News Category
From Date
To Date
Maximum Number of Result

ලංගමට සහ දුම්රිය සේවයට කාන්තාවන් බඳවා ගැනීමට ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇති බව අමාත්‍ය බිමල් රත්නායක පැවසීය.

ජාතික ගොවිජන එකමුතුව චෝදනා කරන්නේ මේ වන විටත් අදාල සත්ව සංගණනය වෙනුවෙන් කෝටි ගණනක මුදලක් රජය වියදම් කර ඇති බවයි.

පැනමා ඇළේ හොංකොං සමාගමේ කොටස් පාලනය කිරීමේ අරමුණින් හොංකොං සමාගමක් අත්පත් කර ගැනීමට ඉඩ ඇති එක්සත් ජනපද ආයෝජන සමාගමක් වන බ්ලැක්රොක් විසින් මෙහෙයවන ලද සන්ධානයක් පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් ප්‍රකාශ කළේ, අදාළ පියවරයන් ධවල මන්දිරයේ පීඩනය යටතේ පවතින බැවින් එම ව්‍යාපාරික ගනුදෙනුව පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය අදහස් නොදක්වන බවයි.

රුසියානු හමුදා යුක්රේන නගරයක් වන ක්‍රිවෝයි රොග් හි විදේශීය කුලී හේවායන් පිරිසකට පහර දී ඇති බව මොස්කව්හි ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(06) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

හිටපු අමාත්‍ය, ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් සිය සත්‍ය ජීවන අත්දැකීම් අළලා රචිත සදේ ගින්දර මාර්තු (07) අද සවස 3:00ට බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පැවැත්වෙන බව එහි සංවිධායකයන් පවසයි.

ශ්‍රී ලංකාවේ හිටපු බීබීසී වාර්තාකාරිනී ෆ්‍රැන්සිස් හැරිසන්, හිටපු ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේ ප්‍රශ්න ඇසීමට සිටි සාමාජිකාවක ලෙස කටයුතු කළ අතර, සාකච්ඡාව අතරතුර රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කළ පැරණි ලේඛනයක් වන බටලන්ද කොමිෂන් සභා වාර්තාව නැවත හුවමාරු කරගෙන තිබේ.

පාස්කු ප්‍රහාරයේ මහමොළකරු තමා දන්නා අතර එය ජනාධිපතිවරයාට සහ ඉහළ ආරක්ෂක නිලධාරීන්ට දැනුම්දෙන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

මෙරට ඩිජිටල් ආර්ථිකය අඩපණ වී එම ක්ෂේත්‍රයේ නියුතු අය රට හැරයාමේ ඉහල අවධානමක් ඇති බව කොළඹ තාක්ෂණ නගරයේ නිර්මාතෘ ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා සඳහන් කරයි.

අද (6) විකාශය වූ අල් ජසීරා ඉංග්‍රීසි නාලිකාවේ ‘හෙඩ් ටු හෙඩ්’ වැඩසටහන සඳහා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ හය වතාවක් අගමැති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ, බලයෙන් පහකරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමෙන් ඔහුව ආරක්ෂා කළ බවට එල්ලවූ චෝදනා ප්‍රතික්ෂේප කළේය.


ප්‍රධාන පුවත්

තවත් සිරකරුවන් 68ක් නීති විරෝධී ලෙස නිදහස් කරලා.. - අධිකරණයේ දී හෙළිවෙයි..

අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට පැවසුවේ, ජනාධිපති සමාව මුවාවෙන් සිරකරුවන් නීති විරෝධී ලෙස නිදහස් කර ඇති බවට වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.

මුහුදු කොටි විනාශයට මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට අභියෝගාත්මක පිළිතුරු

කීර්ති රත්නායක නමැති දූෂණ වංචා චෝදනා මත ගුවන් හමුදාවෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකු සහ විවිධ පුවත්පත් මාධ්‍යවේදීන් යොදා ගනිමින් යුද්ධයේදී නාවික හමුදා ක්‍රියාන්විතයේ මහා භූමිකාවක් ඉටු කළ වයිස් අද්මිරාල් ඩී.පී.කේ. දසනායක මහතාට එරෙහිව එල්ල කෙරෙන අභූත චෝදනාවලට එරෙහිව ඒ මහතා විසින් අභියෝගාත්මක සෘජු පිළිතුරු ලබා දී ඇත.

යහපාලන කාලේ හන්තානේ රජයේ වටිනා ඉඩම් කුණු කොල්ලෙට ලියාගත් පිරිසක් ගැන පරීක්ෂණ.. රටම දන්න මාධ්‍යවේදීනුත් ඉන්නවලු..

හන්තාන ප්‍රදේශයේ පිහිටි රජය සතුව තිබූ වටිනා ඉඩමක් මාධ්‍යවේදීන් හා අධිකරණ ක්ෂේත්‍රයේ නිලධාරීන් අතර බෙදා දීමක් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු මේ වන විට සිදුවීම් පවතින බව වාර්තා වෙයි.

රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙලා.. අපිම තමයි හරි කියන තීරණයේ ගියොත් වැඩිකල් යන්න බෑ - කොටපිටියේ හිමියෝ අගමැතිනිගේ මුහුණටම කියති..

‘විශාල බලාපොරොත්තු තබාගෙන පත්කරගත් රජය ගැන ජනතාවගේ විශ්වාසය පළුදු වෙමින් පවතින බව කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ අනු නායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ සඳහන් කරති.

අර්චුනා කියන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට ආවා - ගම්මන්පිල රේගු සටහන් පෙන්වමින් හෙළිකරයි..

පාර්ලිමේන්තු මන්ත්‍රි රාමනාදන් අර්චුනා මහතා පවසන ආකාරයේ කන්ටේනරයක් තායිලන්තයේ සිට මෙරටට පැමිණ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා රේගු වාර්තා ඉදිරිපත් කරමින් පෙන්වා දෙයි.

ජනපති සමාව නොදුන් සිරකරුවෙකු නිදහස් වෙලා... ජනාධිපති කාර්යාලයෙන් විමර්ශනයක්

අනුරාධපුර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරිම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

අනුර - මෝදි හොර ගිවිසුම්වල තොරතුරු ආණ්ඩුව දිගින් දිගටම යට ගසයි - ජේ.ආර් වත් නොකළ දේ අනුර කරයි..

ඉන්දියාව සමග ශ්‍රී ලංකා රජය අත්සන් කළ ගිවිසුම් හත සම්බන්ධයෙන් තොරතුරු ලබා නොදීම ගැන ජාතික සංවිධාන විසින් කළ අභියාචනයකට පිළිතුරු සපයමින් ඉකුත් 4 වැනි දා අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා වෙත ලිපියක් මගින් දන්වා තිබුනේ එම අභියාචනය ප්‍රතික්ෂේප කරන බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.