News Category
From Date
To Date
Maximum Number of Result

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව යළිත් දරන උත්සාහය පරාජය කිරීමට සියලුම ජාතික බලවේග එක්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට අදහස් දක්වමින් පවසා තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළ දත්ත ඇතුළත් වාර්තාව තම කොමිසම වෙත ලැබුණු බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

සත්‍ය සෙවීමේ කොමිෂන් සභාවක් පිහිටුවීමට පෙර ඒ තුළින් ත්‍රස්තවාදය පරාජය කිරීමට කටයුතු කළ දේශපාලන නායකයන්ට සහ රණවිරුවන්ට අත්විය හැකි ප්‍රතිඵල පිළිබඳව ගැඹුරින් සලකා බැලිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

ජනතා විමුක්ති පෙරමුණ එදා සිදුකළේ සමාජයේ සිටින තෝරාගත් පිරිසක් උරාගැනීම බවත්, නමුත් දැන් ජාතික ජන බලවේගය ලෙස සිදු කරමින් සිටින්නේ සමාජයට යහපත් දෙයක් කිරීමට කැමති සියළුම දෙනා එකතු කරගැනීම බවත් එම පක්‍ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ වියදම ගෙවන්නේ නම් පමණක් මෙරට සිදුකරන ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ජපානය දැනුම්දී ඇති බව වාර්තා වේ.

තායිවානයේ ස්වාධීනත්වය වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ හඬ නගන, පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ (ඪ්ඵ්ඵ්) ප්‍රධාන චරිතයක් වන තායිවානයේ උප ජනාධිපති ලායී චින්ග් තේ තයිවානයේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පහසු ජයග්‍රහණයක අත්පත් කරගෙන ඇත. ඒ අනුව ඔහු එළඹෙන මැයි මාසයේ සිට තායිවානයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලබයි. කෙසේ වුවද බිජිං පාලනය ඔහුව කරදරකාරයෙකු ලෙස මේ වන විට නම් කර තිබේ.

විෂ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා ආරම්භ කර ඇති ‘‘යුක්තිය‘‘ මෙහෙයුම පිළිබඳ සමාලෝචනයක් කරන ලෙසත් මානව හිමිකම් ආරක්ෂා කරමින් එම මෙහෙයුම ක්‍රියාත්මක කරන ලෙසත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව එම කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශිකා ලිස් ත්‍රොසෙල් මහත්මිය ප්‍රකාශ කරයි.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

අවලෝකිතේශ්වර නාමයෙන් පෙනී සිටිමින් දේශන පවත්වන මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය රටින් පිටවීම ඊයේ (12) තහනම් කළ අතර, ඒ සම්බන්ධයෙන් විමර්ශන කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනවල ප්‍රගතිය ඊයේ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.


ප්‍රධාන පුවත්

ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)

යුද විජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය සහ හමුදා නායකත්වය අමතක නොකළ යුතු බවත්, සියලු දෙනාගෙන්ම ඉතිහාසය අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.