තමාව ඝාතනය කිරීමට සැලසුමක් ඇතැයි නන්දන ගුණතිලක හෙළිකරයි.. පැලවත්තට චෝදනා..
තමන් ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීම සඳහා කුමන්ත‍්‍රණයක් ක‍්‍රියාත්මක වෙමින් ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු ප්‍රධාන ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී නන්දන ගුණතිලක මහතා චෝදනා කරයි.
ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස තරග කර ඇති ඒ මහතා මේ බව සඳහන් කරමින් තම සමාජ ජාල ගිණුමේ තබා ඇති සටහන මෙසේය.
ස්වාමීන් වහන්ස , පූජක තුමනි , හිතවතුනි ,
ගතවූ වසරක කාලයේදී ජ.වි.පෙ. අභ්‍යන්තරයේ ව්‍යාජය , බොරුව , ප්‍රජාතන්ත්‍රවිරෝධී භාවිතාව , සහ ව්‍යාජ සදාචාරය ගැන ඉතා විවෘතව කරුණු හෙළිකල , හෙළිකරන , වරුණ දීප්ති රාජපක්ෂ , ප්‍රියන්ජිත් විතාරණ ( රටේ රාල ) සහ මා "ජ.වි.පෙ. ඝාතන කණ්ඩායම" සහ එහි සහයක කණ්ඩායම් යොදවා ඝාතනය කිරීම සඳහා මේ දිනවල අප පසුපස හබා එමින් සිටී.
එහි නියැලෙන සියලු පුද්ගලයන් සහ ඝාතන උපක්‍රම පිළිබඳ තොරතුරු අප සතුය.
එම ජ.වි.පෙ. ඝාතන කණ්ඩායම පෞද්ගලිකවම මෙහෙයවන්නේ ටිල්වින් සිල්වාය.
දැනට තෝරා ඇති , ඔවුන්ගේ ප්‍රධානම ඝාතන උපක්‍රමය වන්නේ මහ මගදී තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර , එය පෞද්ගලික ආරවුලකින් සිදුවූවක් ලෙස , මාලිමා පොලීසිය යොදවා තහවුරු කිරීමයි .
අනෙක් ක්‍රම ලෙස , ස්වභාවික මරණයක් ලෙස පෙනෙන ලෙස ඝාතනය කිරීමේ උපක්‍රම ගණනාවක් තෝරා ඇත.
උදාහරණ ලෙස , වසපෙවීමට සැලැස්වීම , ගමන් කරන වාහනය බරපතළ අනතුරකට ලක්කිරීම , පාතාලය සමග පෞද්ගලික ගැටුමක් ඇතිවූ සේ පෙන්වීම , උග්‍ර විෂ සහිත සර්පයකු අවුස්සා නින්දේදී ශරීරයට දැමීම ආදී උපක්‍රම රාශියක් තෝරා ඇත.
පාතාල ගැටුමක් සේ හැඟවෙන සේ වෙඩි තබා ඝාතනය කිරීම ද තවත් ක්‍රමයකි.
පොලීසියද , හමුදාවද , අධිකරණය ද , විශ්‍රාමික හමුදා , පොලිස් සෙබළුන්ද , පාතාල ගෝලයන් ද , ජ.වි.පෙ. ඝාතක කණ්ඩායමද මෙහිලා උපයෝගී කරගැනීමට ඔවුන් කල්පනා කරති.
සමස්ථ රාජ්‍ය බලය තවමත් ඔවුනට අවනත නිසා , අප ඉතා නරක ලෙසටම අනාරක්ෂිත තත්වයක සිටිමු .
අප ඉල්ලා සිටින්නේ පළමුව ඔබ මෙහි සාක්ෂිකරුවන් වන ලෙස හා දෙවනුව මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මෙන්ම මිනීමරු භාවිතාවන් පරාජය කිරීමට ඔබට හැකිපමණින් ක්‍රියාකරන ලෙසයි.
අප පසුබැසනැත , පසුබසින්නේද නැත ...!!!
අප හැම එක්ව " පැරණි දූෂිතයන්ගෙන් " මෙන්ම " නව දූෂිත , මාලිමා පැසිස්ට් ගමණින් රට ගලවාගණිමු..!!!
ඒ සඳහා ඔබ සියලු දෙනාට ධෛයය , ශක්තිය පතමු.
ජයවේවා ..!!!
- නන්දන ගුණතිලක
21.11.2025
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..