කොළඹ වරාය ඩිජිටල්කරණයට ඇමෙරිකාව අතගසයි.. ඩොලර් මිලියන 17ක ආයෝජනයක්..
කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු ඩිජිටල්කරණය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 17ක ආයෝජනයක් සිදු කරන බව ඇමෙරිකා එක්සත් ජනපදය ප්රකාශ කර තිබේ.
ශ්රී ලංකා වරාය අධිකාරිය සමඟ එක්ව ඇමෙරිකානු තාක්ෂණය යොදා ගනිමින් මෙම වරාය මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කිරීමට නව ඩිජිටල් පද්ධති හඳුන්වා දීමට නියමිතය.
මෙම ව්යාපෘතිය මඟින් ගෝලීය වෙළෙඳාමේදී ශ්රී ලංකාවේ කාර්යභාරය තවදුරටත් ශක්තිමත් වන අතර, ඇමෙරිකානු ව්යාපාරවලට සහාය වීමට, එක්සත් ජනපදයේ සැපයුම්දාම සුරක්ෂිත කිරීමට සහ දෙරට අතර වාණිජ අවස්ථා පුළුල් කිරීමට දායක වන බව ශ්රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි. එක්සත් ජනපදයේ අරමුදල් මත ක්රියාත්මක වන මෙම ව්යාපෘතිය හරහා ලේඛන කටයුතු අවම කිරීමට, සම්බන්ධීකරණය විධිමත් කිරීමට සහ කොළඹ වරාය හරහා භාණ්ඩ හැසිරවීමේ කටයුතු වේගවත් කිරීමට උපකාරී වන සම්බන්ධිත ඩිජිටල් පද්ධති දෙකක් වන නාවික සේවා හා තොරතුරු හුවමාරු පද්ධතිය සහ වරාය ප්රජා පද්ධතිය සංවර්ධනය කිරීම සඳහා ශ්රී ලංකා වරාය අධිකාරියට සහාය හිමි වනු ඇත.
කොළඹ වරාය වාර්ෂිකව එක්සත් ජනපදය හා සම්බන්ධ ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක් පමණ වටිනා භාණ්ඩ ප්රමාණයක් හසුරුවන බවත්, එය දකුණු ආසියාව ගෝලීය වෙළඳපොළ සමඟ සම්බන්ධ කරන ප්රධාන ප්රතිනැව්ගත කිරීමේ මධ්යස්ථානයක් ලෙස ක්රියා කරන බවත් ශ්රී ලංකාවේ එක්සත් ජනපද තානාපති එරික් මයර් මහතා පෙන්වා දී ඇත. එපමණක් නොව, ඇමෙරිකානු වෙළෙඳාම සම්පූර්ණයෙන්ම රැඳී ඇත්තේ කාර්යක්ෂම, විශ්වසනීය සහ නවීන වෙළෙඳාමේ අවශ්යතා සපුරාලීමට සූදානම් වරායන් මත බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්රධාන පුවත්
ඥානසාර හිමි නිදහස්කරන තෙක් මහ සඟරුවන විහාරමහාදේවී උද්යානයේ අඛණ්ඩ සත්යග්රහයක..
මහින්ද ගමන් ගන්නා ගුවන් යානයට ප්රහාරයක් එල්ල කළ යුතු බව එක්නැලිගොඩ කියලා.. එක්නැලිගොඩ සහෝදරයෙකු ලෙස ඇසුරු කළ බව හිටපු LTTE සාමාජික මුරලි ගෙන් ප්රකාශයක්..
ආසියාව තුළ සිය අභිමතය බලහත්කාරයෙන් පැටවීමට නේටෝ සංවිධානය උත්සාහ කරනවා – ලැව්රොව්
දූෂිත අමාත්යවරුන්ට සහ දූෂිත නිලධාරීන්ට පූජා භූමි සංවර්ධනය යනු අයුතු ප්රතිලාභ ලැබෙන ඉල්ලමක් බවට පත්වෙලා.. - ජාතික සංවිධාන කියයි
යුක්රේනයට සැපයූ මිසයිල “විවෘත වෙළෙඳපොළේ” විකුණා දමලා – ට්රම්ප්ගෙන් චෝදනාවක්!
ඩොලර් මිලියන 130ක සෞදි කොහුබත් ගනුදෙනුව අහිමි වූ හැටි මෙන්න..
ඥානසාර හිමිගේ නිදහස පතා මහ සඟරුවන ජනපති කාර්යාලය අසළ රැය පහන් කරති..
මාලිමාවට ඡන්දය දුන්න එම ගැන කණගාටු වෙනවා.. තඹුත්තේගම වීරයා බන්ධනාගාර කොමසාරිස්ට කළින්ම පැන්නා.. - මහාචාර්ය පූජ්ය පාතේගම ඤානිස්සර හිමි
ආණ්ඩුව බෞද්ධ උරුමය විනාශ කරනවා කියලා ජාතික සංවිධාන එකමුතුව බිල්ලෙක් මවන්න හදනවා.. අනුරාධපුර ඇතුල් නගරයේ ජනතාව නැවත පදිංචි කරන්න අක්කර 200ක් වෙන්කරලා තියෙන්නේ.. - ඇමති වසන්ත සමරසිංහ
ඥාණසාර හිමි නිදහස් කරන තුරු විරෝධය අඛණ්ඩව..
මැදපෙරදිග බල තුලනය වෙනස් කරමින් සවුදිය චීනයේ සහාය පතයි.. - ආචාර්ය ජගත් චන්ද්රවංශගෙන් අනාවරණයක්..
එක්සත් රාජධානියේ නව රැකියා පහකින් හතරක්ම විදේශිකයන්ට – වාර්තාවක් පවසයි
ඉන්දීය දේශසීමා උපාය නිසා චීන–ඉන්දීය සබඳතා නැවතත් අර්බුදයකට.. ස්ථාන නාම වෙනස් කිරීමට චීනයෙන් දැඩි විරෝධයක්..
ජාතික කොඩියෙන් සිංහයා ඉවත් කරන්න යෝජනාවක්.. - ජ්යෙෂ්ඨ නීතිඥ කල්යානන්ද තිරාණගමගෙන් විශේෂ හෙළිදරව්වක්
ලාල් විජේනායක කමිටු වාර්තාවේ ව්යවස්ථා ප්රතිසංස්කරණ යෝජනා වර්තමාන ආණ්ඩුවේ ක්රියාමාර්ගවලින් තහවුරු වෙන්නේ මෙහෙමයි.. නිරාගමික රාජ්යයකට යන ගමන..
සිවුරට යුක්තිය - නිදහසේ පා ගමන අද කොළඹට..