දිස්ත්‍රික් 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 92ක් සඳහා තවදුරටත් නායයෑම් අනතුරු ඇඟවීම්..
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 11ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 93කට නිකුත් කර ඇති නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම, හපුතලේ, බණ්ඩාරවෙල, හැලිඇල, බදුල්ල, ලුනුගල, පස්සර, මීගහකිවුල, සොරනාතොට, වැලිමඩ, ඇල්ල, කන්දෙකැටිය සහ හල්දුමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා එම නායයෑම් රතු නිවේදන නිකුත් කර ඇති බව සඳහන්ය.
එමෙන්ම මහනුවර දිස්ත්‍රික්කයේ පන්විල, පාතදුම්බර, ගඟ ඉහළ කෝරලේ, උඩුනුවර, දොලුව, පූජාපිටිය, මිනිපේ, ගඟවට කෝරලේ, අකුරණ, පස්බාගේ කොරලේ, හතරලියද්ද, හාරිස්පත්තුව, පාතහේවාහැට, උඩුදුම්බර, තුම්පනේ, උඩපළාත, කුණ්ඩසාලේ, යටිනුවර, දොල්තොට සහ මැදදුම්බර යන ප්‍රාදේශිය ලේකම් කොට්ටාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත්කර තිබේ.
කැගල්ල දිස්ත්‍රිකයේ රඹුක්කන, මාවනැල්ල, දැරණියගල, යටියන්තොට, ගලිගමුව, වරකාපොල, රුවන්වැල්ල, අරණායක, කෑගල්ල, බුලත්කොහුපිටිය සහ දෙහිඕවිට යන ප්‍රාදේශිය කොට්ටාසවලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල, අලව්ව, නාරම්මල, මාවතගම, මල්ලවපිටිය සහ රීදීගම යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා ද නායයෑම් රතු නිවේදන නිකුත්කර ඇති බව සඳහන්ය.
මේ අතර මාතලේ දිස්ත්‍රික්කයේ විල්ගමුව, අඹන්ගඟ කෝරලේ, පල්ලෙපොළ, උකුවෙල , නාඋල, ලග්ගල - පල්ලේගම, යටවත්ත, රත්තොට සහ මාතලේ යන කොට්ඨාස මෙන්ම මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිල සහ මැදගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ඉවත් වීමේ රතු නිවේදන නිකුත් කර තිබේ.
එමෙන්ම නුවරඑළිය දිස්ත්‍රිකයේ හගුරන්කෙත, මතුරට, නුවරඑළිය, නැගෙනහිර කොත්මලේ, බටහිර කොත්මලේ, තලවකැලේ, නෝවුඩ්, අඹගමුව, නිල්දන්ඩාහින්න සහ වලපනේ මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, කුරුවිට, ගොඩකවෙල, අයගම, ඇලපාත, කහවත්ත, ඕපනායක, කොලොන්න, නිවිතිගල, බලංගොඩ, ඉඹුල්පේ, පැල්මඩුල්ල, කිරිඇල්ල, රත්නපුර සහ ඇහැළියගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස සඳහා ද ඉවත්වීමේ රතු නිවේදන නිකුත්කර ඇති බව සඳහන්ව.
මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට මෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක සහ පාදුක්ක යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ සඳහා ද නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ.
මේ අතර කළුතර, ගාල්ල, මොනරාගල සහ රත්නපුර යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට දෙවන මට්ටමේ නායෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර කොළඹ, ගම්පහ, හම්බන්තොට සහ මාතර යන දිස්ත්‍රික්වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 31ක් සඳහා පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..