රාජ්‍ය අංශය සමඟ මිලෙන් තරග කිරීමට නොහැකිව පෞද්ගලික සමාගම් තෙල්, ගෑස් ගෙන්වීම පවා අත්හැරලා..
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලිට්රෝ සමාගම ප්රමුඛ රාජ්‍ය අංශය පෞද්ගලික අංශයට වඩා අඩු මිලට සහ අඛණ්ඩව ඉන්ධන හා ගෑස් සැපයීම හමුවේ, එම තරගකාරීත්වයට මුහුණ දීමට නොහැකිව පෞද්ගලික සමාගම් මෙරටට නිෂ්පාදන ආනයනය කිරීම පවා නතර කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ කොළඹදී පැවති වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ, අතීතයේදී පෞද්ගලික සමාගම් මෙරට ඉන්ධන වෙළඳපොළට ඇතුළු වන අවස්ථාවේදී රාජ්‍ය අංශය පරාජය වනු ඇතැයි බොහෝ දෙනා බිය පළ කළ බවයි.
පෞද්ගලික අංශය අඩු මිලට තෙල් ලබා දී තෙල් සංස්ථාව බිඳ දමනු ඇතැයි සිතා මිල තීරණය කිරීමේ අයිතිය ඔවුන්ට නොදී පාලනය කිරීමට නීති පවා පැනවූ නමුත්, අද වන විට එම තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට පෙරළී ඇති බව හෙතෙම සඳහන් කළේය.
වර්තමානයේ පෞද්ගලික අංශයට වඩා අඩු මිලකට ඉන්ධන පාරිභෝගිකයාට ලබා දීමට තෙල් සංස්ථාව සමත්ව ඇති බවත්, ඒ අනුව මෙතෙක් 57%ක්ව පැවති ඩීසල් වෙළඳපොළේ තෙල් සංස්ථාවේ සමස්ත පංගුව 80% ඉක්මවා ඉහළ නංවා ගැනීමට හැකිවී ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය.
මේ හේතුවෙන් රාජ්‍ය අංශය සමඟ මිලෙන් තරග කිරීමට නොහැකිව පෞද්ගලික සමාගම් තෙල් මෙරටට ගෙන ඒම පවා අත්හැර දමා ඇතැයිද ඔහු කීය.
එමෙන්ම දේශීය ගෑස් වෙළඳපොළේ පවතින තත්ත්වය පිළිබඳවද පැහැදිලි කළ ජනාධිපතිවරයා, රජය සතු ලිට්රෝ ගෑස් සමාගම අඛණ්ඩව මෙන්ම පෞද්ගලික අංශයට වඩා අඩු මිලකට ගෑස් සැපයීමට සමත්ව ඇති බව පෙන්වා දුන්නේය.
පෞද්ගලික සමාගමට අඩු මිලට හෝ අඛණ්ඩව ගෑස් සැපයීමට නොහැකි වී ඇති අතර, නිසි පරිදි ගෑස් සැපයීම පැහැර හැරීම සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් අදාළ පෞද්ගලික සමාගමට එරෙහිව නඩු පවරා ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී උණුසුම් තත්ත්වයක්..
හම්බන්තොට තෙල් පිරිපහදුව අර්බුදයක: ඩොලර් බිලියන 3.7 ක ගිවිසුම අවලංගු කිරීමට නිර්දේශ..
“යුද වියදම් කපා හැර වැඩකරන ජනතාව වෙනුවෙන් වහා පෙනී සිටිනු” - සෑන්ඩර්ස්ගෙන් ඩිමොක්රටික් පක්ෂයට සැර අවවාදයක්
පැය කිහිපයකදී කොළඹට මිලිමීටර් 129ක වර්ෂාපතනයක්..
ශ්රීලනිපය පිළිගත් දේශපාලන පක්ෂයක් ලෙස සැලකිය නොහැකියි.. - මැතිවරණ කොමිසම දන්වයි..
කෝටි10 කැබිනට් තීරණය හැංගුවේ ඇයි?.. ලැබෙන ප්රතිලාභ මොනවාද?.. - ප්‍රශ්න වැලක් මතු වන තිරය පිටුපස කතාව
ප්‍රංශයේ වෘත්තීය සමිති 5ක් එක්ව රට පුරා දැවැන්ත වර්ජනයක..
අනුරාධපුර පූජාභූමි සංවර්ධනයට අදාළව උපදේශක සභාවක් පත් කිරීම ගැන ප්‍රසාදය පළ කරනවා.. - දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් ජනපතිට ලිපියක්..
අනුරාධපුර පූජා නගර සංවර්ධන ක්‍රියාවලිය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලූ සහ මහජන විරෝධය නිරාකරණය කිරීම සම්බන්ධයෙන් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්..
ඇමෙරිකානු මැතිවරණ තීන්දුව හමුවේ ලෝක දේශපාලනයේ දැවැන්ත පරිවර්තනයක්..
මාලිමාව විපක්ෂයේදී කිව්ව කතා නිසා අද විහිළුවක් වෙලා.. - ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු
මධ්‍ය වාර මැතිවරණයෙන් ට්‍රම්ප් අන්ත පරාජයක් ලැබුවේ ඇයි?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
"රටම එකට ජාතික මෙහෙයුම" පළමු සංවත්සරයේ සර්ව ආගමික වැඩසටහන අද අරලියගහ මන්දිරයේදී.. භික්ෂූන් වහන්සෙලා උපරිම ප්‍රමාණයක් සහභාගි කරවන ලෙසට දන්වා ලිපි යවයි..
LIOC හා සයිනොපෙක් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරය මිල රු.20කින් ඉහළට..
මැතිවරණ දිනයේදී ඊශ්‍රායලයට වාර්ෂිකව ලබාදෙන ඩොලර් බිලියන 4ක ආධාර නතර කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි..
ඡන්ද ගණන් කර අවසන් වෙන්නත් පෙරම ට්‍රම්ප් ට දැවැන්ත පරාජයක්...