News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවේ සිට මෙරටට මත්ද්‍රව්‍ය ජාවාරම් කළ තමිල්නාඩු මහ ඇමති ජෝසෆ් විජේගේ ගෝලයකු ඉන්දීය බුද්ධි අංශ මගින් අත්අඩංගුවට..

Oct 17, 2026 at 11:00 AM
|

ඉන්දියාවේ සිට මෙරටට මුහුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය එවීමට සැලසුම් කළ, තමිල්නාඩු මහ ඇමති ජෝසෆ් විජේගේ නායකත්වයෙන් යුත් තමිළග වෙට්ට්‍රි කලගම් (TVK) පක්ෂයේ ක්‍රියාකාරිකයෙකු ඇතුළු පුද්ගලයන් සිව්දෙනෙකු එරට බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.   

මෙටම්පෙටමින් (Methamphetamine) නම් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100ක් ඔවුන් සතුව තිබී සොයාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින TVK පක්ෂ ක්‍රියාකරු තමිල්නාඩු ප්‍රාන්තයේ නාගපතිනම් දිස්ත්‍රික් විධායක කමිටු සාමාජිකයෙකු වන එන්. භූපාලන් නම් 42 හැවිරිදි පුද්ගලයෙකි. 

නාගපතිනම් සිට ශ්‍රී ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන බවට ලද රහසිගත තොරතුරක් මත, ඉන්දීය ආරක්ෂක අංශ විසින් මෙම වැටලීම සිදු කර ඇත.   මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරු ලෙස සැලකෙන භූපාලන්ගේ බිරිඳ ශ්‍රී ලාංකිකයෙකු වීම මෙම ජාවාරම සඳහා උපකාරී වන්නට ඇති බව නිලධාරීන් සැකපළ කර තිබේ. 

චෙන්නායි සිට රැගෙන එන ලද මෙම මත්ද්‍රව්‍ය තොගය තමිල්නාඩුවේ විවිධ ප්‍රදේශවල බෙදා හැරීම සඳහා රඳවාගෙන ඇති බවටද විමර්ශනවලදී හෙළි වී ඇති අතර, වැඩිදුර පරීක්ෂණ සඳහා සැකකරුවන් සහ මත්ද්‍රව්‍ය තොගය නාගපතිනම් රේගු කාර්යාලය වෙත රැගෙන ගොස් ඇත.

සම්බන්ධිත පුවත් | Related News

කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිවරිය ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තට අයත් මෝටර් රථයක්, පොලිස් මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන කොට්ඨාසය නිලධාරීන් භාරයට ගෙන තිබේ.
2026 ඔක්තෝබර් මාසයේදී පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂියක් මඟින්, එක්නැලිගොඩගේ දේශපාලන සබඳතා, හබරණදී පවත්වන ලද රැස්වීමක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාවක් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.
කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක ආයෝජනයක් සිදු කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රකාශ කර තිබේ.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිති.
මෙරට සිටින විශාලතම දළ යුගල සහිත හස්තියා ලෙස සැලකෙන කාවන්තිස්ස ඇතා ඊයේ (16) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්විය.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂගේ පෞද්ගලික ලේකම් සංජේ සමරසිංහගේ ගල්කිස්ස පිහිටි නිවස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සෝදිසියට ලක් කර ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කරයි.
වර්තමාන ආණ්ඩුව බලයට පැමිණි අවස්ථාවේ සිට භික්ෂුව, රටේ සංස්කෘතිය සහ රටේ අනන්‍යතාව ක්‍රමානුකූලව පහත හෙළීමට කටයුතු කරමින් ඇතැයි කෝට්ටේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක ධුරය මෙන්ම එහි ප්‍රධාන ලේඛකාධිකාරී මහාචාර්ය කොටපිටියේ රාහුල හිමි අවධාරණය කරති.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාව සිටියදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ලබාදුන් පොදු සමාව ඉවත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විසින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් කරුණු විමසීමේ දී ඔහු පවසන්නේ තමා ලබාදුන් තීන්දු ලබාදුන්නේ ව්‍යවස්ථානුකූලව බවයි.
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වීම (Support) මෙලෙස එළඹෙන ඔක්තෝබර් 22 වනදා පස්වරු 1.30 ට අභියාචනාධිකරණයේ 110 වන අධිකරණ ශාලාවේදී සිදු කිරීමට නියම කර ඇත.

ප්‍රධාන පුවත්

ප්‍රගීත් එක්නැලිගොඩ ජනාධිපති මහින්ද රාජපක්ෂ ඝාතනය කිරීමට සැලසුම් කළේද?

2026 ඔක්තෝබර් මාසයේදී පුනරුත්ථාපනය කරන ලද හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු විසින් ලබා දෙන ලද සාක්ෂියක් මඟින්, එක්නැලිගොඩගේ දේශපාලන සබඳතා, හබරණදී පවත්වන ලද රැස්වීමක් සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රැගත් ගුවන් යානයකට මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමේ යෝජනාවක් පිළිබඳව බරපතළ ප්‍රශ්න මතු කර තිබේ.

ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්‍යානයේ අඛණ්ඩ සත්‍යග්‍රහයක..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙස ඉල්ලා භික්ෂූන් වහන්සේ පිරිසක් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ සත්‍යග්‍රහයේ නිරත ස්වාමීන් වහන්සේ තවදුරටත් එහි රැඳී සිටිති.

මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්‍රකාශයක්..

මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සමයේ, ජනාධිපතිවරයා ගමන්කරන ගුවන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ලකළ හොත් රටේ පාලනය වෙනස් කොට රටේ ප්‍රශ්න අවසන් කළ හැකි බව ප්‍රගීත් එක්නැලිගොඩ තමන් සමඟ පැවසූ බව හිටපු LTTE සංවිධාන සාමාජිකයෙකු වූ මුරලි නමැත්තා අධිකරණයේදී අද (16) හෙළි කළේය.

ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්

ආසියාව තුළ වගකීම් සීමාවෙන් ඔබ්බට ගොස් බලපෑම් කිරීමට නේටෝව දරන උත්සාහයට සාධනීය ප්‍රතිචාරයක් අවශ්‍ය බව රුසියානු විදේශ අමාත්‍යවරයා පැවසුවේය.

දූෂිත අමාත්‍යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්‍රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි

අනුරාධපුර පූජාභූමි සංවර්ධන ක්‍රියාවලිය තුළ දක්නට ලැබෙන යටි අරමුණු හෙළිදරව් කරමින් ජාතික සංවිධාන විසින් සිදුකරනු ලබන හෙළිදරව් කිරීම් හෙළා දකිමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා විසින් සිදුකළ ප්‍රකාශයක් පිළිබඳව ලංකා ලීඩර් විසින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් අදහස් විමසන ලදී.

යුක්‍රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්‍රම්ප්ගෙන් චෝදනාවක්!

බයිඩන් පාලනය යටතේ යුක්‍රේනයට ලබාදුන් ඇමරිකානු මිසයිලවලට සිදුවූයේ කුමක්දැයි ට්‍රම්ප් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.

ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..

සෞදි අරාබියේ ක්‍රියාත්මක වන දැවැන්ත හරිත ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකාවෙන් අපනයනය කිරීමට සැලසුම් කර තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 130.16ක කොහුබත් ව්‍යාපෘතියක්, රාජ්‍ය ආයතනයක නිලධාරියකු විසින් නීතිවිරෝධී ලෙස අල්ලස් ඉල්ලීමක් සිදුකළ බවට එල්ල වූ චෝදනාවක් හේතුවෙන් සම්පූර්ණයෙන්ම අවලංගු වී ඇති බව වාර්තා වේ.

ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට වහා නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ වූ 'සිවුරට යුක්තිය - නිදහසේ පා ගමනට' එක්වූ භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස අද (16) උදෑසන වනවිටත් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටිති.

මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි

තමන් වහන්සේගේ ඡන්දය මාලිමාවට ලබාදීම ගැන කණගාටු වන බවත්, ජනාධිපතිවරයා භික්ෂූන් වහන්සේලාගේ පාගමන ගැන නොදැන සිටියා නම්, ඔහු රටේ නායකයාද, නැතිනම් පැලවත්තේ නායකයාදැයි මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ ප්‍රශ්න කරති.

ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ

අනුරාධපුර පූජා නගරයේ සංවර්ධන සැලසුමේ කොටසක් වන්නේ ඇතුල් නුවර ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචි කිරීමට කටයුතු කිරීම බවත්, ඒ සඳහා ක්‍රියාමාර්ගයක් ලෙස අක්කර දෙසීයක භූමියක ඉඩම් සහ වන්දි ලබාදීමේ කටයුතු සිදුකිරීමට නියමිත බවත් ඇමති වසන්ත සමරසිංහ පවසයි.

ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..

බන්ධනාගාරගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදෙන තෙක් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කූඩාරම් ඉදිකරමින් සත්‍යග්‍රහයක නිරත වීමට ‘නිදහසේ පාද යාත්‍රාව’ සමඟ පැමිණි මහා සංඝරත්නය තීරණය කර තිබේ.

මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

වත්මන් ගෝලීය දේශපාලන හා ආර්ථික ප්‍රවණතා හමුවේ මැදපෙරදිග කලාපයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කරගැනීම සඳහා සවුදි අරාබිය විසින් චීන රජයේ සහය අපේක්ෂා කර ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි

පසුගිය දශකය තුළ බ්‍රිතාන්‍යයේ අලුතින් එකතු වූ රැකියා මිලියන 3.7න් සියයට 80ක් විදේශිකයන් විසින් පුරවා ඇති අතර, බ්‍රිතාන්‍ය ජාතිකයන් මිලියන ගණනක් රැකියා විරහිත ප්‍රතිලාභ ලබමින් සිටින බව Centre for Social Justice (CSJ) ආයතනයේ නව වාර්තාවක් පෙන්වා දෙයි.

ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..

චීන–ඉන්දීය දේශසීමා ආශ්‍රිත ප්‍රදේශවල ස්ථාන නාම ඒකපාර්ශ්විකව වෙනස් කරමින්, නිල සිතියම් සංශෝධනය කිරීමට ඉන්දියාව ගන්නා උත්සාහයන් මගින් කිසිදු භෞමික ස්වෛරීභාවයක් තහවුරු නොවන බවත්, එය හුදෙක් ඉන්දියාවේ ඇතැම් පාර්ශ්වයන් විසින් නිර්මාණය කරගන්නා ලද “මානසික ජයග්‍රහණයක්” පමණක් බවත් චීනය අවධාරණය කරයි.

ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්

ජාතික සංවිධාන එකමුතුව මඟින් පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසන්නේ වර්තමාන රජය යටතේ මෙරට බුද්ධ ශාසනයට, ජාතික සංකේතවලට සහ ඓතිහාසික පුරාවස්තුවලට බරපතළ තර්ජන එල්ල වී ඇති බවය.

ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්‍රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්‍යයකට යන ගමන..

2015 දෙසැම්බර් 22 වන දින එවක පැවති යහපාලන රජය මගින් පත් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක විය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.