News Category
From Date
To Date
Maximum Number of Result

දේශපාලන ඉතිහාසයේ දැවැන්තම වියදමත් අපතේ යයි.. මස්ක්ට අමෙරිකානු මැතිවරණයෙන් ප්‍රබල පසුබෑමක්..

Nov 5, 2026 at 07:47 AM
|

අමෙරිකානු මධ්‍යවාර මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂයට ජයග්‍රහණය ලබාදීම සඳහා ලෝක ධනවත්ම පුද්ගලයෙකු වන එලෝන් මස්ක් වැය කළ අමෙරිකානු ඩොලර් මිලියන 450කට ආසන්න මුදල සම්පූර්ණයෙන්ම අපතේ ගොස් ඇති බව  BBC  පුවත් සේවය වාර්තා කරයි. 

බ්‍රිතාන්‍ය පවුම් මිලියන 334කට ආසන්න වන මෙම මුදල, අමෙරිකානු මැතිවරණ ඉතිහාසයේ එක් පුද්ගලයෙකු දේශපාලන අපේක්ෂකයින් වෙනුවෙන් කළ ඉහළම මූල්‍ය ආයෝජනය වුවද, ඩිමොක්‍රටික් පක්ෂයේ දැවැන්ත පරාජය වැළැක්වීමට එය ප්‍රමාණවත් වී නැත. 

විශේෂයෙන්ම ටෙක්සාස් ප්‍රාන්තයේ සෙනෙට් ආසනයට තරග කළ රිපබ්ලිකන් අපේක්ෂකයා වෙනුවෙන් පමණක් මස්ක් ඩොලර් මිලියන 45ක් වැය කළද, අවසානයේ එම ආසනය ඩිමොක්‍රටික් අපේක්ෂකයා විසින් දිනාගැනීමට සමත් වීම ඔහුට එල්ල වූ ප්‍රබල පසුබෑමකි. 

ටෙක්සාස්ට අමතරව ඇරිසෝනා, මිචිගන්, විස්කොන්සින් සහ මිනසෝටා යන ප්‍රාන්තවල රිපබ්ලිකන් අපේක්ෂකයින් වෙනුවෙන්ද ඔහු විශාල වශයෙන් මුදල් ආයෝජනය කර තිබිණි.

රිපබ්ලිකන් පක්ෂයට බලය අහිමි වීම එලෝන් මස්ක්ගේ ව්‍යාපාරික අධිරාජ්‍යයටද දැඩි ලෙස බලපාන බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙති. ට්‍රම්ප් යළි ජනාධිපති වීමෙන් පසු SpaceX සමාගමට ඩොලර් බිලියන 10ක පමණ නව කොන්ත්‍රාත්තු හිමිව තිබුණද, ඩිමොක්‍රටික් නීති සම්පාදකයින් එම රජයේ කොන්ත්‍රාත්තු සහ ආරක්ෂක සම්බන්ධතා දැඩි විමර්ශනයකට ලක් කළ යුතුය යන ස්ථාවරයක පසුවේ. 

මීට අමතරව, කෘත්‍රිම බුද්ධි දත්ත මධ්‍යස්ථාන ඉදිකිරීම් සම්බන්ධයෙන් නව නියාමන පැනවීමේ අවදානමක් මතුව ඇති අතර, මැතිවරණයෙන් පසු අමෙරිකානු තාක්ෂණ සමාගම්වලට දැඩි නියාමන ප්‍රතිපත්තිවලට මුහුණ දීමට සිදුවනු ඇති බවට ආයෝජන විශ්ලේෂකයින් අනතුරු අඟවා ඇත.

මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු, මිලියන 241කට අධික තමාගේ X අනුගාමිකයින්ගෙන් රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය ඉල්ලා පළ කර තිබූ සටහන් සහ ඩිමොක්‍රටික් ජයග්‍රහණය ගැන තමන් තුළ ඇති කනස්සල්ල දැක්වූ පෝස්ට් කිහිපයක්ම මස්ක් විසින් ඉවත් කරගෙන තිබේ. 

ඉන් අනතුරුව ඔහු සිය අවධානය සම්පූර්ණයෙන්ම තම xAI සමාගමේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණික කටයුතු ප්‍රවර්ධනය කිරීමට යොමු කර ඇත.

