News Category
From Date
To Date
Maximum Number of Result

නගර සභාව තුළ සම්ප්‍රදායිකව සිදු කෙරෙන මූලික නඩත්තු කටයුතුවලින් ඔබ්බට ගිය සැබෑ මහජන සේවාවක් ඉටු කිරීමට පවතින බාධා හේතුවෙන් තමන් ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ජාතික ජන බලවේගයේ (මාලිමාවේ) මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා පවසයි.

රටේ පවතින වත්මන් ආර්ථික තත්ත්වය සහ මිල සූත්‍රයන් පිළිබඳව අදහස් දක්වමින්, ඉන්ධන මිල ඉහළ දැමීමට තමන් පෞද්ගලිකව විරුද්ධ නොවන බව මහාචාර්ය ලලිත්සිරි ගුණරුවන් මහතා පවසයි.

දේශපාලන වශයෙන් බෙලහීනතාවයෙන් පෙළෙන, නිසි දැක්මක් හෝ ස්ථාවරත්වයක් නොමැති නායකයින්ට රටක් වෙනුවෙන් නිවැරදි සහ තීරණාත්මක තීන්දු තීරණ ගත නොහැකි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ජාතික ජන බලවේගයට බලය හිමි මීගමුව මහ නගර සභාවේ නගරාධිපති රොබට් හීන්කෙන්ද මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

පෞද්ගලික බැංකුවකට ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් ලක්ෂ 250ක මුදලක් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ මහතා ඇතුළු සැකකරුවන් 28 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව, ඉදිරි නීතිමය පියවර සඳහා නීතිපති උපදෙස් වෙත යොමු කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (15) අධිකරණයට දැනුම් දුන්නේය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සහෝදරයෙකු වන සරත් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නිකුත් කළ නිවේදනයකට අනුව එක්සත් ජනපදය විසින් සටන් විරාමයෙන් පසුව ආරම්භ කරන ලද ආක්‍රමණයට පළිගැනීමක් ලෙස ඊයේ (14 ) බහරේනයේ සහ කුවේටයේ එක්සත් ජනපද හමුදා පහසුකම්වලට එරෙහිවNasr-2මෙහෙයුමේ තුන්වන රැල්ල දියත් කළ බවයි.

මුදල් වංචාවක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය එස්.බී.දිසානායක ගේ සහෝදරයා වන හිටපු පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක අත්අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 16 සහ 17 අතර යෞවනයන් සඳහා රාත්‍රී කාලයේ සමාජ මාධ්‍ය භාවිතය සීමා කරන නව නීතියක් හඳුන්වා දීමට එක්සත් රාජධානියේ රජය තීරණය කර තිබේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.