News Category
From Date
To Date
Maximum Number of Result

අධිකරණයට අපහාස කළ යැයි චෝදනා දක්වා සිටින ආගමන හා විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට එරෙහි පැමිණිල්ලේ දඬුවම් නියම කිරීමේ තීන්දුව ප්‍රකාශ කිරීම ශ්‍රේෂ්ඨාධිකරණය කල්තබා තිබේ.

වව්නියාව, සෙට්ටිකුලම ප්‍රදේශයෙන් අත්බෝම්බ 86 ක් හා T56 උණ්ඩ 321 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ද විමර්ශන ආරම්භ කර ඇතැයි, පොලිසිය පවසයි.

සර්ව ජන බලය පක්ෂයේ වැලිගම ආසන සංවිධායක පුෂ්පකුමාර මහතා ඊයේ (24) දින අකුරැස්සේ දී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ ජාතික ජන බලවේගයේ වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී නීතිඥ තාරක නානායක්කාර මහතාගේ නිවසට වෙඩි තැබීමේ සිද්ධිය පීටුපස සිටින්නේ සමගි ජන බලවේගයේ මන්ත්‍රී ලසන්ත වික්‍රමසේකර මහතා නොව ආණ්ඩු පක්ෂයේම පිරිසක් බවට පැහැදිලි සැකයක් ඇති වී තිබෙන බවයි.

මහජන සෞඛ්‍ය පරීක්ෂක ගැමුණු සාලිය පෙරේරා මහතා විසින් අන්තර්ජාලයේ පළ කරන ලද සුවිශේෂී ලිපියක් පහතින් දක්වා තිබේ. වර්තමානයේ වාර්තාවන මරණවලට ප්‍රධානතම හේතුවක් වන පිළිකාව සම්බන්ධයෙන් මෙහි ඉතා නිවැරදි විග්‍රහයක් කර තිබේ.

'බලශක්ති - ඛනිජ සම්පත් කොල්ලය සහ ඉන්දියානු ව්‍යාප්තවාදය' විද්වත් කථිකාව 26 වැනි සෙනසුරාදා සවස 7.30ට සූම් තාක්ෂනය ඔස්සේ පැවැත් වේ.

අපවත්වී වදාල සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක ආණමඩුවේ ධම්මදස්සී හිමිපාණන්ගේ අදාහන උත්සවය අද දිනට යෙදී ඇති අතර, උන්වහන්සේගේ අපවත්වීම සම්බන්ධයෙන් ජාතික සංවිධාන එකමුතුව ශෝක පිණිවුඩයක් නිකුත්කර තිබේ.

අස්ගිරි පාර්ශ්වයේ අනුනායක කුරුණෑගල ඇත්කඳ රජමහ විහාරාධිපති අපවත්වී වදාළ ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය අද (24දා) ප.ව. 2.30ට රාජ්‍ය අනුග්‍රහය සහිතව මහනුවර අස්ගිරි ක්‍රීඩාංගණයේදී සිදුකෙරේ.

හිටපු ප්‍රධාන අමාත්‍ය සහ ටිඑම්විපී පක්ෂයේ නායක සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නොහොත් පිල්ලෙයාන් විසින් තමන්ව නීති විරෝධිව අත්අඩංගුවට ගෙන රඳවා ගෙන සිටීමට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ දින (23) තීරණය කලේය.

මිළඟ අගවිනිසුරු ධුරය සඳහා ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව විසින් ඒකමතිකව අනුමත කර තිබේ.


ප්‍රධාන පුවත්

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.