News Category
From Date
To Date
Maximum Number of Result

මහජන උපයෝගිතා කොමිසමේ හිටපු සභාපති මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයෙකු වන ජනක රත්නායක මහතා ඝාතනය නොකිරීම සඳහා සංවිධානාත්මක අපරාධ කල්ලියක් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කොළඹ ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙක් පවසයි.

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තු මැතිවරණ ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාව පිළිබඳව සාකච්ඡා කිරීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවේ විශේෂ පක්ෂනායක රැස්වීමක් කැඳවා තිබේ.

ලංකා විදුලිබල මණ්ඩලය විදුලි ගාස්තු ඉහළ දැමීමට යොමුකළ තොරතුරු මේ වන විට පවතින තත්වය සමග නොගැලපෙන බවත් යාවත්කාලීන කළ තොරතුරු මේ මස 18 වැනිදාට පෙර යොමු කළ යුතු බවත් මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල විදුලිබල මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරියවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.

මැදපෙරදිග යුද ගැටුමේ බරත් ජනතාව මත පටවා ජනතාව ජනතාව තවදුරටත් අමාරුවේ නොදමන ලෙස ජාතික නිදහස් පෙරමුණේ මා‍ධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා ආණ්ඩුවට අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කර පාර්ලිමේන්තුවට පැමිණ පසුව පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායම් ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන් 19 දෙනකු සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීමට එම පක්ෂය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඊශ්‍රායලය හා හමාස් ගැටුම මුල්කර ගනිමින් ඊශ්‍රායලයට එරෙහිව කොළඹ දී සංවිධානය කර තිබූ විරෝධතාවකට මුස්ලිම් ආගමික නායකයන් පිරිසක් හා සමගි ජනබලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් එක්ව සිටි අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.

ඓතිහාසික කුරන්දි විහාරය ප්‍රතිසංස්කරණයට එරෙහිව අන්තවාදීන් පිරිසක් විසින් මුලතිව් මහේස්ත්‍රාත්වරයා යොදාගනිමින් සිදුකරන ලද අනීතික ක්‍රියාමාර්ග නැවැත්වීමට තම සංවිධානය ක්‍රියාකළ බවත්, එය සාර්ථක වීමත් සමග එම විනිසුරුවරයා වගකිව යුතු කිසිඳු පාර්ශ්වයකට නොදන්වා හොර රහසේ විදෙස් ගත වූ බවත් ජාතික උරුමයන් සුරැකීම සඳහා වූ නීතිඥ එකමුතුව පවසයි.

දකුණු ගාසා තීරය සඳහා සටන් විරාමයකට එකඟතාව පළකර ඇති බව රොයිටර්ස් පුවත් සේවය වාර්තා කරයි.


ප්‍රධාන පුවත්

ස්වෛරීභාවය සහතික නොකර අපගේ මව්බිම වන රුසියාවේ ආරක්ෂාව, රටේ අභ්‍යන්තර සංවර්ධනය වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මානය කළ නොහැකියි-ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක නිලධරී කර්නල් නිකොලායි බෙලියන්කින්

ස්වෛරීභාවය සහතික නොකර අපගේ මව්බිම වන රුසියාවේ ආරක්ෂාව, රටේ අභ්‍යන්තර සංවර්ධනය වෙනුවෙන් හිතකර කොන්දේසි නිර්මානය කළ නොහැකි බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ විශේෂ ආරක්ෂක නිලධරී කර්නල් නිකොලායි බෙලියන්කින් මහතා පැවසීය.

මේ අය වැය IMF වට්ටෝරුවට හදපු සිරිකොතේ සුවඳ තියෙන අය වැයක් . උවිඳු විජේවීර (වීඩියෝ)

වත්මන් ආණ්ඩුව විසින් ගෙනා ආ අය වැය IMF වට්ටොරුවට හදපු සිරිකොතේ සුවඳ තියෙන අය වැයක් බව දෙවන පරපුරේ නායක උවිඳු විජේවීර මහතා පවසයි. ඔහු මේ අදහස් පළකලේ ඊයේ (20) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ් මහතා මෙසේද පැවසීය.

