News Category
From Date
To Date
Maximum Number of Result

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතාගේ විශ්‍රාම ගැන්වීමේ දිනය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳව වහාම පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විමර්ශනයක් පවත්වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මහත්මිය රජයෙන් ඉල්ලා සිටියි.

වත්මන් රජය විසින් අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ගනු ලබන අදූරදර්ශී තීරණ හේතුවෙන් සමස්ත අධ්‍යාපන පද්ධතිය තුළ නැවත ආපසු හැරවිය නොහැකි මට්ටමේ දැඩි විකෘතිතා කිහිපයක් සිදුවෙමින් පවතින බව පෙන්වා දෙමින් "අධ්‍යාපනඥ විද්‍යාර්ථීන්ගේ එකමුතුව" විසින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත විශේෂ නිවේදනයක් යොමු කර තිබේ.

ගීත නිර්මාණකරුවන්ගේ සහ කලාකරුවන්ගේ හිමිකම් හා ප්‍රකාශන අයිතිය සුරක්ෂිත කිරීම සඳහා වන නීතිමය සහ පද්ධතිමය යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන සෑම අවස්ථාවකදීම, පිරිසක් අතර අනවශ්‍ය මතභේද සහ ප්‍රශ්න ඇති කිරීමට ඇතැම් පාර්ශව කටයුතු කරන බව ප්‍රකට සංගීතවේදී භාතිය ජයකොඩි මහතා පවසයි.

සත්ත්ව සුබ සාධන පනතක් ලෙසින් ආණ්ඩුව ගෙනවිත් ඇත්තේ සත්ත්ව සුබ සාධන පනතක් නොව පෙරහැර නතර කිරීමේ පනතක් බවට පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ චෝදනා කරති.

භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීම මහ බැංකුවේ පවතින දීර්ඝකාලීන අභ්‍යන්තර පාලන දුර්වලතාවල ප්‍රතිඵලයක් බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

2024 අගෝස්තු මාසයේදී දැවැන්ත විරෝධතා හමුවේ බලයෙන් පහවී ඉන්දියාවට පලා ගිය බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂීක් හසීනා (Sheikh Hasina), රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිවැරදි මාවත යළි ස්ථාපිත කිරීම සඳහා එළඹෙන දෙසැම්බර් මාසයේදී බංගලාදේශයට නැවත පැමිණීමට තීරණය කර ඇති බව ප්‍රකාශ කර තිබේ.

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ලෝකයේ දත්ත සම්බන්ධ සාකච්ඡාව දැඩිව මතුව ඇති මොහොතක වෙනත් රටවල නායකයන් තමන්ගේ කිසිඳු දත්තයක් වෙනත් රටවලට ලබාගැනීමට නොහැකි වන ලෙස ක්‍රියාකරද්දී මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් තමන්ගේ පුද්ගලික දත්ත ඉන්දියාවට දී ඩිජිටල් හැඳුනුම්පතක් සාදාගෙන එළඹෙන සැප්තැම්බරයේදී තමා ලොකු වැඩක් කළ බව පැවසීමට උත්සාහ දරණ බව ජන අරගල ව්‍යාපාරයේ මධ්‍යම කාරක සභික වසන්ත මුදලිගේ මහතා පවසයි.

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.


ප්‍රධාන පුවත්

හෙල්ල විසිකිරීමේ ඩයමන්ඩ් ලීග් කිරුළ රුමේෂ් තරංගට..

මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ඩයමන්ඩ් ලීග් (Diamond League) මලල ක්‍රීඩා තරගාවලියේ අවසන් අදියරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ දියමන්ති කිරුළ දිනාගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් විය.

අමෙරිකා ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් හෝමුස් වෙත මිසයිල ප්‍රහාර..

ඉරාන තෙල් නෞකා තුනකට එක්සත් ජනපද හමුදාව එල්ල කළ ප්‍රහාරවලට පලිගැනීමක් ලෙස, ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) නාවික හමුදාව සිරික් (Sirik) ප්‍රදේශයේ සිට හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) දෙසට මිසයිල තුනක් දියත් කර තිබේ.

22 මුල්කරගෙන හරිනි කැරැළි ගසන්නේ නැහැ.. අධිරාජ්‍යවාදී බලවේග ඊට සහාය දෙන්නේ නැහැ.. - ජාතික සංවිධානවලින් සහතිකයක්..

22 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා, එනම් තුනෙන් දෙක හෙවත් ඡන්ද 151ක් ගැනීම වැළැක්වීම සඳහා අගමැති හරිනි අමරසූරිය මහත්මිය මුල් වී තවත් 9 දෙනෙකු සමග කැරැල්ලක් ගැසීමට ඉඩ ඇති බවට පළවන මතවාද පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධානවල මතය විමසන ලදී.

නාමල්ට එරෙහි නිමල් පෙරේරාගේ සාක්‍ෂිය ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම සම්පූර්ණයෙන්ම අයුක්තිසහගත සහ නීති විරෝධී ක්‍රියාවක් බව හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

විධායක බලය අවභාවිතය සහ මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ජිනීවා වෙතින් ශ‍්‍රී ලංකාවට බරපතල නිවේදනයක්...

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් සකස් කරන ලද නවතම වාර්තාව ජිනීවාහිදී ප්‍රකාශයට පත් කර තිබේ.

නාමල් රාජපක්ෂ ලබන 18 දක්වා රිමාන්ඩ්..

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ලබන ලබන 18 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (04) නියෝග කළේය.

කතානායක ගැන වංචා දූෂණ පැමිණිල්ලට පාර්ලිමේන්තු ලොක්කෝ අල්ලස් කොමිසමේ..

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව එල්ල වී ඇති රුපියල් කෝටි 30ක (මිලියන 300ක) බරපතල මූල්‍ය අවභාවිත හා දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලධාරීන් තිදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිට තිබේ.

ගල් අඟුරු හිඟයෙන් නොරොච්චෝල අර්බුදයක.. – විදුලි උත්පාදනයට දිනකට ඩීසල් ලීටර් ලක්ෂ 14ක්..

මෙරට ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් විදුලි උත්පාදන ක්‍රියාවලිය බරපතල අර්බුදයකට ලක්ව ඇති බවත්, අවශ්‍ය ගල් අඟුරු ප්‍රමාණයෙන් මෙට්‍රික් ටොන් එක්ලක්ෂ විසිදහසක (නෞකා දෙකක පමණ) අඩුවක් පවතින බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.