News Category
From Date
To Date
Maximum Number of Result

මහර සිද්ධිය බන්ධනාගාරය පවත්වාගෙන යාම අඩපණ කිරීමේ ක්‍රමන්ත්‍රණයක් දැයි සැකයක් මතුවන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළව ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන හදිසි ව්‍යවස්ථා සංශෝධනයට තමන්ගේ දැඩි පිළිකුල සහ විරෝධය පළ කරන බව ‘දිනන දකුණ - දක්ෂිණාංශික දේශපාලනය පුනරුත්ථාපනය කිරීමේ සාමූහිකය’ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට අපහාස වන අයුරින් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි සංවිධානය විසින් එම කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (05) පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා අධිකරණ පද්ධතිය තුළ මේ වන විට නඩු මිලියන 1.1ක් ගොඩගැසී ඇති බවට අධිකරණ අමාත්‍යාංශයේ දත්ත පෙන්වා දෙන බැවින් මෙකී නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා වන යෝජනා ලබා ගැනීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ මූලිකත්වයෙන් යෝජනාවක් ඊයේ (03) අත්සන් තබා තිබේ.

අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..

ඉරානය සමග සාකච්ඡා නැවත ආරම්භ කළ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇති පසුබිමක ඉරානය ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සදහා රජය යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනයට ජාත්‍යන්තර විනිසුරු සංගමය සිය කනස්සල්ල පළකර තිබේ.

සබරගමුව පළාතට, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක සඳහා මේ වනවිට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ආපදා මරණ 6ක් වාර්තා වී තිබේ.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.