරාන් සහ ඉල්හාම් යන දෙදෙනා රැඳී සිටි කොළඹ ශැංග්‍රිලා හෝටලයේ කාමර අංක 616 පිළිබඳ තවමත් අනාවරණය

ලංකාවට පැමිණ ආයෝජන කරන්න... ජනාධිපති දෙමළ ඩයස්පෝරාවෙන් ඉල්ලයි...

1983 සිට මෙරට පැවති ජාතිවාදී කළබල හේතුවෙන් මෙරටින් පිටවගොස් සිටින දෙමළ ඩයස්පෝරාවේ මූල්‍යමය හැකියාවන් සහිත පිරිස් වෙතින් ජනාධිපතිවරයා ඉල්ලීමක් කරමින් පවසන්නේ මෙරටට පැමිණ සිය ආයෝජන සිදුකරන ලෙසයි.

මූලධර්ම පටලවා ගත් මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ගෙන් අමතර පිරිවැය අය කරගත යුතුයි - ජාතික සංවිධාන කියයි

පළාත් පාලන මැතිවරණයට අදාළව ආයතනවල තුනෙන් දෙකක නාම යෝජනා ප්‍රතික්ෂේපවීම සහ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම සඳහා ඡන්ද පත්‍රිකා නැවත මුද්‍රණය කිරීමට සිදුවීම ආදී අවුල් ජාලයට වගකිය යුත්තේ කවුද? ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්

ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්

ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.

GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි

යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.

පාස්කු ඉරුදිනය අදයි

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් සමරනු ලබන පාස්කු දිනය අදට (20) යෙදී තිබේ.

විශේෂ ආරක්‍ෂක අංග අංක තහඩුවෙන් ගැලවිලාලු - සේවකයෝ කියති

වාහන අංක තහඩු සැපයුම්කරුවෙක් තෝරාගැනීම සඳහා වර්තමාන ආණ්ඩුව කැඳවා ඇති නව ටෙන්ඩරයේ මීට පෙර නිෂ්පාදනය කළ අංක තහඩුවට ඇතුළත්ව තිබූ විශේෂ ආරක්‍ෂක අංග ඉවත්කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයෝ චෝදනා කරති.

ට්‍රම්ප්ගේ බද්දෙන් නිදහස් කරන්නැයි ඉල්ලූ එක්සත් ජාතීන්ගේ සංවිධාන ලැයිස්තුවේ ලංකාව නෑ

අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරු බදුවලින් ලොව දුප්පත් සහ කුඩාම රටවල් නිදහස් කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා.

චීන නැව් ඉලක්ක කරගත් එක්සත් ජනපද නවතම වරාය ගාස්තු සැලැස්ම 'අමෙරිකාවේ සහ අන් ජාතින්ගේ අවශ්‍යතාවලට හානි කරන' බව චීනය පවසයි. නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට පියවර ගන්නා බවට සපථ කරයි

ඔක්තෝබර් මැද භාගයේදී බලාත්මක වීමට නියමිත චීනයේ නිර්මාණය කරන ලද සහ චීනයේ ලියාපදිංචි යාත්‍රා සඳහා නව වරාය ගාස්තු පිළිබඳ එක්සත් ජනපද රජයේ නිවේදනයට ප්‍රතිචාර දක්වමින්,

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.