නැගෙනහිර පළාතේ වගාව බිම් හෙක්ටයාර් ලක්ෂයකට වඩා ඉවරයි..
නැගෙනහිර පළාතේ වගාව බිම් හෙක්ටයාර් ලක්ෂයකට වඩා ආපදාවෙන් විනාශ වී ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ජයන්තලාල් රත්නසේකර මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවේ පැවැසීය.
ආණ්ඩුකාරවරයා මේ බව කීවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පළාත් ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පෙරේදා රාත්‍රියේ පැවති සුම් සාකච්ඡාවේදීය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා මෙහිදී අදහස් දක්වමින් කීවේ මහනුවර සහ මාතලේ විසන්ධි වූ විදුලි බලය බොහෝ ප්‍රමාණයක් මේ වන විට යළි ස්ථාපිත කර තිබෙන බවයි.එහි ජල සැපයුම් සැපයීමේ ප්‍රශ්නයක් තවම තිබෙන බව කී ආණ්ඩුකාරවරයා මහවැලි ගඟේ ජල පොම්පාගාරයේ මඩ ඇතුලට ගොස් තිබීම ඊට හේතුව බව කීය.
ගලගෙදර, මාතලේ සහ මහියංගන මාර්ග වල එක් මං තීරුවක් බැගින් විවෘත කර තිබෙන බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දක්වමින් මධ්‍යම පළාතේ ප්‍රධාන ලේකම්වරයා කීවේ මධ්‍යම පළාතේ සෞඛ්‍ය අධ්‍යාපන, වාරිමාර්ග ඇතුළු ප්‍රධාන ක්ෂේත්‍ර වල බිඳ වැටුණු පහසුකම් යළි ස්ථාපිත කිරීම සඳහා දළ වශයෙන් මිලියන 8100ක් පමණ අවශ්‍ය වෙතියි ඇස්තමේන්තු කර තිබෙන බවයි.
ඉදිරියේදී අනිවාර්යයෙන්ම එළවළු හිඟයක් ඇතිවිය හැකි බවද මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම්වරයා මෙහිදී කීය. වයඹ ප්‍රධාන ලේකම්වරයා පැවසූයේ වී වගා බොහොමයක් නැවත වගා කිරීමට සිදු වී ඇති අතර ඒ සඳහා බිත්තර වී අවශ්‍යතාවයක් පවතින බවයි.
උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා කීවේ තම පළාතේ කුඹුරු හෙක්ටයාර් 650ක්,බඩ ඉරිඟු හෙක්ටයාර් 889 ක්,සහ අතිරේක භෝග වගා හෙක්ටයාර් 189 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් ඇති බවයි.
ඌව පළාත් ප්‍රධාන ලේකම්වරිය පැවසූයේ ඌව පළාතේ වී වගාවෙන් සියයට 20ක් පමණ ආපදා නිසා විනාශ වී ඇති බවයි. එළවළු වගා හෙක්ටයර් දස දහසකට හානි වී තිබෙන බව ද ඇය කීවාය. බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම්වරයා මෙහිදී අදහස් දක්වමින් කීවේ ගංවතුරට බස්නාහිර මාර්ග කිලෝමීටර් 142ක් පමණ යට වූ බවයි.
- ලංකාදීප
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..
සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති
18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..
ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..
එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..
ඉරානය සම්බන්ධයෙන් ඇමරිකාව ඉදිරිපත් කළ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ යෝජනාවට චීනය විරෝධය පළ කරයි.. – යළි සංවාදයට පැමිණෙන ලෙස ඉල්ලයි
ඥානසාර හිමිට පිරිනැමූ ජනාධිපති සමාව නීතියට පටහැනි බවට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක්..
නාමල් අත්අඩංගුවට ගැනීම පිටුපස ඇති දේශපාලන ගණිතය කුමක්ද?
ආනයන මුළුමනින්ම තහනම් කරන දැඩි වෙළෙඳ යුද්ධයකට ට්‍රම්ප් සැරසෙයි..
ජර්මනියේ AFD ජයග්‍රහණය යුරෝපයම වෙනස් කරයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
සරල ගිවිසුම් අත්සන් කරන්න ඉන්දීය ආරක්ෂක ඇමැති එන්නේ නෑ.. සැබෑ ගිවිසුම් වහා රටට හෙළිකරනු! - පුබුදු ජයගොඩ
"ඉන්දියාවේ ආරක්ෂක අභිමතයන්ට විරුද්ධ කිසිදු ක්‍රියාකාරකමකට ශ්‍රී ලංකා භූමිය කිසිවිටෙකත් භාවිතා කිරීමට ඉඩක් නෑ" - ජනපති අනුර ඉන්දීය ආරක්ෂක ඇමති හමුවේ පැවසු බවට එරට ආරක්ෂක අමාත්‍යංශයෙන් නිවේදනයක්..
ඉන්දු - ශ්‍රී ලංකා ගිවිසුම් තුනකට අත්සන් තබයි..
පර්සියානු බොක්කේ නෞකා රැසකට ඉරානයෙන් ප්‍රහාර..
අධිකරණයට බලපෑම්.. දේශපාලන පළිගැනීම් සහ තෝරාගත් පුද්ගලයන් ඉලක්ක කර ගනිමින් නීතිය ක්‍රියාත්මක කිරීම්.. ශ්‍රී ලංකාවට වහා මැදිහත් වන්න..- මිලින්ද රාජපක්‍ෂ ජිනීවා අමතමින් කියයි
උතුරු කොරියාව සහ රුසියාව යාකරමින් කිලෝමීටරයක් දිග පාලමක්..