News Category
From Date
To Date
Maximum Number of Result

නාගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු ඇතුළු 3 ක් මඩකළපුවේදී අල්ලයි.. – වෙඩික්කරු හිටපු කොටියෙක්දැයි සැකයක්..

Oct 12, 2026 at 07:02 AM
|

කළුතර නාගොඩ පිහිටි හෝටලයකට කඩාවැදී එහි හිමිකරු වූ ඩ්‍රැගන් සම්පත් සහ ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කර පලාගිය කුලී ඝාතකයා ඇතුළු තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මඩකළපුව නාවල්අඩි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් කුලී ඝාතකයා කොටි සංවිධානයට සම්බන්ධවී සිටි අයකු බවට සැකයක් මතුවී තිබේ.   

සැකකරු යුද්ධය පැවති සමයේ එල්ටීටීඊ පාලන ප්‍රදේශයේ ජීවත්වූ අයකු නිසාත් ඔහුට මනාව ටී 56 ආයුධ හැසිරවීමේ හැකියාව තිබූ නිසාත් ඔහු කොටි සංවිධානයේ සිටි සාමාජිකයකු බවට සැකයක් මතුවී ඇත. එහෙත් මෙම කුලී ඝාතකයා එල්ටීටීඊ හිටපු සාමාජිකයකු බවට තහවුරු කිරීමට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ වනතුරුත් කටයුතු කර නොතිබිණි. සැකකරු එල්ටීටීඊ සංවිධානයේ පුනරුත්ථාපන ලැයිස්තුවේ ද නොසිටින බව පොලිසිය පවසයි.   

කෙසේ වෙතත් මෙම සැකකරු සම්බන්ධයෙන් පුළුල් විමර්ශන පොලිසිය විසින් ආරම්භ කර තිබේ. මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී තමන් කොටි සාමාජිකයකු ලෙස කටයුතු කළ බවට හෙළි කර නොමැති බවද පොලිසිය පවසයි.   

ඉකුත් 09 වැනිදා උදෑසන කළුතර නාගොඩදී එල්ල වූ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හෝටල් හිමියාගේ බිරිඳ වූ ශිරෝමි සමරවීර ඊයේ (11දා) අලුයම මිය ගියාය. කුලී ඝාතකයා විසින් ටී 56 අවියෙන් උණ්ඩ 30 ක් මෙම ප්‍රහාරය සඳහා පාවිච්චි කර තිබිණි. ප්‍රහාරයෙන් හෝටල් හිමියා වූ තුෂාර සම්පත් එදිරිසිංහ හෙවත් ඩ්‍රැගන් සම්පත් සිද්ධිය වූ ස්ථානයේම මිය ගියේය.   

මෙම ප්‍රහාරයට අදාළ සීසීටීවී දර්ශන දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ විමර්ශන ආරම්භ කළ පොලිසිය කුලී ඝාතකයන් හඳුනාගෙන තිබිණි. ඒ අනුව කළුතර කොට්ඨාස අපරාධ ඒකකය, විශේෂ කාර්ය බළකා බුද්ධි අංශ ඇතුළු පොලිස් කණ්ඩායම් කීපයක් සිදුකළ විමර්ශනයකදී කුලී ඝාතකයා කොටුකර ගැනීමට හැකි විය.   

තිස්පස් හැවිරිදි වියේ පසුවන මෙම කුලී ඝාතකයා පාලවිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විමර්ශනවලින් අනාවරණය වී ඇති අන්දමට මෙම ප්‍රහාරය එල්ල කිරීමට දින කීපයකට උඩදී මොහු කළුතර ප්‍රදේශයට පැමිණ ඇත. එසේ පැමිණ ස්ථාන 3 ක රැඳී සිටිමින් ප්‍රහාරය සඳහා නියෝග ලැබෙන තුරු සිට ඇති බවට තොරතුරු ලැබී තිබේ.   

පසුගිය 09 වැනිදා උදෑසන 7.50 ට පමණ සිය ප්‍රහාරය එල්ල කළ කුලී ඝාතකයා ඔහු පැමිණි යතුරුපැදියෙන්ම පලාගොස් තිබිණි. මොහු එදින දහවල් පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ වෙත පැමිණ මඩකළපුව බලා ධාවනය වන බස් රථයකට ගොඩවී ඇත්තේ පාලවියේ පිහිටි සිය නිවස බලා යන අරමුණෙන් යුතුවය.   

එහෙත් ඒ වනවිට මෙම කුලී ඝාතකයා විමර්ශන නිලධාරීන් විසින් හඳුනාගෙන සිටියේය. කුලී ඝාතකයා මඩකළපුව බලා ධාවනය වන බස් රථයක ගමන් කරන බව අනාවරණය කර ගත් විමර්ශන නිලධාරීන් ඔහු අත්අඩංගුවට ගැනීමට වාලච්චේන විශේෂ කාර්ය බළකා කඳවුරට දැනුම් දීමක් කර තිබිණි. ඒ අනුව කුලී ඝාතකයා ගමන් ගත් බස් රථය නාවල්අඩි හන්දිය ප්‍රදේශයේදී නතර කළ විශේෂ කාර්ය බළකාය ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.   

