අඛණ්ඩ ඉන්ධන සැපයුම... සංස්ථාවෙන් සහතිකයක්
අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාදීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.
එහි සභාපති ඩී.ඡේ රාජකරුණා සඳහන් කළේ, සති අන්ත නිවාඩු දිනයක් වන අද දිනයේ ද ඉන්ධන බෙදාහැරීම සිදු කෙරෙන බවයි.
කෙසේ වෙතත් සියයට තුනක වට්ටම් සම්බන්ධයෙන් නිසි විසඳුමක් ලැබී නොමැති බව ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසනවා.
දිවයින පුරා ඇතැම් ඉන්ධන පිරවුම්හල් අසළ පෙරේදා සිට පැවති ඉන්ධන පෝලිම් ඊයේ රාත්‍රීය වන විට සැළකිය යුතු මට්ටමකින් අඩු වූ බවයි අප වාර්තාකරුවන් පෙන්වා දුන්නේ.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හා ඉන්ධන බෙදුම්කරුවන් අතර මෙතෙක් පැවැති බෙදුම්කාරීත්ව ගිවිසුම අනුව පිරවුම්හලකින් අලෙවි කෙරෙන සෑම ඉන්ධන ලීටරයකටම සියයට 3 ක වට්ටමක් එම පිරවුම්හල් හිමිකරුවන්ට හිමිවුණා.
කෙසේ වෙතත් එම ගිවිසුම ඊයේ සිට අහෝසි කිරීමටයි ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබුණේ. ඒ, අදාළ වට්ටමේ ප්‍රමාණය තීරණය කිරීම සඳහා නව ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමේ අරමුණින්.
ඒ අනුව පිරවුම්හල්වල වියදම, පිරවුම්හල් අතර දුර , මාසිකව අලෙවි කරනු ලබන තොග ප්‍රමාණය, ආරම්භයේ සිට වසර 05 ක කාලයක් පවත්වාගෙන ආ දත්ත යන සාධක මත පදනම්ව පිරවුම්හල් වර්ගීකරණය කර ඇති අතර ඒ මත ඔවුන්ට ලබාදෙන වට්ටමේ ප්‍රමාණය තීරණය කෙරෙනවා.
මෙම තත්ත්වයත් සමග පිරවුම්හල් වෙත ජනතාව විශාල වශයෙන් පැමිනීම හේතුවෙන් පෝලිම් දක්නට ලැබුණා.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..