සම්බන්ධිත පුවත් | Related News

රජ්‍ය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිඛෙන පෙත්සම්වලට අදාළව රජයේ ස්ථාවරය ලබන සඳුදා (09) නීතිපතිවරයා විසින් ශ්‍ර්ෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් අත්අඩංගුවේ පසුවන සැකකරුවන් පොලිස් ස්ථාන තුළදී මියයාමේ සිදුවීම් සම්බන්ධයෙන්, පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව විමර්ශනයක් පවත්වන ලෙස ඉල්ලමින් පුරවැසි සංවිධානයක් විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.
යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත මගින් පොලිසියට ලබාදී තිබූ පැය 72ක රඳවා ගැනීමේ කාල සීමාව, පැය 48 දක්වා සංශෝධනය කිරීමට රජය සූදානම් බව ජනපති අනුර කුමාර දිසානායක පවසයි.
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළ පාර්ශ්වකරුවන් නියෝජනය වන ලෙස උපදේශක සභාවක් පත් කිරීම පිළිබඳ ප්‍රසාදය පළ කරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.
නිශ්චිතව දක්වනු ලබන කාර්යයන් සඳහා TIN අංකය අනිවාර්යය අවශ්‍යතාව ක්‍රියාත්මක කිරීමට 2027 අප්‍රේල් මස පළමුවැනිදා දක්වා කල් දැමීමට තීරණය කර තිබේ.
අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැනනැගී ඇති ගැටලු සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සඳහා මැදිහත්වන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් මෙන්ම තමන් නියෝජනය කළ කොට්ඨාසයේ මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වීමට තීරණය කළ බව අතුල කළුආරච්චි මහතා නිවේදනය කරයි.
මේ දිනවල සිංහල කොටි බොහෝ සිටින බවත්, සමාජ මාධ්‍ය හරහා ඔවුන් ජාතියටත්, ආගමටත් පහර දෙමින් සිටින බවත්, කැලණියේ සාසනවංස හිමි පවසති.
ඔක්තෝබර් සිට දෙසැම්බර් කාල සීමාව සඳහා විදුලිය ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බව, ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම පවසයි.

ප්‍රධාන පුවත්

අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..

අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළ පාර්ශ්වකරුවන් නියෝජනය වන ලෙස උපදේශක සභාවක් පත් කිරීම පිළිබඳ ප්‍රසාදය පළ කරන බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහා ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යවමින් සඳහන් කර තිබේ.

අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ‍්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සම්බන්ධයෙන් දැනට පැනනැගී ඇති ගැටලු සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සඳහා මැදිහත්වන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..

ඇමෙරිකානු මධ්‍ය කාලීන මැතිවරණය කෙරෙහි ලොව පුරා දැඩි අවධානයක් යොමුව ඇති අතර, එරට අභ්‍යන්තර දේශපාලන අරගල හුදෙක් එක් රටකට සීමා නොවී මුළු මහත් ගෝලීය පද්ධතියටම සෘජු බලපෑම් එල්ල කරමින් තිබේ.

මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

ජාතික ජනබලවේගය එදා විපක්ෂයේ සිටිය දී පැවසූ කතා අද වන විට විහිළුවක් බවට පත්ව ඇති බවත්, එය දැන් රටම දන්නා කාරණයක් වී ඇති බවත් ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු මහතා පවසයි.

මධ්‍ය වාර මැතිවරණයෙන් ට්‍රම්ප් අන්ත පරාජයක් ලැබුවේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

ඇමෙරිකානු මධ්‍යවාර මැතිවරණ ප්‍රතිඵල සහ එහි පසුබිම පිළිබඳව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා Lanka Voice යූටියුබ් නාලිකාවේ වැඩසටහනකට එක්වෙමින් අදහස් දැක්වීමක් සිදුකර තිබේ.

"රටම එකට ජාතික මෙහෙයුම" පළමු සංවත්සරයේ සර්ව ආගමික වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී.. භික්ෂූන් වහන්සෙලා උපරිම ප්‍රමාණයක් සහභාගි කරවන ලෙසට දන්වා ලිපි යවයි..

"රටම එකට" ජාතික මෙහෙයුමේ පළමු සංවත්සරය නිමිත්තෙන් පැවැත්වෙන සර්ව ආගමික වැඩසටහන සහ පසුගිය වසරක කාලය තුළ රටක් වශයෙන් අත්කරගත් ජයග්‍රහණ හා ඉදිරි ගමන්මඟ පිළිබඳ සාකච්ඡාව 2026 නොවැම්බර් 05 වන දින එනම් අද දින පස්වරු 2.00 ට අරලියගහ මන්දිරයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු.20කින් ඉහළට..

ලංකා ඉන්දියන් ඔයිල් (LIOC) හා සයිනොපෙක් සමාගම් විසින් ඊයේ (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 20කින් ඉහළ නංවා තිබේ.

මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..