සැකකරු සතුව තිබූ ගමන් බෑගය පරීක්ෂා කිරීමේදී එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 40 ක්, ස්මාර්ට් ජංගම දුරකථනයක්, සිම් කාඩ්පත් 06 ක් සොයාගෙන තිබිණි. මෙම සැකකරු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වූ අයකු බව විමර්ශනවලින් හෙළි වී තිබේ.   

සැකකරු වාලච්චේන පොලිසියට ඉදිරිපත් කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය කටයුතු කළහ. පසුව ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කර දින 07 ක රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සඳහා කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත භාරදීමට වාලච්චේන පොලිසිය කටයුතු කර තිබිණ. මේ වනවිට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ රැඳවාගෙන මොහුගෙන් ප්‍රශ්න කරගෙන යයි.   

මේ අතර මෙම ද්විත්ව ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු ද අත්අඩංගුවට ගැනීමට කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සමත් විය. එම සැකකරුවන් දෙදෙනා මෙම ප්‍රහාරය සඳහා ආධාර අනුබල දීම සහ ඔත්තු බැලීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූවන්ය.   

විමර්ශන නිලධාරීන් පවසන අන්දමට ඩ්‍රැගන් සම්පත් සහ ඔහුගේ බිරිඳ ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ බෝම්බුවල නවීන් නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු වෙතය. නවීන්ගේ නියෝග මත ඩුබායි හි සැඟවී සිටින දොඩංගොඩ ධනුක සහ නිපුණ නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා මෙම ප්‍රහාරය මෙහෙයවා ඇති බවට පොලිසිය සැක පහළ කරයි.   

ඝාතනයට ලක්වූ ඩ්‍රැගන් සම්පත් ද තමන්ගේ සමීප මිතුරකුව සිට ඇති බවත් මත්ද්‍රව්‍යවලින් උපයන මුදල් නීත්‍යනුකූල මුදල් බවට පරිවර්තනය කිරීමේ කාර්ය මොහු කර ඇති බවත් විමර්ශනවලින් හෙළිවී ඇත. එම මුදල් සම්බන්ධයෙන් ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.   

කෙසේ වෙතත් ඩ්‍රැගන් සම්බන්ධ එල්ල වන මෙම චෝදනා ඔහුගේ පවුලේ සාමාජිකයෝ සහ සමීප මිතුරෝ ප්‍රතික්ෂේප කරති. ඔහු කිසිම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග සබඳතා පවත්වන්නේ නැති බවත් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ නැති බවත් ඔවුහු කියා සිටිති.   

- දිවයින

සම්බන්ධිත පුවත් | Related News

ලංකා සතොස සමාගමේ සමස්ත සමුච්චිත අලාභය 2025 දෙසැම්බර් මාසය වන විට රුපියල් බිලියන 22ක් දක්වා ඉහළ ගොස් ඇති බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.
ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.
ඥානසාර හිමි උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් වන නඩුවේ සිටින චරිත හඳුනා ගැනීම ඉතා වැදගත් බවත් මෙම නඩුවේ පැමිණිලිකරු වන්නේ වර්තමාන අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක බවත්, මෙම පැමිණිල්ල අභියාචනාධිකරණයට කළ පසු ඊළඟ සාක්ෂිකරු නැතිනම් දෙවන සාක්ෂිකරු වන්නේ වර්තමානයේ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරේ සිටින දිලීප පීරිස් බවත්, මෙම නඩු තීන්දුව ලබාදෙන්නේ එවකට අභියාචනාධිකරණ විනිසුරු වූ වර්තමානයේ අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන විසින් බවත් පිවිතුරු හෙළඋරුමයේ නායක, හිමපු අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.
ගලෙගාඩ අත්තේ ඥානසාර හිමි අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී සිවුර ගලවා ඉදිරිපත් කිරීම බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පටහැනි බව ජාතික නිදහස් පෙරමුණේ නායක, එිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.
නිකවැරටිය ප්‍රදේශයේදී පැවති ජනාධිපතිවරයාගේ ජනතා රැලිය ප්‍රදේශයේ මහා සංඝරත්නය විසින් වර්ජනය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වෙමින් පවතී.
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.
කැරපොතු පක්ෂය හෙවත් ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දිප්කේ ඇතුළු නායකයින් තුන්දෙනෙකු නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
හැම පළාතකම අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවක් පිහිටුවීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..

කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලට දානපතියන්ගේ පරිත්‍යාග ඉල්ලා සිටින ලේඛන රෝහලේ වෙබ් අඩවියේ පසුගිය ඔක්තෝබර් මස 5 දා දක්වා ප්‍රදර්ශනය කර තිබූ බවත්, මේ පිළිබඳව ජනමාධ්‍යයට පැවසූ පසු එම වෙබ්අඩවිය අවහිර කර සෞඛ්‍ය අමාත්‍යවරයාත් අදාළ රෝහලේ අධ්‍යක්ෂකවරයාත් මෙම වෙබ් අඩවියේ ඇත්තේ 2022 වසරට අයත් තොරතුරු බවට පවසන බවත්, එහෙත් 2026 ඔක්තෝම්බර් 5 දක්වා තොරතුරු මෙහි අන්තර්ගතව තිබූ බව සාක්ෂි සහිතව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් කළ බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමේ තීරණය ගනු ලැබුවේ මහා සංඝරත්නය, අමාත්‍යවරුන් සහ එවකට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ පැවති පුළුල් සාකච්ඡාවලින් අනතුරුව බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.