News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය විදේශ කටයුතු ඇමැති ආචාර්ය එස්. ජයශංකර් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (11දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

රුසියානු යුද වාර්තාකරු ඇන්ඩ්‍රේ රුඩෙන්කො ගේ (Andrey Rudenko) නවතම යුද වර්තාවකට අනුව රුසියානු ගුවන් හමුදාවට අළුතින්ම එක්වී ඇති ලැන්සෙට් ( Lancet ) ඩ්‍රෝන යානයක්, යුක්‍රේන ගුවන් හමුද කඳවුරක ස්ථානගත කර ඇති Su-25 ප්‍රහාරක ජෙට් යානයක නියමු කුටියට සෘජුවම පහර දී විනාශ කිරීමට සමත්ව තිබේ.

පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව පාතාලයන් විසින් අමුඅමුවේ මරාදැමූ පොලිස් පරීක්ෂන බාලේන්ද්‍ර ගැන අනුවේදනීය සටහනක් මුහුණු පොතේ පළ කර තිබේ.

ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඇති රික්තය පිරවීම සඳහා නව දේශපාලන ආඛ්‍යානයක් අවශ්‍ය බව ‍මව්බිම ජනතා පක්ෂයේ නායක ප‍්‍රකට ව්‍යාපාරික දිලිත් ජයවීර මහතා සඳහන් කරයි.

චීනයේ සයිනොපෙක් ආයතනය අඩු මිලට ඉන්ධන අලෙවි කරන විට ඛනිජ තෙල් සංස්ථාව සහ ඉන්දියන් ඔයිල් සමාගම වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීම ඉතාම අසාධාරණ බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා පවසයි.

දිවයින පුරා සිටින වෛද්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් අද (11) දිනයේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ජාත්‍යන්තරව පිළිගත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය උපාධි පාඨමාලා ශ්‍රී ලංකාවේදී පිළිගැනීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසන්නේ තැපැල් කාර්යාල හරහා සපයන මහජන සේවා පවත්වාගෙන යාමට නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගත වී ඇති බවය.

හිටපු පරිසර ඇමති නසීර් අහමඩ් මහතාගේ මන්ත්‍රී ධුරය පුරප්පාඩු වී ඇති බවට පාර්ලිමේන්තු මහ ලේකම්වරිය විසින් මැතිවරණ කොමිසන් සභාවට දැනුම් දී ඇති අතර, ඒ අනුව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මඩකලපු දිස්ත්‍රික් මනාප ලැයිස්තු අනුව මීළඟට සිටින අපේක්ෂකයා මන්ත‍්‍රීවරයෙකු පත් කිරීමට නියමිතව තිබේ.


ප්‍රධාන පුවත්

ට්‍රම්ප්ගේ ගේම් පෑලැන් එකට අනුව ජාතික බලවේගත් ගොනාට අඳින්න පුළුවන් - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ඇමරිකානු ආධිපත්‍ය ලෝකය පුරා පැතිරවීම සඳහා මුල් යුගයේදී CIA සංවිධානය යොදාගත් නමුත් වඩා දියුණු ලෙස ලෝක ප්‍රජාව ගොනාට අන්දමින් එම න්‍යාය පත්‍රය ඉදිරියට ගෙනයාම සඳහා 1961 දී USAID සංවිධානය පිහිටු වූ බවත් ඉන්පසු එම ක්‍රියාවලිය වඩා ඉලක්ක සහගතව කිරීම සඳහා 1983 NED නැමති සංවිධානය සහ ඊට අනුබද්ධ සංවිධාන ජාලය පිහිට වූ බව ජාතික සංවිධානය එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කරයි.

රටේ ආරක්ෂක තත්ත්වය ගැන විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්

රට තුළ පවතින පාතාල කල්ලි ගැටුම් පාලනය පිළිබඳ සහ රටේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙයි.

තරුණ සේවා සභාවේ කෝටි 18ක් ජනාධිපතිවරණ ඡන්ද වැඩට අරන්... කෝප් කමිටුවේදී හෙළිවෙයි

ජාතික තරුණ සේවා සභාවේ උත්සව සහ වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් වෙන්කර තිබූ රුපියල් කෝටි 18 කට වැඩි මුදලක් පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වියදම් කර ඇති බව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝප්) තොරතුරු අනාවරණය විය.

ස්වෛරීභාවය සහතික නොකර අපගේ මව්බිම වන රුසියාවේ ආරක්ෂාව, රටේ අභ්‍යන්තර සංවර්ධනය වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මානය කළ නොහැකියි-ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක නිලධරී කර්නල් නිකොලායි බෙලියන්කින්

ස්වෛරීභාවය සහතික නොකර අපගේ මව්බිම වන රුසියාවේ ආරක්ෂාව, රටේ අභ්‍යන්තර සංවර්ධනය වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මානය කළ නොහැකි බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක නිලධරී කර්නල් නිකොලායි බෙලියන්කින් මහතා පැවසීය.

මේ අය වැය IMF වට්ටෝරුවට හදපු සිරිකොතේ සුවඳ තියෙන අය වැයක් . උවිඳු විජේවීර (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව විසින් ගෙනා ආ අය වැය IMF වට්ටොරුවට හදපු සිරිකොතේ සුවඳ තියෙන අය වැයක් බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර මහතා පවසයි. ඔහු මේ අදහස් පළකලේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා මෙසේද පැවසීය.

විද්‍යා දියණියගේ ඝාතනයට ලලිත් ජයසිංහට වසර හතරක සිරදඬුවම්

ශිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂිකුමාර් හෙවත් '' ස්විස් කුමාර්'' නැමැත්තාට පැනයාමට උපකිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට වරදකරු වූ හිටපු උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ නැමැත්තාට වසර හතරක බරපතල වැඩසහිත සිරදඬුවම් සහ මුදලින් රුපියල් 50000ක දඩමුදලක් ගෙවන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. එම් මිහාර් මහතා නියම කළේය.

රනිල් පාර්ලිමේන්තුවට?

එක්සත් ජාතික පක්ෂයේ නායක සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

IMF යෝජනා අනුව අය වැය සකස් කිරීම වරදක් නොවෙයි - රවී කරුණානායක

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ යෝජනා අනුව වත්මන් ආණ්ඩුවේ පළමු අයවැය සකස්කර තිබීම වරදක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක පවසයි.

අලුත් කඩේ මිනීමැරීම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්... විපක්ෂ නායක - ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ ... මහජන ආරක්ෂක අමාත්‍ය

අලුත් කඩේ උසාවිය ඇතුළේ මිනීමැරීම ජාතික ආරක්ෂාවට සම්බන්ධ ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා, පන් මල්ලක දාගෙන ඇවිත් තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා විනාශ කරන අය වැයක් - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දේශීයව නිෂ්පාදනය කර ඇති පන් මල්ලක හෙවත් පන් ෆයිල් එකක දමාගෙන ඇවිත් කියවනු ලබුවේ IMF එකේ වැඩපිළිවෙලට අදාල ලියවිල්ලක් බවත් එමගින් මෙරට සියලුම සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන විනාශයට ඇදගෙන යන බවත් පෙරටුගාමී සමාජවොදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.