ලබන වසරේ සිට ඊශ්‍රායලයට ලබාදෙන වාර්ෂික ඇමෙරිකානු හමුදා ආධාර ඩොලර් බිලියන 4 නතර කරන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි. ඊශ්‍රායලයට තවදුරටත් එම මුදල් අවශ්‍ය නොවන බවත්, ඇමෙරිකානු රජයට එරෙහිව අයහපත් ප්‍රචාරයක් ගෙන යාම සඳහා එම ආධාර ප්‍රශ්නය වාමාංශික කණ්ඩායම් විසින් ප්‍රයෝජනයට ගන්නා බවත් ඔහු පවසා තිබේ.

ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..

ආසියා ශාන්තිකර කලාපීය විද්‍යුත් විකාශකයින්ගේ සංගමයේ (ABU) 63 වන මහා සමුළුව ඉකුත් ඉරිදා කොළඹදී පැවැත්වුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද සහභාගීත්වයෙනි.

අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්‍රටික් පක්ෂය දිනා ගනී..

අමෙරිකාවේ මැතිවරණයේදී සෙනෙට් සභාවේ බලය දිනා ගැනීමට ඩිමොක්‍රටික් පක්ෂය සමත්ව ඇති බව Associated Press (AP) මාධ්‍ය ජාලයේ නිල පූර්ව නිගමන උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්

රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත’ සහ ‘රාජ්‍ය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ හේතුවෙන්, ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය හරහා ලැබී ඇති ‘ජී.එස්.පී. ප්ලස්’ (GSP+) තීරුබදු සහනය අහිමිවීමේ දැඩි අවදානමක් මතුව ඇති බව හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..

සංචාරක ප්‍රවර්ධනයට බව පවසමින් රුපියල් කෝටි 10ක රජයේ මුදල් මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සත්කාරකත්වය දරන සමුළුවකට ලබාදීම පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ.

සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ ආසියානු විකාශන සංගමයේ (ABU) 63 වැනි මහා සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා මහරාජා සමූහයට අයත් MTV පෞද්ගලික සමාගමට මහජන මුදල්වලින් රුපියල් කෝටි දහයකට අධික මුදලක් ලබාදීමට රජය කටයුතු කිරීම වර්තමාන ආණ්ඩුවේ සහචර ධනවාදී ප්‍රතිපත්තිය මනාව හෙළි කරන සිදුවීමක් බවයි.

ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර පැවැති නවතම වක්‍ර සාකච්ඡා වටය කිසිදු එකඟතාවකින් තොරව අවසන් වී තිබේ. මේ හේතුවෙන් ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා පුළුල් යුද්ධයක් ඇතිවිය හැකි බවට බියක් මතුව තිබේ.

ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..

චෙම්මනි සිතුපති හින්දු සුසාන භූමියෙන් මතු වූ මිනිස් ඇටසැකිලි කොටස් පදනම් කරගෙන ගොඩනැගුණු ප්‍රවාදය මේ වන විට ගෝලීය දෙමළ බෙදුම්වාදීන්ගේ සේම ඔවුන්ගේ දේශීය නියෝජිතයන්ගේ ප්‍රධාන තුරුම්පුව වී තිබේ. මේ අතර ඒ පිළිබඳ අපූරු කතාවක් පැවසුවේ දෙමළ ප්‍රභූ දේශපාලන කුලකයට අභියෝග කරන අරුන් සිද්ධාර්ථන් ය. යාපනයේ අඩු කුලයේ දෙමළ මිනිසුන්ගේ මළ සිරුරු ආදාහනය කිරීම දෙමළ කුලීනයන් තහනම් කර තිබෙන බවත් එනිසා චෙම්මනි ප්‍රදේශයෙන් හමු වූ මෘත කලේබර තමන් නියෝජනය කරන හීන කුලයේ මිනිසුන්ගේ ඒවා විය හැකියි බවත් ඔහු පැවසීය. එහෙත් හීන කුලයේ මිනිසුන්ගේ විය හැකි මේ ඇටසැකිලි කොටස් ඔසවාගෙන ලෝකය වටේ යන්නේ දෙමළ ප්‍රභූ කුලීනයන් විසිනි. උතුරේ ප්‍රභූ සමාජයේ දේශපාලනඥයකු වූ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක ආනන්ද සංගරීගේ පුත්‍රයා වූ කැනඩා පාර්ලිමේන්තුවේ සහ ආණ්ඩුවේ ප්‍රබලයකු වන ගැරී සංගරී ඇතුළු පිරිසක් අවධාරණය කළේ චෙම්මනි ඇටසැකිලි පිළිබඳ පිළිගත හැකි ජාත්‍යන්තර පරීක්ෂණයක් අවශ්‍ය බවයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.