News Category
From Date
To Date
Maximum Number of Result

විපක්ෂ නායකතුමාටත් ඕන නම් නැවත පාසල් වලට බස් පරිත්‍යාග කරන්න අවස්ථාව තිබෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රීනී කෞශල්‍යා ආරියරත්න මහත්මිය:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

මෙරට වාර්ෂික පොල් ඵලදාව දළ වශයෙන් පොල් ගෙඩි මිලියන 3,000ක් බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසනවා.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ මහ මොළකාරි යැයි කියන ඉසාරා සෙව්වන්දී දික්වැල්ලේ නිවසක සැඟව සිටින බවට පොලිසියට අසත්‍ය තොරතුරු සැපයූ දික්වැල්ලේ පෙදරේරුවකු ලබන 24 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (10) නියෝග කළේය.

මහ කන්නයේදි වී මෙට්‍රික්ටොන් 48ක් මේ වනවිට මිලදී ගෙන ඇතැයි වී අළෙවි මණ්ඩලය පවසයි.

බෙදුම්වාදී බලවේගවලට "තායිවාන නිදහස" වෙනුවෙන් නැවත එක්වීමේ ඓතිහාසික ප්‍රවණතාවයට බාධා කළ නොහැකි බව තායිවාන් නියෝජිත කණ්ඩායමේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) නියෝජ්‍ය සහ සමස්ත චීන තායිවාන් මිතුරන්ගේ සම්මේලනයේ උප සභාපති යැන් කේ පසුගිය 09 වනදා 14 වන උතුරු පළාත් සභා මන්ත්‍රී මණ්ඩලයේ තුන්වන සැසිවාරයේ කණ්ඩායම් රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් පැවසීය

පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඉන්දියාවේ ගුරුවරුන්ට වතුකරයේ පාසල්වල දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීමට ඉඩ දෙන්නැයි ඉල්ලා සිටියේය.

යුක්රේන හමුදාව ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය මත සම්පූර්ණයෙන්ම රඳා පවතින අතර, එය ක්‍රියා විරහිත කිරීමෙන් "සම්පූර්ණ ඉදිරි ආරක්ෂක වලල්ල" බිඳවැටීමක් සිදුවනු ඇතැයි ටෙස්ලා සහ ස්පේස් එක්ස් ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

යුක්රේන හමුදාව ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය මත සම්පූර්ණයෙන්ම රඳා පවතින අතර, එය ක්‍රියා විරහිත කිරීමෙන් "සම්පූර්ණ ඉදිරි ආරක්ෂක වලල්ල" බිඳවැටීමක් සිදුවනු ඇතැයි ටෙස්ලා සහ ස්පේස් එක්ස් ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරු, ක්‍රියාකරු සහ නියෝජිතයා තම කාර්යන් ඉටු කිරීමේදී දැඩි නොසැළකිලිමත් සහ වංචාකාරී ලෙස හැසිරී ඇතැයිද ඒ අනුව ශ්‍රී ලංකා රජයේ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් කර ඇතැයිද ඒ අනුව ‘දූෂකයා ගෙවන මූලධර්මය’ (පොල්ලුටෙර් පය්ස් ප්‍රින්cඉප්ලේ මත වන්දි ගෙවීමට ඔවුන් බැඳී සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.


ප්‍රධාන පුවත්

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

දෙමළ සරණාගත ප්‍රශ්නය ගැන ආණ්ඩුව දක්වන උනන්දුව උපන් රටේ සරණාගතයන් වූ සිංහල මිනිස්සු වෙනුවෙන් දක්වන්නේ නෑ - දේශප්‍රේමී ජාතික පෙරමුණෙන් චෝදනා..

එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා ඉන්දියාවට පලා ගිය දෙමළ ජන කණ්ඩායම් නැවත ලංකාවට ගෙන ඒමට ආණ්ඩුව කටයුතු කරන බව වාර්තා වන බවත්, එසේ දෙමළ ජනයා ගෙන්වා ගැනීමේ දී ආගමන විගමන කටයුතු නිසි පරිදි සිදු විය යුතු බවත් දේශප්‍රේමි ජාතික පෙරමුණ පවසයි.

ඉන්දු - ලංකා යටත්වීමේ ගිවිසුම් බලරහිත බව ප්‍රකාශයට පත්කිරීම වෙනුවෙන් ගොනු කරනු ලැබු පෙත්සම පළමු වරට විභාගයට ගැනෙයි..

ජාත්‍යන්තර සම්මුතීන් බිඳ දමමින්, ශ‍්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට පටහැනිව, අමාත්‍ය මණ්ඩල පටිපාටි නොසලකා හරිමින්, ශ‍්‍රී ලංකාවේ ස්වෛරීභාවය උල්ලංගණය කරමින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අත්සන් කෙරුණු ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු පෙත්සම අද(5) දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පළමු වරට විභාගයට ගැණිනි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.