ඊශ්‍රායල-ඉරාන යුද්ධය නැවැත්වීමට වහා මැදිහත් වන ලෙස අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලමින් දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරයෙන් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලයට ලිපියක්..
ඊශ්‍රායල ඉරාන යුද්ධය නැවැත්වීමට වහා මැදිහත් වන ලෙස අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ඉල්ලමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය වෙත ලිපියක් භාරදීම දෙවන පරපුර දේශපාලන ව්‍යාපාරය විසින් ඊයේ(24) දින සිදුකරන ලදී.
එම ලිපිය මගින් අමෙරිකානු ජනාධිපතිවරයා වෙත පෙන්වා දී ඇත්තේ ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපති බවට පත්වීම සඳහා අමෙරිකාව ලෝකයේ වෙනත් කලාපවල යුද්ධ වලට මැදිහත් නොවීම වැනි සටන් පාඨ යොදා ගත්ත ද, ඒවා ක්‍රියාවට නංවා නොමැති බවයි.
අදාළ ලිපිය පහළින්..
ගරු තානාපති තුමිය,
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය.
මගින්,
ගරු ජනාධිපති,
ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිතුමා,
ධවල මන්දිරය,
නිව්යෝක්,
අමෙරිකාව.
ගරු ජනාධිපති තුමනි,
ඊශ්‍රායල ඉරාන යුද්ධය නැවැත්වීමට වහා මැදිහත් වන ලෙස කරනු ලබන ඉල්ලීමයි
මේ වන විට ඊශ්‍රායල ඉරාන ගැටුම අතිශය තීරණාත්මක අවධියකට පැමිණ තිබේය යන නිගමනය සමඟ ඔබ තුමා එකඟ වනු ඇතැයි අපි විශ්වාස කරමු.
ඔබගේ රට ,ඉරානය සහ ඊශ්‍රායලය යන රටවල් තුන මැදිහත්ව ඉරානය විසින් යුරේනියම් බල ගැන්වීම පිළිබඳ දින 60ක කාල සටහනකට අනුව කළ සාකච්ඡා අවසන් වී දිනක් ඇතුළත ඊශ්‍රායලය විසින් ඉරානයට දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කරනු ලැබුවේය. ඒ අනුව ඊශ්‍රායලය ඉරානයට ප්‍රහාර එල්ල කිරීම සඳහා පෙර සූදානමකින් සිටි බවට පවතින ලෝක ජන මතය බැහැර කළ නොහැකි බව ඔබ තුමාද පිළිගන්නවා ඇතැයි අපි විශ්වාස කරමු.
ඊශ්‍රායල නායකත්වය ඉරානයට පූර්ව අනතුරු ඇඟවිමේ ප්‍රහාරයක් දියත් කළ බව කියා සිටියත්, ඉරානය විසින් න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීමේ අද්දර සිටින බවට ඊශ්‍රායල බලධාරින් එල්ල කරන චෝදනාව ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත. ඒ බව තහවුරු කිරීමට ඇති ප්‍රභලතම සාක්ෂිය වන්නේ පසුගිය මාර්තු මාසයේදී, ඔබ තුමාගේ රාජයයේ ජාතික බුද්ධි අධ්‍යක්ෂිකා තුල්සි ගැබාර්ඩ් අමෙරිකානු සෙනෙට් බුද්ධි කමිටුවක් ඉදිරියේ සාක්ෂි දෙමින්, ”ඉරානය න්‍යෂ්ටික අවියක් ගොඩනඟන්නේ නැති බවත්, ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි 2003 දී ඔහු විසින් අත්හිටුවන ලද න්‍යෂ්ටික අවි වැඩසටහනට අවසර දී නොමැති බවත්” අමෙරිකානු බුද්ධි ප්‍රජාව තක්සේරු කරන බව අවධාරණය කිරීම මගිනි. ඒ අනුව, ඊශ්‍රායලයේ ප්‍රකාශ සරල ප්‍රකාශයන් ලෙස සැලකීමට නොහැක්කේ, ඔබ තුමාගේ රාජ්‍යය විසින් ඉරාකයේ ජනාධිපති සදාම් හුසේන් සතුව මහා විනාශකාරී අවි ඇති බවට 2003 දී සිදු කළ ප්‍රකාශ සහ ඊශ්‍රායලය විසින් සිදු කළ ප්‍රකාශ සමාන වන බැවිනි.
