අභිචෝදක තනතුර: නීතිය දේශපාලනයට යටකිරීමක් - හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා
රජය විසින් යෝජනා කර තිබෙන නව අපරාධ නඩු අධ්‍යක්ෂ ධුරය (රජයේ අභිචෝදක තනතුර) නීතිය දේශපාලනයට යටකිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පුවත්පතකට පවසා ඇත.
මෙවැනි තනතුරක් 1970 – 1977 ආණ්ඩු කාලයේ ක්‍රියාත්මක විය. එකල නියෝජ්‍ය අපරාධ නඩු අධ්‍යක්ෂ පදවිය දැරූයේ තමා බැවින් මෙම කරුණ පිළිබඳව තමන් හොඳින්ම දන්නා බව පැවසූ සරත් එන් සිල්වා මහතා නීතිපතිවරයා සතු අපරාධ නඩු පිළිබඳ බලය විෂය භාර අමාත්‍යවරයා විසින් අපරාධ නඩු අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලබන වෙනත් බාහිර නීතිඥවරයකු යටතට පැවරීම බරපතළ වරදක් බව සඳහන් කළේය. මේ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද සංශෝධනය කළ යුතුය. එදා මෙම පත්වීම උපයෝගී කරගෙන පැවති බණ්ඩාරනායක රජය දේශපාලනඥයන් අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කළේය.
එකල විපක්ෂයේ සිටි කීර්තිමත් නීතිඥයකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාද මෙම දඩයමේ ගොදුරක් බවට පත්විය. ඇතුළත්මුදලි මහතා අත්අඩංගුවට ගැනීමේ නියෝගය රැගෙන අපරාධ නඩු අධ්‍යක්ෂ මහේස්ත්‍රාත්ගේ පෞද්ගලික නිවසට ගොස් නියෝග ලබා ගැනීමට තැත් කිරීම එකල මහත් ආන්දෝලනයට ලක්වූ බව සඳහන් කළ යුතුය. එහෙත් ඉහළ අධිකරණ මගින් රජයේ අපරාධ නඩු අධ්‍යක්ෂවරයාගේ තීරණ ප්‍රතික්ෂේප කිරීමත් සමඟ අර්බුදයක් හටගත්තේය.
එනිසා වත්මන් ආණ්ඩුවද අතීතයෙන් පාඩම් උගත යුතුය. තමා දන්නා ආකාරයට නීතිපතිවරයා සතු බලතල වෙනත් පාර්ශ්වයකට පැවරීම බරපතළ අගතිදායක තීන්දුවකි. හිටපු නීතිපතිවරයකු සහ අගවිනිසුරුවරයකු ලෙස තමන් මෙම තීරණය සම්බන්ධයෙන් නැවත සලකා බලන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද හෙතෙම සඳහන් කළේය.
මෙම නීතිය නිසා එදා බණ්ඩාරනායක රජය බලවත් අප්‍රසාදයට ලක්වූ අතර මහනුවර නීතිඥ සංගමය අපරාධ නඩු අධ්‍යක්ෂ පදවිය ස්ථාපිත කළ පනත ප්‍රසිද්ධියේ ගිනි තබා ඊට විරෝධය දැක්වූයේ යැයි ද හිටපු අගවිනිසුරුවරයා කීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..