නි.ඇමැති කෙනෙක් මාධ්‍යවේදනියකට කැතවිදියට කතා කරලා..
නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදනයකට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අසෝබන අයුරින් කතා කර ඇතැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා මාධ්‍ය හමුවකදී අද (23) පැවසීය.
පාර්ලිමේන්තුව ඇතුලේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්, මාධ්‍යවේදියක් හෝ පාර්ලිමේන්තු සේවිකාවක් කිසිම අයුරක ලිංගික අඩන්තේට්ටමකට ලක් නොවිය යුතු බවද අජිත්.පී. පෙරේරා මහතා සඳහන් කළේය.
"ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදිනියකට ඉතාම නරක විදියට තවත් මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරියේ නියෝජ්‍ය අමාත්‍යවරයෙක් අසෝබන ලෙස කතා කර ඇතැයි පාර්ලිමේන්තුව ඇතුලෙන් මට ආරංචි වුණා. ඔහු කලින් අධ්‍යාපනය සම්බන්ධවත් වගකීම් දරපු පුද්ගලයෙක් පාර්ලිමේන්තුව ඇතුලේ බොහොම හයියෙන් යම් කාරණා ගැන කතා කරනවා.පාර්ලිමේන්තුව ඇතුලේ චන්ඩ් කතාවක් කරලා ඒ ගමන්ම එළියට ගිහිල්ලා දක්ෂ, තරුණ මාධ්‍ය වේදනයකට නොකළ යුතු පීඩාකාරී අයුරින් තවත් අය ඉදිරිපිටදී හිංසාකාරීන් ලෙස කතා කර තියෙනවා.
ඒ වාචික ප්‍රහාරයට ලක් වීමට අකමැති බවට දිගින් දිගටම ඇය ප්‍රකාශ කරද්දී මෙලෙස ඉරිහැරයට ලක් කර තිබෙනවා.
මේක ඉතා බරපතල ප්‍රශ්නයක්. පාර්ලිමේන්තුව ඇතුලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්, මාධ්‍යවේදියක් හෝ පාර්ලිමේන්තු සේවිකාවක් කිසිම විදියක, කිසිම අයුරක ලිංගික අඩන්තේට්ටමකට ලක් නොවිය යුතුයි.විශේෂයෙන් කාන්තාවන් ආරක්ෂා කර ගැනීමේ වගකීමක් අපට තිබෙනවා. මේ මාධ්‍ය වේදනියට අදාල නියෝජ්‍ය අමාත්‍යවරයා තවත් මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් ඉදිරිපිට කරපු මේ බරපතල අපචාරී ක්‍රියාව අප තරයේ හෙලා දකිනවා. මේ නියෝජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව විනයානුකූලව කටයුතු කිරීමේ වගකීමක් ජනාධිපතිවරයාට තිබෙනවා.
මේ උදවියට රාජ්‍ය බලය ඇඟට ගහල තියෙන්නේ. තමන් එක්ක එකට වැඩ කරපු ප්‍රසිද්ධ දක්ෂ මාධ්‍ය වේදනියකට මේ අයුරින් සැලකීම බරපතල උද්දච්චකමක් බරපතල වරදක් ලෙස අප දකිනවා. ඇත්ත වශයෙන්ම දණ්ඩ නීති සංග්‍රහය යටතේ පවා ඔහුට එරෙහිව කටයුතු කරන්න පුළුවන් යනුවෙන්ද අජිත් පී. පෙරේරා මහතා සඳහන් කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..