රජය ඩබල් කැබ් ගන්න යන්නේ නියමිත ජාත්‍යන්තර ටෙන්ඩරයට පිටින් – රවී කියයි..
රජය ඩබල් කැබ් රථ 1775ක් මිලදී ගැනීමට සූදානම් වන බවත් එය නියමිත ජාත්‍යන්තර ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව සිදු කිරීමට යන බවටත් හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවි කරුණානායක පවසයි.
හෙතෙම මේ බව පැවැසුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.
මීට මාස 3කට පමණ පෙර හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක රජය කිරීමට සූදානම් වන මේ මිලදී ගැනීම පිළිබඳ පාර්ලිමේන්තුවේදී ද ප්‍රශ්න කළේය. ඒ මතකයද අවිදි කරමින් හිටපු මුදල් අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී මෙසේ අදහස් දැක්වීය.
‘‘පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ටත් එක්ක ඩබල් කැබ් 2000ක් ගේන්න ඕන කියලා ආණ්ඩුවේ යෝජනාවක් ආවා. ඒ වෙලාවේ මම කිව්වා මන්ත්‍රිවරුන්ට වාහන අවශ්‍ය නෑ. නමුත් ඔබ තුමාලාට මේ වාහන වෙන අයට දෙන්න ඕන නම් මන්ත්‍රිවරුන්ට දෙනවා කියලා ගේන්න එපා කියාල. ඊට පස්සේ ඒක යට ගියා. නමුත් ඊයේ පෙරේදා මේක ආයිත් මතු වුණා. ඩබල් කැබ් 1775ක් දින 12ක් ඇතුළත ටෙන්ඩර් කරලා ගන්න තමයි හදන්නේ. 2000 ක් ගේන්න ගිය එක 1775 වුණේ මන්ත්‍රිවරු 225 අඩු කරලා. මේ වාහන ටික ගේන්න ලංකා රජයට රු බිලියන 42.8 ක් වියදම් වෙනවා.
අනිත් එක තමයි මේ තරම් විශාල මුදලක් වැය වෙන ජාත්‍යන්තර ටෙන්ඩරයට දීලා තියෙන්නේ දවස් 12ක් විතරයි. නමුත් නියම ක්‍රමවේදයට අනුව නම් දවස් 42ක් දෙන්න ඕන.මේ ටෙන්ඩර් එකට ඉල්ලුම් කරන්න නම් ආයතනයකට වාර්ෂික පිරිවැටුම බිලියන 10ක් අවමය තිබිය යුතු යි. ඒ වගේම වාහන සේවා කරන ආයතන දිවයින පුරාම තිබිය යුතුයි. එන්ජින් ධාරිතාව 2500 cc විය යුතුයි. මෙහෙම බැලුවාම එක ආයතනයකට විතරයි ටෙන්ඩරයට ඉල්ලන්න පුළුවන් කම තියෙන්නේ.
අනිත් දේ තමයි, ආණ්ඩුවට මේ වාහන දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එහෙම වුණොත් එක වාහනයකට වැය වෙන්නේ රු. මිලියන 16.5ක් විතරයි. නමුත් ගන්න යන්නේ එකක් මිලියන 24.5 ගානේ. දේශීය වශයෙන් ගත්තොත් ලාභෙ මිලියන 8යි. 3ට 1ක් අඩුයි.
මේ වාහන කාගෙන් ගත්තත් ආණ්ඩුව මේ කරන්න යන්නේ අපරාධයක්. ඇයි තව දුරටත් ලංකාවට ඉන්ධනවලින් දුවන වාහන ගෙන්වන්නේ? මේ වාහනයක් ඉන්ධන ලීටරයකට කි. මී. 6ක් 7ක් දුවනවා නම්, අවුරුද්දකට තෙල්වලට විතරක් මිලියන 8ක් වියදම් වෙනවා. මේ නාස්ති කරන්නේ අපේ විදේශ විනිමය. අපි විදුලියෙන් දුවන වාහන ගෙනාවනම් අපිට කි.මී. ගෙවන්න වෙන්නේ රු. 4ක් හෝ 5ක්. එහෙම වුණා නම් අපිට බිලියන 8ක් ඉතුරු වෙනවා. එතකොට වාහනේ අවුරුදු 5ක් පාවිච්චි කරනවා නම් අවුරුදු පහටම අපට බිලියන 40ක් ඉතිරි කරන්න පුළුවන්. බිලියන 40ක් කියන්නේ සුළුපටු ගාණක් නෙවෙයි. අපිට තවත් මහවැලියක් හදන්න පුළුවන්.
ලංකා රජයට මේ වෙනකොටත් වාහන 87000ක් තියෙනවා. නමුත් ලෝකයේ දියුණු රටක් වන ඔස්ට්‍රේලියාවේ රජයට තියෙන්නේ වාහන 7800ක් විතරයි.
වාහන ගේන්නම ඕන නම් මම කියන්නේ ඩීසල් වාහන ගේන්න එපා ඉලෙක්ට්‍රික් වාහන ගේන්න. එතකොට මම කිව්වා වගේ ඉන්ධනවලින් අවුරුද්දකට බිලියන 8කුත් වාහනවලට වියදම් කරන මුදලෙන් බිලියන 16කුත් ඉතුරු කරන්න පුළුවන්. ඉලෙක්ට්‍රික් වාහන ගෙනාවොත් ඒවා චාජ් කරන්න තැන් නෑ කියලා කියන්න පුළුවන්. ඉතින් මේ ඉතිරිවන මුදලින් ලංකාව පුරාම චාර්ජ් කරන සෙන්ටර් හදන්න පුළුවන්. ඒක මුළු රට වෙනුවෙන්ම කරන ආයෝජනයක්.‘‘
- ගයත්‍රී ගිගනආරච්චි
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..