බදු ගැන ශ‍්‍රී ලංකා-ඇමරිකා ඒකාබද්ද ප්‍රකාශනය ආණ්ඩුවේ බොහෝ කථා මෙන්ම තවත් “බොරුවක්” - හර්ෂ ද සිල්වා
ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර තීරුබදු සම්බන්ධයෙන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කිරීමට නියමිත බවට ආණ්ඩුව මීට පෙර පැවසුවද, එය ආණ්ඩුවේ බොහෝ කථා මෙන්ම තවත් “බොරුවක්” බවට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.
ඔහු X (ට්විටර්) හි පළ කළ සටහනක සඳහන් කර ඇත්තේ, මෙම කාරණය සම්බන්ධයෙන් උදව් කිරීමට විපක්ෂය ඉදිරිපත් වූ විට ආණ්ඩුව එය ප්‍රතික්ෂේප කර සිනාසුණු බවයි.
“ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඔහුගේ ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණා ඔවුන් කරන්නේ මොනවද කියලා දන්නවා කියලා. ඒ වගේම ආර්ථිකයේ ස්ථාවරත්වය සහ ශක්තිමත් වර්ධනයක් ඇති කරන බවත් කිව්වා. ඒ වගේම දෙරට අතර ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරනවා කිව්වා. නමුත් ඒකත් ඔවුන්ගේ බොහෝ කථා වගේම තවත් බොරුවක් බවට පත් වුණා. ඔව්, තව දින කිහිපයක් තියෙනවා, අපි ඔවුන්ට අවස්ථාව දෙමු. නමුත් ඔවුන් එය ඉටු නොකළොත් මොකද වෙන්නේ? සැලසුම් B සහ C මොකක්ද? මේ සඳහා උපාය මාර්ගය මෙහෙයවන්නේ කවුද? මේ වතාවේ බොරු වලින් වැඩක් වෙන්නේ නැහැ,” ඔහු පැවසීය.
“වියට්නාමයට වඩා හොඳ අමෙරිකානු තීරුබදු ගිවිසුමක් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි වේවිද? අමෙරිකාව සමඟ තීරුබදු සාකච්ඡාවල වත්මන් තත්ත්වය පිළිබඳව මා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළ විට, ඇමති අනිල් ජයන්ත පුරසාරම් දෙඩුවේ ජූලි 9 වැනිදා නියමිත දිනට පෙර අමෙරිකාව සමඟ ගනුදෙනුවක් සාකච්ඡා කරන එකම ආසියානු රට ශ්‍රී ලංකාව බවත්, ප්‍රධාන ප්‍රගතියක් සහ ධනාත්මක ප්‍රතිඵල අපේක්ෂා කරන බවත්ය. කෙසේ වෙතත්, වියට්නාමය දැනටමත් මේ සතියේ ඔවුන්ගේ 46% ක තීරුබදු 20% දක්වා අඩු කර ගැනීමට ගනුදෙනුවක් සිදු කර ඇති අතර, ඉන්දියාව සමහර HS කේත ශුන්‍ය දක්වා අඩු කිරීම ඇතුළුව ගනුදෙනුවක් අවසන් කිරීමට දිවා රෑ වෙහෙස මහන්සි වී වැඩ කරයි. ඉන්පසුව, ඔවුන් මේ වසර අගදී පුළුල් වෙළඳ ගිවිසුමක් සැලසුම් කරමින් සිටිනවා,” මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?
''භික්ෂුවගේ සිවුර ඉවත් කිරීම සංඝ සභාවේ තීරණයක් විය යුතුයි'' - කෝට්ටේ සංඝ සභාවෙන් බන්ධනාගාර කොමසාරිස්ට ලිපියක්
සරම්ප වසංගතය දරුණු වෙයි: නිව්යෝර්ක් හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කරයි! ඇමරිකාවේ සරම්ප රෝගීන් 3,887ක් – පෙන්සිල්වේනියා මරණ වාර්තා සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම් රොබට් එෆ්. කෙනඩි ජූනියර් ප්‍රශ්න කරයි