සතොස අලාභය රුපියල් බිලියන 22ක්.. අලෙවිසල් 212ක් පාඩුයි.. - ඇමති වසන්ත
ලංකා සතොස සමාගමේ සමස්ත සමුච්චිත අලාභය 2025 දෙසැම්බර් මාසය වන විට රුපියල් බිලියන 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර, පසුගිය වසරේ දෙසැම්බර් වන විට සැපයුම්කරුවන්ට ගෙවීමට ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 14ක් වූ නමුත් සමාගම සතුව පැවති තොගවල වටිනාකම රුපියල් බිලියන 5.8ක් පමණක් වී තිබූ බවද හෙතෙම අනාවරණය කළේය.
ආයතනය මුහුණ දී ඇති මෙම මූල්‍ය අර්බුදය හමුවේ, නගරවලින් බැහැරව අක්‍රමවත් ලෙස පිහිටුවා තිබීම හේතුවෙන් පාඩු ලබමින් පවතින අලෙවිසල් ප්‍රතිව්‍යුහගත කිරීමට පියවර ගෙන තිබේ.
ඒ යටතේ කලින් පැවති අලෙවිසල් 452න් සමහරක් වසා දමා ඇති අතර, දැනට දිවයින පුරා සක්‍රීයව පවතින අලෙවිසල් 423න් 212ක්ම තවදුරටත් පාඩු ලබන තත්ත්වයක පවතී. 2020 වසරේ සිට සෑම වසරකම සතොස අඛණ්ඩව ප්‍රාග්ධන අලාභ වාර්තා කර ඇති අතර, 2020 දී රුපියල් බිලියන 1.387ක් සහ 2025 දී රුපියල් මිලියන 721ක් ලෙස වාර්ෂික අලාභයන් සටහන් වී ඇත.
මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා 2026 වසර තුළ නව සතොස අලෙවිසල් 25ක් විවෘත කිරීමට සැලසුම් කර ඇති අතර, දැනටමත් ඒ සඳහා ගිවිසුම් කිහිපයකටම අත්සන් තබා ඇත. මීට අමතරව, පවතින අලෙවිසල් 100ක් නවීකරණය කිරීමටද නියමිතය.
එසේම, පෞද්ගලික වෙළෙඳසල්වලට භාණ්ඩ සැපයීමෙන් පසු ඉතිරිවන කොටස් පමණක් සතොසට ලබාදෙන සැපයුම්කරුවන් පාලනය කිරීම සඳහා දැඩි පියවර ගෙන ඇති බවත්, පසුගිය මාස තුන ඇතුළත එවැනි සැපයුම්කරුවන් අසාදු ලේඛනගත කිරීමට කටයුතු කළ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි