

නිවැරදි විදේශ ප්‍රතිපත්තියකට අනුව ලොව සැබෑ මිතුරන් සමඟ සිටගන්නා, දේශීය නිෂ්පාදන ආර්ථිකය බිය නැතුව පණගන්වන, මෙරට කුඩා ආර්ථිකය ඉදිරි දශක කිහිපය තුළ ලොව බලසම්පන්න ආර්ථිකයක් බවට පත්කිරීමේ දැක්ම සහිත නායකත්වයක් අද රට ඉල්ලා සිටින බවත් එසේම "ලන්සි -පැපොල්" වර්ගයේ හෝ "කයිවාරු" පන්නයේ නායකත්වයන්ට රට හමුවේ වන අභියෝගය ජයගත නොහැකි බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි.

තමන්ගේ ආණ්ඩුවක් යටතේ ගණිකා වෘත්තිය නීතිගත කරන බව ඇතමුන් පවසන බවත්, ෆිදෙල් කැස්ත්‍රෝ කියුබාවේ විප්ලවයෙන් පසු හවානා නුවර ආපණශාලාවක කෑම ගනිමින් සිටිය දී කියුබාවේ ගණිකා වෘත්තිය නැති කරන බව පවසද්දී කැස්ත්‍රෝට වසදීමට සූදානම්ව සිටි ආපන ශාලාවේ සේවකයකු එම කතාව අසා කැස්ත්‍රෝට වස දීමෙන් වැළකී සිටි බවත්, ලෝකයේ සිදුවූ බලපෙරළිවලින් සිදු කළේ ගණිකා වෘත්තිය වැනි දේ නැති කිරීම මිස නීතිගත කිරීම නොවන බවත් ජානිපෙ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන ලේකම් ධුරයේ කටයුතුවලට බාධා කිරීම හෝ බාධා වන ප්‍රකාශන නිකුත් කිරීම වළක්වමින් එම පක්ෂයේ හිටපු ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට පසුගිය 08 දින නිකුත් කළ වාරණය නියෝගය ලබන 29 දින දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන්විතාන මහතා අද නියෝග කළේය.
ප්‍රධාන පුවත්
ඉතිහාසය කවදාවත් අමතක කරන්න එපා.. - යුද විජයග්‍රහණය ගැන විශ්‍රාමික මේජර් ජනරාල් ජගත් ඩයස් හෙළිකරන සංවේදී කතාව (වීඩියෝ)
යුද විජයග්රහණයට වසර 16යි..
ජනාධිපති කාර්යාල වාහන වෙන්දේසියේදී ටෙන්ඩර් මගඩියක්.. අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
හාල් කිලෝ එකක් ඩොලර් එකයි.. පොල් ගෙඩියක් ඩොලර් එකයි.. ලුණු කිලෝ එකක් ඩොලර් දෙකයි - හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීනි පාතිමා හර්ෂණී
තුසිත හල්ලොලුව ඉලක්ක කර වෙඩි තැබීමක්
ජාතික රණවිරු උළෙලට ජනපති අනුර නෑ.. අරුණ ජයසේකර මුලසුනට..
අනවශ්‍ය වියදමක් කියා නිදහස් දිනය දා ජයමංගල ගාථා නතර කළ ආණ්ඩුව දේදුනු දිනයක් වෙනුවෙන් කෝටි 30ක් වෙන්කරලා - ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යානන්ද තිරාණගම (වීඩියෝ)
ශ්‍රී ලංකාවේ සිනොපෙක් සමාගමට බාධා එල්ල වී ඇතැයි ඉහළම චීන විද්වතෙකුගෙන් මැසිවිලි
යුද ජයග්‍රහණය සමරණ මාසයේම ආණ්ඩුව රණවිරුවන් දඩයම් කිරීමේ මෙහෙයුමක.. බෙදුම්වාදීන් සතුටු කරන්න රනිල්ට කරන්න බැරිවුන දේ අනුර කරයි - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්
දෙමළ ජන සංහාරය පිළිගන්නේ නැති අය ආපහු ලංකාවට යන්නැයි කැනඩාවේ ඉන්න ලාංකිකයන්ට නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් කියලා..
