News Category
From Date
To Date
Maximum Number of Result

රජයේ පාසල්වල හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල මීළඟ පාසල් වාරය පෙබරවාරි මස 5 වනදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.

කැරට් කිලෝවක මිල රුපියල් 2000 දක්වාත්, බෝංචි කිලෝවක මිල රුපියල් 1000 දක්වාත් ඉහළ යෑමට හේතුව කෘෂිකර්ම අමාත්‍යාංශය වහා හෙළි කළ යුතු බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා පවසයි.

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (16) සිට අද (17) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 1,024ක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අද (17) පෙරවරු 7.00 සිට හෙට උදෑසන 7.00 දක්වා දීපව්‍යාප්ත වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

බුදු දහමට අපහාස කිරීමේ ක්‍රියාවලිය ඉතා සංවිධානාත්මක ක්‍රියාවලියක් බවත්, මේ සඳහා කෝටි ගණනින් මුදල් විදෙස් රටවලින් ලැබෙන බවත්, පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩණය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට සමාව ප්‍රදානය කර ඔහු නිදහස් කිරීමට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් තීරණය බලරහිත කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (17) තීන්දු කළේය.

වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් තිස් පන්දහසක දීමනාව ඉල්ලමින් සිදු කරන වැඩ වර්ජනය පසුපස ජනාධිපති කාර්යාලයේ පිරිසක් සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණයේදී ආණ්ඩුව පාර්ශ්වය නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයා ලෝක වාර්තාවක් තැබීමට ඉඩ ඇති බව පිවිතුරු හෙළ උරුමය නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.

අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ විත්තිකූඩුවේ සිනාසෙමින් සිටි අවලෝකිතේෂ්වර නාමයෙන් පෙනී සිටී මහින්ද කොඩිතුවක්කු නැමැති පුද්ගලයා සම්බන්ධයෙන් අංගොඩ ජාතික මානසික වෛද්‍ය රෝහලෙන් මානසික වෛද්‍ය වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ නියෝග කළේය.


ප්‍රධාන පුවත්

ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)

යුද විජයග්‍රහණය සඳහා නායකත්වය දුන් දේශපාලන අධිකාරිය සහ හමුදා නායකත්වය අමතක නොකළ යුතු බවත්, සියලු දෙනාගෙන්ම ඉතිහාසය අමතක නොකරන ලෙස ඉල්ලා සිටින බවත් විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා පවසයි.

ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසයි.

හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී

හාල් කිලෝ එකක් ඩොලර් එකයි. පොල් ගෙඩියක් ඩොලර් එකයි. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි. අපි කාන්තා පරපුර සංවිධානය මගින් තමයි මේ මාධ්‍ය සාකච්ජාව පවත්වන්නේ. රට වටේ හිටපු කාන්තාවෝ එක මිටට එකතු කරලා ඒ කාන්තාවන්ගේ කරමතින් ජනාධිපති කෙනෙක් පත්වෙලා රට කරවන වෙලාවක ඒ කාන්තාවන්ගේ කරමතින්ම ආණ්ඩුවත් බලයට පත් කරලා රට කරවන්න අරගෙන මාස හතක් ගතවෙලා අවසන්. මාස හතක් ගතවෙලා අවසන් වෙද්දි රටපුරා විසිරී සිටින කාන්තාවෝ ලුණු හොය හොයා කඩවල් ගානේ ඇවිදින තත්ත්වයකට පත්වෙලා තියෙන වෙලාවක තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව මේ විදියට කැඳවන්නේ.

තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මහජන සම්බන්ධිකරණ අධ්‍යක්ෂ ලෙස කටයුතු කළ එමෙන්ම ප්‍රකට දේශපාලන ක්‍රියාකරුවකු වන තුසිත හල්ඔලුව යන අය ගමන් ගත් මෝටර් රථයට නාරාහෙන්පිට ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි නාරාහේන්පිට පොලිසිය පවසයි. නාරහේන්පිට කිරි මණ්ඩල මාවතේ පෞද්ගලික රෝහලක් ඉදිරිපිට දී මෙම වෙඩි තැබීම සිදු වී ඇති බවද පොලිසිය පවසයි.

ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..

16 වන ජාතික රණවිරු අනුස්මරණ උත්සවයට සමගාමිව එළඹෙන 2025 මැයි 19 වන දින ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි ජාතික රණවිරු අනුස්මරණ ස්මාරකය අසලදී පැවැත්වීමට නියමිත සැමරුම් උත්සවය සඳහා වන පෙර සූදානම පිලිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් (මැයි 16) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී පවත්වනු ලැබීය.

අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)

ඉතිහාසයේ පහළවූ කිසිම ආණ්ඩුවක් නොකළ ආකාරයේ මහා විනාශයකට මේ ආණ්ඩුව විසින් රට රැගෙන යමින් පවතින බවත්, රටේ සිංහල බෞද්ධ අනන්‍යතාව විනාශකර තුප්පහි අනාගමික දේදුනු රාජ්‍යක් බිහිකිරීමේ කටයුත්තේ ඔවුන් නියැලී සිටින බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට උත්සාහ කර ඇති ප්‍රමුඛ චීන ඛනිජ තෙල් සමාගමක් වන සිනොපෙක්, ක්‍රියාත්මක කිරීම ඉදිරියට ගෙන යාමේදී බාධකවලට මුහුණ දී සිටින බව දැනට ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛ චීන විද්වතෙක් ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා තිබේ.

යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්

යුද ජයග්‍රහණය සමරන මාසයේම රණවිරුව්න් දඩයම් කිරීම සඳහා පනතක් ගෙන ඒමට ඉකුත් 07 වැනිදා කැබිනට් අනුමැතිය ලබාදීම කණගාටුවට කරුණක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..

කැනඩාව තුළ දෙමළ ජන සංහාර ස්මාරකයක් නිර්මාණය කිරීම එරට බ්‍රැම්ප්ටන් හි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන්ගේ ඇගයීමට ලක්ව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.