News Category
From Date
To Date
Maximum Number of Result

කොළඹ නගර සභාවේ පාලක පක්ෂය සහ නගරාධිපතිනිය සමඟ එක්ව කටයුතු කළ නොහැකි බව පවසමින් විපක්ෂ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු මුදල් කමිටුවෙන් ඉල්ලා අස්වී තිබේ.

දකුණු ආසියාවේ වේගයෙන්ම දියුණුවන රට ශ්‍රී ලංකාව බවට ලෝක බංකුවෙන් සහතිකයක් ලැබුණු බව නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් පවසයි.

මෙරට බන්ධනාගාර පද්ධතිය තුළ සිදුවන වන අක්‍රමනිකතා සහ සැබෑ තත්ත්වය මෙන්ම එහි පවතින බරපතළ අඩුපාඩු සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා විශේෂ අනාවරණයක නිරත විය.

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

නැගෙනහිර පළාතේ සිදු වූ බව කියන පස් පුද්ගල මනුෂ්‍ය ඝාතන සිද්ධියකට අදාළව නැඟෙනහිර පළාත් හිටපු මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවූ ගැටුම පසුපස ආණ්ඩුව පෙරළීමේ කුමන්ත්‍රණයක් ඇත්දැයි සැකයක් පවතින බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.

ලෝක ප්‍රකට තාක්ෂණික සහ සමාජ මාධ්‍ය දැවැන්තයින් වන මෙටා (Meta) සහ ගූගල් (Google) සමාගම් විසින් සිය යෙදවුම් ළමුන් ඇබ්බැහි වන ආකාරයෙන් සකස් කර ඔවුන්ගේ මානසික සෞඛ්‍යයට බරපතළ හානි සිදුකර ඇති බවට ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් අධිකරණයක පැවැති ජූරි සභා නඩු විභාගයකින් තීන්දු කර තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සංගිලි කනදරාව ප්‍රදේශයේ පදිංචිව සිටි, ශ්‍රී ලංකාවේ වයස්ගතම ජීවතුන් අතර සිටි කාන්තාවක ලෙස ප්‍රසිද්ධියට පත් පුංචාගේ කළුමැනිකේ වයස අවුරුදු 114 ක්ව සිටියදී අභාවප්‍රාප්ත වී තිබේ.

රාජ්‍ය අංශයේ විවිධ වෘත්තිකයින්ගේ විශ්‍රාම යන වයස සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති ඉල්ලීම් පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.