News Category
From Date
To Date
Maximum Number of Result

ආනයනික ලුණු කන්ටේනර් 400ක් පමණ කොළඹ වරායේ රේගුවේ රැඳී තිබියදී ඉන් ලුණු කන්ටේනර් 06ක් අදිසි හස්තයකින් රේගුවෙන් පිටකර ඇතැයි රේගු අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

හෝමාගම අධිකරණයේ නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් තිලිණි ප්‍රියමාලිව අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමරිකාව විසින් පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් වන සාකච්ඡා සෙසු ප්‍රබල රටවල් සමග සාපේක්ෂව සාර්ථක කරගැනීමට ශ්‍රී ලංකාවට ඇත්තේ සීමිත හැකියාවක් බව කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

ඊයේ( 27 ) වෙනිසියුලාවේ නගර සභා වලට නගරාධිපතිවරුන් 335 දෙනෙකු සහ නාගරික මන්ත්‍රීවරුන් 2,471 දෙනෙකු ඉදිරි වසර හතරක ධුර කාලය සඳහා පත් කර ගැනීම වෙනුවෙන් වෙනිසියුලානු ඡ්න්දදායකයෝ ඡන්දය ප්‍රකාශ කරනු ලැබූහ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (28) මාලදිවයිනේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්වයාමට නියමිතව තිබේ.

එක්සත් ජනපදය සමග තීරුබදු තවදුරටත් අඩුකර ගැනීම වෙනුවෙන් පැවැත්වූ සාකච්ඡා අසර්ථක වී ඇතැයි වාර්තා වී ඇති බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පැවැසීය.

රූපවාහිනි නාළිකාවක පැවැති දේශපාලන විවාදයකදී මාලිමා ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවෙන් අක්කර දහතුනක් ගැනීමේ සිද්ධියක තොරතුරු අනාවරණ විය.

ඊයේ(26) කැරකස් නුවර ඇන්ටෝනියෝ ජෝස් ද සුක්‍රේ යෙලෝ හවුස් හි පැවති ෆැසිස්ට්වාදය හේතුවෙන් බැටකෑ මව්වරුන්ගේ ජාත්‍යන්තර රැස්වීම, මාස හතරක් තිස්සේ එල් සැල්වදෝරයේ අමෙරිකානු හමුදා කඳවුරක වහල්භාවයේ වෙලී සිටි වෙනිසියුලානු ජාතිකයින් 252 දෙනෙකුගේ සහභාගීත්වයෙන් "ප්ලාසා ඩි මායෝ හි මව්වරුන්ගේ සංගමයේ" සභාපති කාමන් ඇරියස් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් ඉදිරියේදී පිහිටුවා ගන්නා ලද්දේය

රටේ පවතින දේශපාලන වියවුල් ස්වභාවය මැද ලංකාවේ මුහුදු වෙරළේ පවතින ඛනිජ සම්පත් සහ දුර්ලභ ලෝහ ඉන්දියානු සමාගම්වලට කැණීම් කටයුතු සඳහා වසර ලබාදෙන බවත්, පුණර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ජනනය සහ බෙදාහැරීමේ අංශ ඉන්දියාවේ සහ රට තුළ සිටින නොයෙකුත් ජාවාරම්කරුවන්ගේ අතට පත්වෙමින් පවතින බවත් ශ්‍රී ලංකා හරිත සංවිධානයේ සභාපති සංඛ චන්දිම අභයවර්ධන මහතා පවසයි.


ප්‍රධාන පුවත්

හුතී බලපෑම හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා යයි.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

රතු මුහුද කලාපයේ හුතී සටන්කරුවන්ගේ බලපෑම සහ ඉදිරිගමන හමුවේ යේමන හමුදා නායකයා රටින් පලා ගොස් ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පරාජය කිරීමට සියලු ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතුයි.. - විමල් වීරවංශ

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීමේ දේශපාලන දඩයම පරාජය කිරීමට අනුරාධපුරයට එන්න.. - පොහොට්ටුවේ රැළියට විමලුත් එක් වෙයි..