විද්‍යා දියණියගේ ඝාතනයට ලලිත් ජයසිංහට වසර හතරක සිරදඬුවම්

ශිවලෝගනාදන් විද්‍යා පාසල් සිසුවිය අපයෝජනය කොට ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වූ මහලිංගම් ශෂිකුමාර් හෙවත් '' ස්විස් කුමාර්'' නැමැත්තාට පැනයාමට උපකිරීම සම්බන්ධයෙන් චෝදනාවන්ට වරදකරු වූ හිටපු උතුරු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් අනුරුද්ධ ජයසිංහ නැමැත්තාට වසර හතරක බරපතල වැඩසහිත සිරදඬුවම් සහ මුදලින් රුපියල් 50000ක දඩමුදලක් ගෙවන ලෙස වවුනියාව මහාධිකරණ විනිසුරු එම්. එම් මිහාර් මහතා නියම කළේය.

රනිල් පාර්ලිමේන්තුවට?

එක්සත් ජාතික පක්ෂයේ නායක සහ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මේ වසර අවසානයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පත්වීමට නියමිතව ඇතැයි විශ්වාස කටයුතු දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසේ.

IMF යෝජනා අනුව අය වැය සකස් කිරීම වරදක් නොවෙයි - රවී කරුණානායක

අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ යෝජනා අනුව වත්මන් ආණ්ඩුවේ පළමු අයවැය සකස්කර තිබීම වරදක් නොවන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රවී කරුණානායක පවසයි.

අලුත් කඩේ මිනීමැරීම ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක්... විපක්ෂ නායක - ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නෑ ... මහජන ආරක්ෂක අමාත්‍ය

අලුත් කඩේ උසාවිය ඇතුළේ මිනීමැරීම ජාතික ආරක්ෂාවට සම්බන්ධ ප්‍රශ්නයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජනාධිපතිවරයා, පන් මල්ලක දාගෙන ඇවිත් තියෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයා විනාශ කරන අය වැයක් - පෙරටුගාමී සමාජවාදී පක්ෂය

ජනාධිපති අනුර දිසානායක මහතා විසින් දේශීයව නිෂ්පාදනය කර ඇති පන් මල්ලක හෙවත් පන් ෆයිල් එකක දමාගෙන ඇවිත් කියවනු ලබුවේ IMF එකේ වැඩපිළිවෙලට අදාල ලියවිල්ලක් බවත් එමගින් මෙරට සියලුම සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදන විනාශයට ඇදගෙන යන බවත් පෙරටුගාමී සමාජවොදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පවසයි.

රුසියාව තම ආර්ථිකය කළමනාකරණය කර ඇති ආකාරය ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා හොඳ උදාහරණයකි - විමල්ගෙන් X පණිවිඩයක්

රුසියාවේ අභ්‍යන්තර නොසන්සුන්තාව වැනි ගැටළු පැවතියද එම හානිය පාලනය කරමින් ඔවුන් ආර්ථිකය කළමනාකරණය කර ඇති ආකාරය ශ්‍රී ලංකාව වැනි රටකට ඉතා හොඳ උදාහරණයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා X පණිබිඩයක් නිකුත් කරමින් පවසයි.

රාජ්‍ය සේවක වැටුප වැඩිවීමේ නිවැරදි සුත්‍රය ආර්ථික සංවර්ධන නි. ඇමැති පැහැදිලි කරයි... ශුද්ධ වැඩිවීම රු. 8250

රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රු. 15,750කින් වැඩි කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාවේදී සඳහන් කළත් රාජ්‍ය සේවක අවම මූලික වැටුප ශුද්ධ වශයෙන් වැඩි වන්නේ රු. 8250 කින් පමණයි. මෙයට හේතුව දැනට ලබාදෙන රු. 7500ක දීමනා එම රු. 15750 ක මුදලි

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.