News Category
From Date
To Date
Maximum Number of Result

අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාදීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

අන්‍යාගමික අන්තවාදී නිරාගමික කල්ලි කණ්ඩායම් යොදාගනිමින් පාසැල් දරුවන් තුල තමන්ට අනන්‍ය සංස්කෘතික හර පද්ධතිය හා බුදුදහම අභියෝගයට ලක් කිරිමේ සූක්ෂම මෙහෙයුමක් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරින් ගේ අනුදැනුම මත සිදුවන බව ජාතික කාන්තා එකමුතුවේ සභාපති හෂිනි සිල්වා පවසයි.

ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන 14ක්, භාවිතයෙන් ඉවත් කරන ලද වාහන 6ක් සහ වාහන අමතර කොටස් අළෙවි කිරීමට අදාළ වෙන්දේසිය අරඹා තිබේ.

දින කීපයක් තුළ රජයට වී කිලෝ ග්‍රෑම් 16336 ක් ලබා දුන් බව වී අලෙවි මණ්ඩලය පවසයි. තඹලගමුව හා කන්තලේ පෝට කොටුව ගබඩා වලට මෙම වී තොගය ලබදුන් බව වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකරු (නැගෙනහිර) ඩබ්. ආර්. අජිත්

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

පාර්ලිමේන්තුවේ සභානායක හා අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ මෙරට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුව තිබේ. ඒ NXT සමුළුවේදීය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඉන්ධන බෙදාහරින්නන්ගේ සංගමය පවසන්නේ අද සහ හෙට දෙදිනෙන් පසු සඳුදා දිනයේ සිට රට පුරා පිරවුම් හල්වල ඉන්ධන අවසන් වනු ඇති බවයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින සියළුම රුසියානු ජාතිකයන් අංක 15 මාතර පාර, වැලිගම ලිපිනයේ පිහිටි පසිජොව් අවන්හල(https://maps.app.goo.gl/EVbaFe6Ec5F2t91R7?g_st=ic) වෙත යාමෙන් වලකින ලෙස ඉල්ලා සිටියි


ප්‍රධාන පුවත්

BRICS සහයෝගිතාව ශක්තිමත් කිරීමට චීන ජනපතිගෙන් යෝජනා පහක්..

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැත්වෙන 18 වැනි BRICS නායක සමුළුවේ දෙවැනි අදියරට එක්වෙමින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ දේශනයක් පවත්වා තිබේ.

මාලිමා පොළොන්නරුවේ ගොවි රැලියෙන් මාලිමා ගොවි නායක දෙපළ අතුරුදන් වෙලා..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේදී පැවැති ජාතික ජන බලවේගයේ දැවැන්ත ගොවි සමුළුවට එම පක්ෂයේ ප්‍රධානතම ගොවි නායකයන් දෙපළ වන කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත සහ නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් සහභාගි නොවීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍යයේ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

"අනුරාධපුරයේ ඩොටේ හිටපු ලාල් කාන්ත පට පට ගාලා තට්ටු තුනේ ගෙවල් හැදුවා.." ඒගොල්ලෝ කළු රාජ්‍යයට අයිති නැද්ද? - පොහොට්ටු රැලියේදී විමල් ප්‍රශ්න කරයි

රටත් ජාතියත් බේරාගැනීමට උර දුන් පිරිස ‘කළු රාජ්‍යයකට’ ලඝු කරමින්, වත්මන් ආණ්ඩුවට සහය දක්වන වංචනිකයින් ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා කටයුතු කරන බවට ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.