මෙරට ජනගහණය 21,781,800යි.. සෑම කාන්තාවන් 100 දෙනෙකුටම සිටින පිරිමින් සංඛ්‍යාව 93යි..
ශ්‍රී ලංකාවේ මුළු ජනගහණය 21,781,800 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ඊයේ(30) ප්‍රකාශයට පත් කරනු ලැබීය.
ඒ පසුගිය වසරේ මුළු දිවයිනම ආවරණය කෙරෙන පරිදි සිදුකළ ජන හා නිවාස සංගණනයේ දත්ත උපයෝගී කරගනිමින්.
ඒ අනුව, සමස්ත ජනගහණයෙන් කාන්තාවන්ගේ ප්‍රතිශතය 51.7% ක් වන අතර, පිරිමින්ගේ ප්‍රතිශතය 48.3%ක් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ සංඛ්‍යාලේඛනවල සඳහන්.
එමෙන්ම, පුමිතිරි අනුපාතය සටහන් වන්නේ කාන්තාවන් 100 කට පුරුෂයින් 93.3 ක් ලෙසින්.
එහිදී වයස අවුරුදු 15 ට අඩු පුද්ගලයින් සංඛ්‍යාව 2012 ට සාපේක්ෂව 4.5% කින් අඩු වී ඇති අතර, වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටි පුද්ගලයින් සංඛ්‍යාව 2012 ට සාපේක්ෂව සැලකිය යුතු ලෙස වැඩි වී තිබේ.
එමෙන්ම ,අවුරුදු 15 - 64 අතර පිරිස 66.7% ක් ලෙසයි එම වාර්තාවේ සඳහන්.
රටේ ජනවාර්ගික බෙදීම සිංහල - 74.1%, දෙමළ - 12.3%, මුස්ලිම්/යෝනක - 10.5%, ඉන්දියානු දෙමළ - 2.8%, ලෙසයි දැක්වෙන්නේ.
2012 ට සාපේක්ෂව, ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන් සමස්ත ජනගහණය අතර ඉහළම වර්ධන වේගය වාර්තා කර ඇති අතර, එය මුළු ජනගහණයේ වර්ධන වේගය මෙන් තුන් ගුණයකටත් වඩා වැඩියි.
උතුරු, නැගෙනහිර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ජනගහණයෙන් 70% කට වඩා සිංහල ජනතාව වන අතර, මන්නාරම දිස්ත්‍රික්කයේ ශ්‍රී ලාංකික දෙමළ සංඛ්‍යාවේ 7.7% ක සැලකිය යුතු අඩුවීමක් වාර්තා වී තිබේ.
ෙඅම්පාර, පොළොන්නරුව සහ හම්බන්තොට හැර අනෙකුත් දිස්ත්‍රික්කවල ඉන්දියානු දෙමළ ජනගහණය ද සැලකිය යුතු ලෙස අඩුවී තිබේ.
එමෙන්ම, බෞද්ධ - 69.8%ක්ද, හින්දු - 12.6%ක්ද, ඉස්ලාම් - 10.7%ක්ද, රෝමානු කතෝලික - 5.6%ක්ද, ක්‍රිස්තියානි - 1.3%ක්ද, ලෙස එම සංගණන වාර්තාවේ සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..