ඔබ තුමාට සිහිපත් කළ යුතු වඩාත් වැදගත්ම කාරණය වන්නේ, ඔබ තුමා අමෙරිකා එක්සත් ජනපදයේ නියමුවා වීම සඳහා පැවැති ජනාධිපතිවරණයේදී වර නැංවූ සටන් පාඨ අතර යුක්රේන- රුසියා යුද්ධය නැවැත්වීමට මැදිහත්වීම, අමෙරිකාව ලෝකයේ වෙනත් කලාපවල යුද්ධ වලට මැදිහත් නොවීම වැනි සටන් පාඨ ලෝක ජනයාගේ ආකර්ෂනය දිනා ගැනීමය. එලෙසම අහිමි වී ඇති අමෙරිකානු අභිමානය යථාවත් කිරීමට මැදිහත් වනවා යැයි පැවසීමද ලෝක ජනයාගේ ආකර්ෂණය දිනාගත් බවද අවධාරණය කරමු. එහෙත් ඔබ තුමා යුක්රේන-රුසියානු යුද්ධය නැවැත්වීමට මේවන තෙක් කිසිදු සාධනීය පියවරක් ගෙන නැත.
එපමණක් නොව ඔබගේ පූර්වගාමී ජනාධිපතිවරයා කියුබාවට එරෙහිව පනවා තිබූ සමහර සම්බාධක ඉවත් කළද ඔබ තුමා අමෙරිකානු ජනාධිපතිවරයා බවට පත්වී සිදු කළ පළමු රාජකාරි අතරට කියුබාවට දැඩි සම්බාධක පැනවීමටද කටයුතු කරනු ලැබුවේය. ඔබ තුමා වෙනත් අමෙරිකානු ජනාධිපතිවරයෙකුට වඩා ලෝක සාමය වෙනුවෙන් කටයුතු කරනු ඇති බවට ලෝක ජනයා තුළ ගොඩ නැගුනු අපේක්ෂාව කියුබාව සහ යුක්රේනය කෙරෙහි ඔබ තුමාගේ මැදිහත්වීම විසින් වනසා දමා තිබෙන බව පෙන්වා දීමට කැමැත්තෙමු.
ඒ අනුව ලෝක ජනයා ඔබ තුමා කෙරෙහි තැබූ විශ්වාසය මෙන්ම අමෙරිකානු ජනයා ඔබ තුමා යුද්ධ වලට පැටලෙන නායකයෙකු නොවන බවට තැබූ විශ්වාසය තහවුරු කිරීමේ මහඟු අවස්ථාව දැන් ඔබ තුමාට ලැබී ඇත. ඒ අනුව ඊශ්‍රායල ඉරාන යුද්ධය නැවැත්වීමට මැදිහත් වීම ඒ සඳහා ඔබ තුමාට තිබෙන හොඳම අවස්ථාවක් බව පෙන්වා දීමට කැමැත්තෙමු. අවසාන වශයෙන් ඊශ්‍රායලයේ අභාවප්‍රාප්ත හිටපු ජනාධිපති ෂිමොන් පෙරෙස් වරක් ප්‍රකාශ කළ ආකාරයට ”සැබෑ ජයග්‍රහණය සාමයේ අස්වැන්න නෙළීමට මිස තවත් යුද්ධයක බීජ සඳහා නොවේ.” යන ප්‍රකාශය ඔබ තුමා වෙත සිහිපත් කරමු. මැද පෙරදිග ඉතිහාසයේ ඇතිවූ බොහෝ මිලිටරි ගැටුම් ආරවුල් සමනය කර නැත. ඒ වෙනුවට, එම ගැටුම් නව ගැටුම් බවට පරිවර්තන්ය කිරීම සඳහා තව තවත් බීජ රෝපණය කර ඇත. ප්‍රචණ්ඩත්වයේ සහ ගැටුම්වල විෂම චක්‍රය කලාපයේ රටවල් අතර බෙදීම් ගැඹුරු කර ඇති අතර, ආරවුල් සාමකාමීව විසඳා ගැනීමේ මාවත වඩ වඩාත් දුෂ්කර වී තිබේ. ලේ වැගිරීම් සහ කැලඹීම් වලින් මිදීමට නම්, ”ඔබේ අසල්වැසියා හිඟන්නෙකු විය යුතුය” යන පැරණි වැඩවසම් මානසිකත්වය අතහැර දමා පොදු, පුළුල්, සහයෝගී සහ තිරසාර නව ආරක්ෂක දැක්මක් වැළඳ ගත යුතුය යන්න අවධාරණය කරමු. ඒ සඳහා ඔබගේ දායකත්වය අති විශාල බව දැඩිව අවධාරණය කරමු.
ස්තුතියි,
මෙයට විශ්වාසී,
උවිඳු විජේවීර ,
දෙවන පරපුර.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි