කුණාටුවෙන් ශ්‍රී ලංකාව ණය අර්බුදයකට..- මූඩීස් කියයි
ණය පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාව අපේක්ෂා කළ මූල්‍ය ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය, 'දිත්වා' චක්‍රවාතයෙන් සිදු වූ හානි කටයුතු සඳහා දැරීමට වන අමතර වියදම් හේතුවෙන් අභියෝගයට ලක් වනු ඇති බව මූඩීස් රේටින්ග්ස් (Moody’s Ratings) ආයතනය පවසයි.
"ආණ්ඩුවේ පවතින ජාත්‍යන්තර මූල්‍ය අරමුදල් වැඩසටහන (IMF) සහ ඊට අදාළ ප්‍රතිසංස්කරණ පිළිබඳ කැපවීම ආපසු හැරවීමක් අපි අපේක්ෂා නොකරන නමුත්, චක්‍රවාතයේ ආර්ථික බලපෑම සහ ඉන් පසුව ඇති වූ තත්ත්වය කළමනාකරණය කිරීමට යන වියදම්, ණය පැහැර හැරීමෙන් පසු අපේක්ෂිත මූල්‍ය ඒකාබද්ධතාවය අඩාල කරනු ඇතැයි" මූඩීස් ආයතනය අදහස් දක්වමින් සඳහන් කර ඇත.
'දිත්වා' හේතුවෙන් මාර්ග, පාලම්, දුම්රිය ජාල සහ විදුලිබල පද්ධති ඇතුළු තීරණාත්මක යටිතල පහසුකම්වලට දැඩි හානි සිදු විය. මෙය රට පුරා සැපයුම් දාමයන්ට සහ සමස්ත ආර්ථික ක්‍රියාකාරකම්වලට බාධා ඇති කර තිබේ.
"දැඩිම බලපෑමට ලක් වූ අංශ අතරට ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන ගාමක බලවේග වන සහ රටේ රැකියා අවස්ථාවන්ගෙන් බහුතරයක් සපයන සංචාරක කර්මාන්තය, කෘෂිකර්මාන්තය සහ නිෂ්පාදන අංශය ඇතුළත් විය හැකි බව" එම ශ්‍රේණිගත කිරීමේ ආයතනය වැඩිදුරටත් කියා සිටී.
ශ්‍රී ලංකාව මෙන්ම ඉන්දුනීසියාව , පිලිපීනය සහ වියට්නාමය යන සියලුම රටවල් භෞතික දේශගුණික අවදානම් සඳහා ඉහළ ණය නිරාවරණයක් දරයි.
එහෙත්, ශ්‍රී ලංකාවට සිය අසල්වැසි රටවලට වඩා ඔරොත්තු දීමේ හැකියාව වැඩි කිරීමට තිබෙන මූල්‍ය ධාරිතාව බෙහෙවින් දුර්වල බව" මූඩීස් පෙන්වා දෙයි.
මෙවැනි අවදානම් අවම කිරීම සඳහා ඵලදායී පාලනයක් අත්‍යවශ්‍ය වන අතර, බොහෝ විට එය ඉහළ නිරාවරණයක් ඇති කලාපවල භෞතික දේශගුණික අවදානම් අවදානම අඩු කිරීම හා බැඳී පවතී.
"මෑතකාලීන ප්‍රතිසංස්කරණ හේතුවෙන් යම් දියුණුවක් ඇති වුවද, ශ්‍රී ලංකාව සහ වියට්නාමය යන දෙරටටම පාලන නිකුත්කරු පැතිකඩ ලකුණු 4 ක් හිමි වී ඇති අතර, එයින් පෙන්නුම් කරන්නේ පාලන අවදානම් සඳහා ඉහළ ණය නිරාවරණයක් ඇති බවයි" යනුවෙන් මූඩීස් සිය අදහස් දැක්වීමේදී අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..
අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..
22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..
නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...
නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..
නාමල් අල්ලස් කොමිසමේ අත්අඩංගුවට..
කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..
ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..
සෙවනගල සීනි ෆැක්ටරිය විකුණන්න හදනවා.. උක් ටොන් 6,000ක් විනාශ වෙමින්.. - ගොවීන්ගෙන් චෝදනා
ඇෆ්ගනිස්ථානයක් බවට පත්වෙමින් ඇති නැගෙනහිර බෞද්ධ උරුමය අන්තවාදීන්ගේ ග්‍රහණයට.. - විශේෂ හෙළිදරව්වක්..
දූෂණ විරෝධී සංශෝධන පනත් කෙටුම්පතට කාරක සභා අවස්ථාවේදී සංශෝධන.. - පෙත්සම් විභාගයේ සම්පූර්ණ විස්තරය මෙන්න..
සෑම වසරකම ලෝකයේ ගොවීන්ගෙන් අඩකට ආසන්න පිරිසක් පළිබෝධනාශක විෂවීමට ලක් වෙනවා – අධ්‍යයනයක් පවසයි
නොකළ යුතු දේම කරන මේ ආණ්ඩුව කළ යුතු ,කළ හැකි දේ කරන්නේ නැහැ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
අමෙරිකානු මොන්ටානා ආරක්ෂක හමුදාවට අමතරව තුයියකොන්තලා නේටෝ හමුදාවටත් ආරාධනා කරයි..- ජාතික සංවිධානවලින් අනතුරු ඇඟවීමක්
පෙත්සම්කරුවන්ගේ නීතිඥවරුන්ට, අවස්ථාව නොදීම ගැන පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමයේ සභාපතිගේ කනස්සල්ල..