කතානායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් මහතා, මහරගම ආසනයේ වත්තේගෙදර කොට්ඨාස සංවිධායක නිරෝෂ් සෙල්ලහේවා මහතා ඇතුළු පිරිසක් අද දින අල්ලස් හා දුෂණ කොමිසම් සභාවේ සභාපතිතුමන්ට කතානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් සිදු කරනු ලබන බව කියන රාජ්‍ය දේපල අවභාවිතාව හා දූෂණය සම්බන්ධව කරුණු ඉදිරිපත් කරමින් පැමිණිල්ලක් බාර දෙන ලදී.
එහිදි නව ජනතා පෙරමුණ කොළඹ දිස්ත්‍රික් නායක මහරගම නගර සභාවේ නාගරික මන්ත්‍රි දිනේෂ් අබේකෝන් මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ,
කතානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතාට නිල වශයෙන් නිල නිවසක් ලබා දී ඇති බවය . නමුත් ඔහු කොළඹ 04,ලොරිස් පටුමග, අංක 02 ලිපිනයේ පිහිටි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට අයත් මහල් නිවාස සංකීර්ණයේ අංක 8/1 දරණ නිවස 2025 ජනවාරි මස සිට බාවිතා කරනු ලබන බවත් එලෙස කිසිම රාජ්‍ය නිළධාරියකුට හෝ දේශපාලඥයකුට නිවාස දෙකක් භාවිතා කල නොහැකි බවත් එය නීති විරෝධි කරුණක් බවත්ය.
මෙය රාජ්‍ය දේපල අවභාවිතාවක් මෙන්ම අපහරනයක් වන අතර පොදු දේපල පනත යටතේ ද 2023 දූෂණ විරෝධි පනත යටතේ ද ගැනෙන වරදක් බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේය.
පාර්ලිමේන්තු මහ ලේකම්තුමියගේ අත්සනින් නිකුත් කර ඇති පරිපාලන චක්‍රලේඛ 14/2025 අංක දරණ චක්‍රලේඛනය අනුව කතානායකතුමන්ට නිල වාහන දෙකක් පමණක් භාවිතා කල හැකි බවත් එම වාහන සඳහා ඉන්දන ලීටර් 900 පමණක් ලබා දේ. නමුත් වත්මන් කතානායක ජගත් වික්‍රමරත්න රජයේ වාහන තුනක් භාවිතා කරනු ලබන බවටද තොරතුරු ලැබී ඇත.
වෑන් රථය – NC 4923
කාර් රථය – CAN 8753
කාර් රථය – CBI 5198
මෙයද පොදු දේපල පනත යටතේ ද 2023 දූෂණ විරෝධි පනත යටතේ ද ගැනෙන වරදකි.
එමෙන්ම කතානායකතුමන්ගේ පෞද්ගලික ලේකම්ට ද ඔහු භාවිතා කරන ලොරිස් පටුමග නිල නිවසේම නවාතැන් ලබා දී ඇති අතර පෞද්ගලික ලේකම්තුමන්ට දිවා අහාර සැපයීම සිදු කරනු ලබන්නේ පාර්ලිමේන්තු වියදමින් බවටද අපට තොරතුරු ලැබී ඇත. මෙයද නීති විරෝධි ක්‍රියාවකි.
තවද පෞද්ගලික ලේකම්ට නිල වාහන ඉන්දන ලබා දී තිබියද ඔහු භාවිතා කරනු ලබන්නේ කතානායකතුමන් භාවිතා කරන නිල වාහනම වේ.
මෙලෙස වත්මන් ජාතික ජන බලවේග ආණ්ඩුවේ කතානායකතුමන් විසින් සිදුකරන දූෂණ විරෝධි ක්‍රියාපිළිබඳව හා අවභාවිතා කරන මහජන මුදල් පිළිබඳව පැහැදිලි පරීක්ෂණයක් සිදු කර මේ කරුණු පිළිබඳව සත්‍ය රටට හෙළි කරන ලෙස ඉල්ලා අද දින අල්ලස් හා දූෂණ කොමිසම් සභාවේ සභාපතිතුමන්ට පැමිණිල්ලක් නව ජනතා පෙරමුණ විසින් බාර දුන් බව ප්‍රකාශ කරන ලදී.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි