News Category
From Date
To Date
Maximum Number of Result

ඊයේ (24දා) මැදියම් රාත්‍රියේ දී නත්තල උදාවූ අතර, මෙවර නත්තලේ තේමාව වූවේ දිළින්දන් සමඟ නත්තල් උත්සවය සැමරීම යන්නය.

මහජන යුතුකම් කේන්ද්‍රය නිවේදනයක් නිකුත්කරමින් පවසන්නේ මෙම වසර තුළ මේ වන විට වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් 1500 ක් විදේශ ගත වූ බව පසුගියදා වාර්තා වී ඇති බවත්, වෛද්‍යවරුන්ගේ රට හැර යෑම මේ වනවිට සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත්ය.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා තමාට සෙසු පක්‍ෂවල සහාය ලබාගන්නා ආකාරය පිළිබඳව කතාබහ ආරම්භ කරන බව ප්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා මහතා සති අග ජාතික පුවත්පතකට පවසා තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ උත්සව සමය වෙනුවෙන් පොලිස් නිලධාරීන් විශේෂ රාජකාරිවලට යොමු කිරීමට අවශ්‍ය බැවින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල සාමාජිකයන් සොයාකරන ‘යුක්තිය’ මෙහෙයුම අද (24) සිට දින කීපයකට අත්හිටුවන බව යි.

මොස්කව් පරිපාලන්ය “මිත්‍රශීලී නැතැයි” සලකන ජාතීන්ගේ නායකයින්ට මේ වසරේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ සම්ප්‍රදායික අලුත් අවුරුදු සහ නත්තල් සුබ පැතුම් එවන්නේ නැති බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් සෙනසුරාදා TASS පුවත් සේවය වෙත පසමින් අවධාරණය කර සිටියේ රුසියාවේ මිතුරන්ට සහ සංධානගත රාජ්‍ය වල නායකයන්ට පමණක් අලුත් අවුරුදු සුභ පැතුම් පණිවිඩ රුසියාවෙන් ලැබෙනු ඇති බවයි.

මහජන ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ අද (24) අලුයම අවසන් කෙරුණු යුක්තිය පැය 24ක මෙහෙයුම් තුළින් සැකකරුවන් 1534 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මන්නාරම නගරයේ නිවසක සඟවාගෙන සිටි ජෙලට්නයිට් නැමති පුපුරණද්‍රව්‍ය කූරු 525 ක් සහ ඩෙටනේටර් නැමති පුපුරණද්‍රව්‍ය 354 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවට මන්නාරම පොලිසිය පවසයි.

ජාතික සුරක්ෂිතතා දිනය සැමරීම සදහා මේවන විට සියලු කටයුතු සූදානම් කර ඇතිබව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය.

හුස්ම ගැනීමට අපහසු තත්ත්වයෙන් සහ පෙනහළු ආසාදිත තත්ත්වයකින් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළ පුද්ගලයකු මියගොස් ඇති බවත් ඔහුගේ මරණයෙන් පසු සිදු කළ පී.සීආර්. පරීක්ෂණයේදී ඔහු කොවිඩ් ආසාදිතයකු බවට තහවුරු වී ඇති බවත් මහනුවර ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.


ප්‍රධාන පුවත්

විමර්ශන යට ගැසීමේ අවශ්‍යතාවය මත කොළඹ මහ නගර සභාවේ භාණ්ඩාගාරිකතුමියට ස්ථාන මාරුවක් ලබාදීලා - හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙලගෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට ලිපියක්..

කොළඹ මහ නගර සභාවේ නාගරික භාණ්ඩාගාරික තුමියට ස්ථාන මාරුවීමක් ලබාදි ඇති බවත්, කෝපා කමිටුව විසින් විමර්ශන අවසන් වන තුරු නාගරික භාණ්ඩාගාරික තුමිය එම තනතුරේ තබාගත යුතු යැයි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්තුමිය විසින් තීරණයක් ලබා දීතිබියදී කෝපා කමිටු විමර්ශනයන්හි ප්‍රධාන සාක්ෂිකාරිනියක වන කො.ම.න.ස.භාණ්ඩාගාරික තුමිය මාරුකර යවා ඇත්තේ මෙම විමර්ශන යට ගැසීමට ඇති අවශ්‍යතාවය මත බවත් සඳහන් කරමින් හිටපු නාගරික මන්ත්‍රීනී ශර්මිලා ගෝනවෙල මහත්මිය විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා වෙත ලිපියක් යොමුකර තිබේ.

රණවිරුවන් දිවිපුදා රැකගත් මව්බිමේ ඒකීයභාවය අණතුරේ - විමල් රණවිරු සමරුවේ දී කියයි (වීඩියෝ)

රට, දැය, සමය රකින ප්‍රධානම බලවේගයක් වන්නේ රණවිරුවන් බවත්, අතීතයේ දීත් රටට එරෙහි අක්‍රමණවලින් රට ජාතිය බේරා ගැනීමට රුධිරය හෙලූ මුතුන් මිත්තන්ගේ රුධිරයෙන් මේ මාතෘභූමිය සුපෝෂිත වී ඇති බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී සවීන් සේමගේ ඉල්ලා අස්වෙයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ සෙනසුරාදා (17) සිට සිය ඉල්ලා අස්වීම භාර දී ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලංකාව ඉන්දියාවේ "අසල්වැසියා පළමුව" ප්‍රතිපත්තියේ කේන්ද්‍රස්ථානයයි !ත්‍රස්තවාදයට එරෙහි සටනේදී සහයෝගීතාවය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට ස්තූතිවන්ත වෙනවා- ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා

සින්ඩෝර් මෙහෙයුමෙන් පසු, ඩේලි මිරර් පුවත් පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා පැවසුවේ, විශේෂයෙන් ශ්‍රී ලංකාව වැනි රටවලට කලාපයේ ආර්ථික ස්ථාවරත්වය ආරක්ෂාව මත රඳා පවතින බවයි.

ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ ජාලා පිටුවට එහි පරිශීලකයන්ගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ.

ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)

යුද විජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය සහ හමුදා නායකත්වය අමතක නොකළ යුතු බවත්, සියලු දෙනාගෙන්ම ඉතිහාසය අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.