News Category
From Date
To Date
Maximum Number of Result

නුවරඑලිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 3කට ලංකා කම්කරු කොංග්‍රසයෙන් තේරිපත් වූ සභාපතිවරුන් සහ උප සභාපතිවරුන් සිය ධූරයේ වැඩ භාර ගැනිම සිදු කරනු ලැබූහ.

අග්නිදිග විශ්වවිද්‍යාලයේ සිසුන් 22කගේ පංති තහනම් කිරීමට විශ්වවිද්‍යාල බලධාරීන් පියවර ගෙන තිබේ.

ඉරානයේ න්‍යෂ්ටික කඳවුරුවලට එල්ල කරන ලද ඇමරිකානු ප්‍රහාර මගින් එරට න්‍යෂ්ටික වැඩසටහන සම්පූර්ණයෙන් විනාශ වී නැති බවත්, එය මාස කිහිපයකින් පමණක් ප්‍රමාද වූ බවත් පෙන්ටගනයේ මූලික බුද්ධි තක්සේරුවකින් හෙළි වී තිබෙන බව බීබීසී වාර්තා කරයි.

ඊශ්‍රායල ඉරාන යුද්ධය තෙවන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වීම වැලැක්වීමට හදිසි සහ විධිමත් මැදිහත් වීමක් කරන්නැයි ඉල්ලා ජාතක නිදහස් පෙරමුණ විසින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම්වරයා වෙත ලිපියක් බාරදී තිබේ.

ඉකුත්දා අප අතරින් වියෝ වූ හිටපු පළාත් සභා මන්ත්‍රී, ඉතිහාසඥ සේනාරත්න ද සිල්වා මහතා මෙරට ඉතිහාසය පිළිබඳව සිදුකළ සුවිශේෂී අනාවරණයක් පහත වීඩියෝවෙන් දැක්වේ.

විදේශීය සිසුන්ට හාවඩ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීම තහනම් කිරීමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ තහනම එරට ෆෙඩරල් විනිසුරුවරයෙකු විසින් දෙවන වරටත් අවහිර කර තිබේ.

ඉරාන-ඊශ්‍රායල ගැටුම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් චීනය ප්‍රකාශ කර ඇත්තේ සංවාදය හා සාකච්ඡාව ප්‍රශ්න විසඳා ගැනීමේ නිවැරදි ක්‍රමය බවයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමයට ගරු කරන්නේ ඊශ්‍රායලය ද එම කොන්දේසි පිළිපදින්නේ නම් පමණක් බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසා ඇත.

ජාතික ජන බලවේගය බුද්ධිමය වශයෙන් එතරම් පරිණත ව්‍යාපාරයක් ලෙස නොපෙනෙන බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.


ප්‍රධාන පුවත්

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.