මහර සභාපති ඉල්ලා අස්වේ..
මහර ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරයෙන් මෙන්ම තමන් නියෝජනය කළ කොට්ඨාසයේ මන්ත්‍රී ධුරයෙන් ද ඉල්ලා අස්වීමට තීරණය කළ බව අතුල කළුආරච්චි මහතා නිවේදනය කරයි.
තම නිල සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, මෙම තීරණය කිසිසේත්ම ක්ෂණිකව ගත් එකක් නොවන බවත්, වසර කිහිපයකට පෙර සිය පක්ෂය සමඟ ඇති කරගත් දේශපාලන එකඟතාව සහ වගකීම් පිළිබඳ මනා අවබෝධයකින් යුතුව ගත් පියවරක් බවත්ය.
දූෂිත පවුල් පාලනය පරාජය කර ජනතාවාදී පාලන තන්ත්රයක් ස්ථාපිත කිරීමේ අරමුණින් මෙම දේශපාලන ගමනට එක්වූ බව සිහිපත් කරන ඒ මහතා, 2024 සැප්තැම්බර් 21 වන දින එම ඓතිහාසික ජයග්‍රහණය අත්කර ගැනීමෙන් පසු රට තුළ ස්ථාවර සංවර්ධනයක නව යුගයක් ආරම්භ වී ඇති බව පෙන්වා දෙයි.
තවද, ඉදිරි ගමන භාරගත හැකි දක්ෂ තරුණ නායකත්වයක් හා ශක්තිමත් කණ්ඩායමක් මේ වන විට බිහිව ඇති බැවින්, තමන් දැරූ වගකීම් නව පරපුරට පැවරීමට සුදුසු පසුබිමක් නිර්මාණය වී ඇති බවද ඔහු පවසයි.
සිය පෞද්ගලික වෘත්තීය කටයුතු සහ ජීවිතය නිසි පරිදි කළමනාකරණය කරගැනීම සඳහා වැඩි කාලයක් හා අවධානයක් යොමු කිරීමේ අරමුණින් මෙම ඉල්ලා අස්වීම සිදුකළ බව පවසන අතුල කළුආරච්චි මහතා, මෙය කිසිසේත්ම දේශපාලන අරමුණු අත්හැරීමක් හෝ ජනතා සේවයෙන් ඉවත්වීමක් නොවන බව දැඩිව අවධාරණය කරයි.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..
මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
මධ්‍ය වාර මැතිවරණයෙන් ට්‍රම්ප් අන්ත පරාජයක් ලැබුවේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
"රටම එකට ජාතික මෙහෙයුම" පළමු සංවත්සරයේ සර්ව ආගමික වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී.. භික්ෂූන් වහන්සෙලා උපරිම ප්‍රමාණයක් සහභාගි කරවන ලෙසට දන්වා ලිපි යවයි..
LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු.20කින් ඉහළට..
මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..
ඡන්ද ගණන් කර අවසන් වෙන්නත් පෙරම ට්‍රම්ප් ට දැවැන්ත පරාජයක්...
ජනාධිපති සහභාගී වූ ABU සමුළුවේ සත්කාරකත්වයට 'සිරස' ට ලබාදුන් රුපියල් මිලියන 104ක අනුග්‍රාහකත්වය ගැන දැඩි කතාබහක්..
අමෙරිකාවේ සෙනෙට් සභාවේ බලය ඩිමොක්රටික් පක්ෂය දිනා ගනී..
GSP+ අහිමි වීමේ ලොකු ඉඩක්.. - ජී.එල්. පීරිස්ගෙන් අනාවරණයක්
පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් සත්කාරය දරන සමුළුවකට කෝටි 10ක් ලබාදීම ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක්..
සංචාරක ප්‍රවර්ධනය වෙස්මුහුණක් පමණයි.. ඇතුළේ තියෙන්නේ සහචරයාට සැලකීමයි.. මහජන බදු මුදල්වලින් චෙවෝන් ඩැනියෙල්ගේ උපසභාපති ධුරය සමරනවාද?.. - විමල් ප්‍රශ්න කරයි..
ඇමෙරිකා-ඉරාන සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන් වෙයි.. ඇමෙරිකාව යළිත් ඉරානයට ප්‍රහාර එල්ල කළහොත් මැදපෙරදිග කලාපය පුරා යුද්ධයක් ව්‍යාප්ත වීමේ අවදානමක්..
ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය කර මරා දමා මාලය කඩාගත් සෝමරත්න රාජපක්ෂ.. දෙමළ ඩයස්පෝරාවට වීරයා වූ ද්‍රෝහියාගේ කතාව..