News Category
From Date
To Date
Maximum Number of Result

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම කාර්යාලයේ (පෙබරවාරි 26දින) පැවති තරුණ සැසියක් අමතමින් සදහන් කරන්නේ තමා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගෙන ඒමට කටයුතු කළ බැවින් අද එම කණ්ඩායමට ආණ්ඩු බලය ලබාගැනීමට හැකිවී ඇති බවය.

පසුගිය 24 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිය අමතමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ දිගටම එකඟතාවය පවත්වා ගැනීමට (Engagement) මෙන්ම මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන බවට පොරොන්දුවක් ලබාදී ඇත.

අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය විසින් ඊයේ(26) කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සංවිධානය කර තිබූ "යුක් රේන ප්‍රොක්සි යුද්ධය : ඇත්ත සහ බොරුව " ඡායාරූප ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ, ඊනියා මයිදාන් සහ ගෝල් ෆේස් පන්නයේ අරගල වලින් පාර කැපෙන්නේ සෙලෙන්ස්කිලා වැනි ජනතාවට විනාශය රැගෙන එන නායකයන්ට බවයි.

මහ බැංකු බැදුම්කර ගනුදෙනුවකට අදාල විමර්ශනයක් සදහා හිටපු මහ බැංකු අධිපතිවරයෙකු වන අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට ලබා දිය නොහැකි බව සිංගප්පූරු රජය ප්‍රකාශ කරයි. ඔහු ශ්‍රී ලංකාවේ ඉපදුන ද මේ වනවිට සිංගප්පූරු පුරවැසියෙක් බැවින් තම පුරවැසියන්ගේ ආරක්ෂාව පිළිබඳ වගකීමක් ඇතැයි ද සදහන් කර තිබේ.

ආහාර උද්ධමනය ඉහළ යෑම නිසා ලංකාවේ ජනතාව ඉදිරියේ දී මන්දපෝෂණ අර්බුදයකට මුහුණ දියහැකි අවදානමක් රට හමුවේ ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව පැවසීය.

අයවැය යෝජනා මගින් හෙද සේවාවට බරපතළ අසාධාරණයක් සිදුව ඇති බැවින් ඊට විරෝධය දක්වා අද (පෙබ. 27) දහවල් 12:00ට දිවයින පුරා පිහිටි සියලු රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය පවසා ඇත.

රිළා ගැටලුවට විසඳුමක් බලාපොරොත්තුවෙන් සිටි ගොවීන්ට හා ගම්වාසීන්ට ගපොළදොළුව ගොඩවෙල වසමේ රාජ්‍ය නිලධාරීන් විසින් දැඩි නීතිරීති පනවමින් රජයේ සහනය යටතේ වායු රයිෆල් ලබාදීමට පැය හතරක පමණක් කාලයක් ලබාදීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ප්‍රදේශවාසීන් එම නිලධාරීන්ට දැඩි ලෙස විරෝධයක් එල්ල කර ඒ පිළිබඳව කෘෂිකර්ම ඇමැති ලාල් කාන්තට ද පැමිණිලි කර තිබේ.

අද (27) දින දිවයිනේ සියලුම රෝහල් ඉදිරිපිට පැයක කාලයක් විරෝධතා ක්‍රියාමාර්ගවල නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ උප සභාපති නාලක හෙට්ටිආරච්චි සදහන් කරයි.

මෙරට මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරියට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් කාර්යාලයේ සහාය ලබාගැනීමට අවශ්‍ය නොමැති බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.