News Category
From Date
To Date
Maximum Number of Result

ඊයේ දින ජාතික ඒකාග්‍රතාවය සහ ප්‍රතිසන්ධාන කාර් යාල පනතට විරුද්ධ වීමේ රහස පිළිබඳව ලංකා ලීඩර් වෙබ් අඩවිය ජාතික සංවිධාන වල මතය විමසන ලදී.

ලබන සැප්තැම්බරයේ ජනාධිපතිවරණය පවත්වා අනතුරුව 2025 ජනවාරි මාසයේදී මහ මැතිවරණය පැවැත්වීමට එජාප කළමනාකරණ කමිටුවේදී තීරණයකට එළඹී ඇති බව වාර්තා වේ.

මෙරට මුහුදු සීමාවෙන් ගමන් ගන්නා විදෙස් නැව් මගින් ඩොලර් මිලියන 51ක් පමණ අයවිය යුතු අතර එම කටයුතු මෙතෙක් නිසි ලෙස සිදුවූ නොමැති නිසා ජල ශාස්ත්‍රීය පනත් කෙටුම්පත සැකසුවද එම කටයුත්තට නාරා ආයතනය දැඩි ලෙස විරුද්ධව කටයුතු කළ බව ආණ්ඩු ක්‍රම ව්‍යවස්තා ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09දා) පැවසීය.

වෛද්‍යවරුන් සඳහා පමණක් රුපියල් 35,000ක දීමනාවක් ලබාදීමට විරෝධය පළ කරමින් අද (10) උදෑසන 8.00 සිට පැය 48ක සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණ තීරණය කර ඇති බව වාර්තා වේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතාට එල්ල වන චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කර ඇති බව වාර්තා වේ.

දිව්‍යලෝකයට යාම පිණිස මිහිපිට ජීවිතය අත්හරින ලෙස මතවාදයක් ප්‍රචාරය කරමින් හත්දෙනකුට දිවි නසාගන්නට පෙලඹවූ රුවන් ප්‍රසන්න ගුණරත්න නමැත්තාගේ කල්ලියට සෘජුවම සම්බන්ධ වූ තිස්දෙනෙකු ගැන දැනට අනාවරණය කරගෙන ඇතැයි ජාතික පුවත්පතක් වාර්තා කරයි.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාලේඛන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සිදු කළ පර්යේෂණයකට අනුව මේ ආර්ථික විනාශය නිසා ලක්ෂ 31ක් දැවැන්ත ණය බරතාවකින් පෙලෙන බවත් ඒ අතරින් ලක්ෂ 7ක් ණය ලබා ගෙන ඇත්තේ ආහාර ලබා ගැනීමට බවත් ලක්ෂ 10ක් ණය අරගෙන ඇත්තේ රන් ආභරණ උකස් කරමින් බවත් මෙය එම පවුල්වල අධ්‍යාපනය, සෞඛ්‍ය හා පෝෂණයට සෘණාත්මකව බලපා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමන් අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් නමින් හඳුන්වාගන්නා පුද්ගලයෙක් සම්බන්ධව සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක් මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දී තිබේ.

ජාතික සමගිය සහ ප්‍රතිසංවිධානය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත දෙවන වර කියවීම සඳහා අද (09) පාර්ලිමේන්තුවේදී ඡන්දයක් පැවැත්වුණි.


ප්‍රධාන පුවත්

ජනපති අනුරගේ ෆේස්බුක් යාළුවෝ තරහ වෙලා.. යුද ජයග්‍රහණය ගැන සටහනක් නැති වීම ගැන දැඩි විරෝධයක්..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සමාජ ජාලා පිටුවට එහි පරිශීලකයන්ගෙන් විරෝධය එල්ල වෙමින් තිබේ.

ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)

යුද විජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය සහ හමුදා නායකත්වය අමතක නොකළ යුතු බවත්, සියලු දෙනාගෙන්ම ඉතිහාසය අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.