News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි.

ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා පත්කර තිබේ.

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා තම පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

තමිල්නාඩුවේ ප්‍රචලිත මාරාන්තික ක්‍රීඩාවක් සේ සැලකෙන ජල්ලි කට්ටු තරග විධිමත් තරගයක් ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන් මහතාගේ මුලිකත්වයෙන් ත්‍රිකුණාමලයේ සාම්පුර් ක්‍රීඩාංගණයේදී පවත්වා තිබේ.

මත්ද්‍රව්‍ය හා පාතාලය මැඩ පැවැත්වීමේ මෙහෙයුම් සියල්ලක්ම සිදු කරන්නේ රටේ අනාගතයේ බාරගැනීමට සිටින දූ දරුවන් වෙනුවෙන් බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (08) සිට අද (09) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 950ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

නිදහස ජනතා සභාව පසුගිය මාස අටක කාලය පුරාවට සියලු විපක්‍ෂ බලවේග සමඟ සාකච්ඡා කරමින් විපක්‍ෂයේ පාලමක් හදන්න උත්සා කළ ද එය අසාර්ථක වූ බව නිදහස ජනතා සභාවේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

මෙරට පවුල් ලක්ෂ 31 කට ආසන්න සංඛ්‍යාවක් ණයගැති භාවයෙන් පෙළෙන බවත්, ඉන් ලක්ෂ 07 කට ආසන්න සංඛ්‍යාවක් ණය ලබාගෙන ඇත්තේ එදිනෙදා ආහාර වෙනුවෙන් බවත්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාත අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසයි.

මීට අවුරුදු එකහමාරකට පෙර ඉන්ධන නෞකාවක් එනතුරු මගබලා සිටි රටක් වූ ශ්‍රී ලංකාව දැන් ජාත්‍යන්තර මුහුදේ ආරක්ෂාවට නෞකා යවන තත්ත්වයට පත්ව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.


ප්‍රධාන පුවත්

ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ ජාලා පිටුවට එහි පරිශීලකයන්ගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ.

ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)

යුද විජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය සහ හමුදා නායකත්වය අමතක නොකළ යුතු බවත්, සියලු දෙනාගෙන්ම ඉතිහාසය අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.