වර්තමාන ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව පිනවීම සඳහා ක්‍රියාත්මක කරනු ලබන දේශපාලන දඩයම, රටේ ස්වෛරීත්වය සහ ඒකීයභාවය පාවාදීමේ ක්‍රියාමාර්ග මෙන්ම ජනතා බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුන් කරමින් සිදුකරන දූෂිත පාලනය වහා පරාජය කිරීම සඳහා සියලු විරුද්ධ පක්ෂ සහ ජාතික බලවේග එකම "ජාතික න්‍යායපත්‍රයක්" වටා ගොනු විය යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසීය.

මගේ ජීවිතේට හරි සාක්ෂිකරුවකුගේ ජීවිතයට හරි හානියක් වුණොත් එහි වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.. - නීතිඥ අචලා සෙනවිරත්න

තමන්ගේ හෝ සාක්ෂිකරුවෙකුගේ ජීවිතයට යම් හානියක් සිදුවුවහොත් එහි සම්පූර්ණ වගකීම වත්මන් ආණ්ඩුව විසින් භාරගත යුතු බව නීතිඥ අචලා සෙනවිරත්න මහත්මිය අවධාරණය කරයි.

වසරේ මේ දක්වා කාලය තුළ බෝම්බ ප්‍රහාර 6ක්..

මෙම වසරේ මේ දක්වා කාලය තුළ සංවිධානාත්මක අපරාධ කල්ලි විසින් එල්ල කළ අත්බෝම්බ ප්‍රහාර 6ක් වාර්තා වී ඇති අතර, ඉන් ප්‍රහාර 3ක්ම ගල්කිස්ස පොලිස් කොට්ඨාසයෙන් වාර්තා වේ.

හවුතිවරුන් බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කරගනී..

යේමනයේ හවුති සංවිධානය රතු මුහුදේ පිහිටි වැදගත් අල්-මකා (මෝකා) වරාය නගරය සහ එහි වරායේ පාලනය අත්පත් කරගනිමින්, උපායමාර්ගික බාබ් අල්-මන්දබ් සමුද්‍ර සන්ධිය කෙරෙහි වූ තම පාලනය තවදුරටත් ශක්තිමත් කරගෙන තිබේ.

සමාජයේ වෛරය වැපිරීමට හෝ වෛරය ඇතිවන ප්‍රකාශ කිරීමට කිසිවෙකුට අයිතියක් නෑ..- ජනපති

කිසිදු ප්‍රජාවකට තම සංස්කෘතික අනන්‍යතාව නිසා බියක් හෝ අනාරක්ෂිත භාවයක් ඇති නොවන පරිදි පරිසරය සැකසීම රජයේ ප්‍රමුඛ අරමුණක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයේ නියෝජිතයන් සමග ජනාධිපති කාර්යාලයේ පැවැති හමුවකදී ප්‍රකාශ කරයි.

18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනපති පුටින් ඉන්දියාවේ නවදිල්ලි නුවරට..

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් 18 වැනි BRICS සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවේ නවදිල්ලි නුවරට පැමිණ තිබේ.

ආසියානු තරගාවලියට ලංකාවෙන් ජපානයට ලොකු පිරිසක්.. නිලධාරින් විතරක් 82ක් යනවලු..

ජපානයේ නගෝයා නුවරදී පැවැත්වීමට නියමිත 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් 238 දෙනෙකුගෙන් යුත් දැවැන්ත කණ්ඩායමක් සහභාගී කරවීමට පියවර ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ 63 වන මානව හිමිකම් වාර්තාව ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට එල්ල වූ තර්ජනයක්.. – ගෝලීය ශ්‍රී ලාංකික සංසදයෙන් නිවේදනයක්..

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරය සඳහා ඉදිරිපත් කර ඇති A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආරක්ෂාවට සහ අභ්‍යන්තර කටයුතුවලට අනිසි ලෙස මැදිහත් වීමට උත්සාහ දරන බව පවසමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසින් ජනාධිපතිවරයාගේ විශේෂ අවධානය පිණිස නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.