මහරගම තරුණ සේවා සභාවේ ‘ජවිපෙ පන්ති පහ’ කරනවා.. බිම්ස්ටෙක් තරුණ සමුළුවට යවල තියෙන්නෙ ඇමති කාර්යමණ්ඩල සාමාජිකයන්.. - දයාසිරිගෙන් චෝදනා
මහරගම ජාතික තරුණ සේවා සභා පරිශ්‍රය ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) පක්ෂ කාර්යාලයක් බවට පත්කර ගනිමින් එහි පක්ෂයේ දේශපාලන අධ්‍යාපන 'පන්ති පහ' පවත්වන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී දැඩි චෝදනාවක් එල්ල කළේය.
පක්ෂ දේශපාලනයෙන් තොරව මෙරට තරුණ ප්‍රජාවගේ නායකත්වය සහ කුසලතා සංවර්ධනය වෙනුවෙන් පිහිටුවන ලද මෙම ආයතනය, එහි සභාපතිවරයාගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ මූලිකත්වයෙන් මෙලෙස පක්ෂග්රාහී මධ්‍යස්ථානයක් බවට පත්කිරීම සම්බන්ධයෙන් ඔහු විසින් දැඩි චෝදනා එල්ල කළේය.
එමෙන්ම ජාත්‍යන්තර බිම්ස්ටෙක් (BIMSTEC) තරුණ සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට බිම් මට්ටමේ කිසිදු දක්ෂ තරුණයකු සම්බන්ධ කර නොගත් බව මන්ත්‍රීවරයා මෙහිදී හෙළි කළේය.
අනෙකුත් රටවලින් නියම තරුණ නියෝජිතයන් සහභාගී වී සිටියදී ශ්‍රී ලංකාවෙන් ඊට යවා ඇත්තේ තරුණ කටයුතු සහ ඩිජිටල් ආර්ථිකය භාර නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පුද්ගලික ලේකම්වරුන් සහ ආණ්ඩු පක්ෂයට හිතවත් අමාත්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.
රටේ වෙනසක් කරන බව කියමින් බලයට පැමිණි පිරිස මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම ගැන විචේචනය කළ දයාසිරි ජයසේකර මහතා, අදාළ බිම්ස්ටෙක් සමුළුවට නිල වශයෙන් සහභාගී වූ කණ්ඩායමේ සිටි එකම හෝ සැබෑ බිම් මට්ටමේ තරුණ නියෝජිතයෙකුගේ නමක් පාර්ලිමේන්තුවට හෙළිදරව් කරන ලෙස විෂයභාර අමාත්‍යවරයාට අභියෝග කර සිටියේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..
හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..
“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්රටික් පක්ෂයට සැර අවවාදයක්
පැය කිහිපයකදී කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්..
ශ්රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..
කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව
ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..
මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
මධ්‍ය වාර මැතිවරණයෙන් ට්‍රම්ප් අන්ත පරාජයක් ලැබුවේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
"රටම එකට ජාතික මෙහෙයුම" පළමු සංවත්සරයේ සර්ව ආගමික වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී.. භික්ෂූන් වහන්සෙලා උපරිම ප්‍රමාණයක් සහභාගි කරවන ලෙසට දන්වා ලිපි යවයි..
LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු.20කින් ඉහළට..
මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..
ඡන්ද ගණන් කර අවසන් වෙන්නත් පෙරම ට්‍රම්ප් ට දැවැන්ත පරාජයක්...